ලැම්බෝගිනි මෝටර් රථ ඉතිහාසය
ලැම්බෝගිනි මෝටර් රථ ඉතිහාසය
ලැම්බෝගිනි මෝටර් රථ යනු ලොව පුරා මෝටර් රථ ලෝලීන් විසින් අතිශයෙන් ඇලුම්කරන සහ බෙහෙවින් ආදරය කරන මෝටර් රථයකි.මෙම මෝටර් රථ වේගය සහ විශිෂ්ඨ කාර්ය්යය සාධනය නිසා ප්‍රසිද්ධ අතර ඇදහිය නොහැකි ශෛලිය සමග නිෂ්පාදනය කර ඇත.කෙසේ වෙතත් මෙම මෝටර් රථ තමන්ගේම කීර්ති නාමයක් දිනා නැත.ඇත්ත වශයෙන්ම ලැම්බෝගිණි මෝටර් රථ පාරිභෝගික තෘප්තිය සඳහා පමණක්ම නිර්මාණය කරන ලැම්බෝගිනි සමාගම පිටුපස මහා ඉතිහාසයක් පවතී.
මෙම සමාගම ෆෙරුසියෝ ලැම්බෝගිනි (Ferrucio Lamborghini)හිටපු යුද හමුදා සාමජිකයෙකු විසින් ආරම්භ කරන ලදි.1916 දී උපත ලබන ඔහු ඕනෑම දෙයක් කිසිම අමතර කොටස් හෝ අවුද නොමැතිව සවිකිරීමේ මහත් දක්ෂතාවකින් යුතුවිය.දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ විට ඔහු මෝටර් රථ හා යතුරු පැදි අලුත්වැඩියා කරන තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ලදී.
කෙසේ වෙතත් ඔහු ඉතා කෘෂිකාර්මික ප්‍රදේශයක ජීවත් වූ බැවින් ට්‍රැක්ටර් අලුත්වැඩියාව සහ නිෂ්පාදනය කළ හැකි කෙනෙකු සඳහා දැඩි අවශ්‍යතාවයක් දැක්කේය.ඒ අනුව 1950 මැද භාගයේ ඔහු Lamborghini Trattori S.p.A. ලෙස හඳුන්වන ලද ට්‍රැක්ටර් සමාගම ස්ථාපිත කළේය.වැඩි කල් යන්න කලින් ඔහු ජනප්‍රිය වූ අතර 1960 දී ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භකර මාසයකට ට්‍රැක්ටර් 400 කට අධික නිෂ්පාදනයක් හා විකිණීම ආරම්භ කළේය.
ලැම්බෝගිනි ටැක්ටර් නිෂ්පාදනය නිසා වැඩි වන ධනයෙන් ඔහු බොහෝ මිල අධික මෝටර් රථ මිල දී ගත්තේය.ඇත්ත වශයෙන්ම 1950 අගදී ඔහු Lancias සහ Alfa Romeos වගේ මෝටර් රථ ද Maserati 3500GTs,Mercedes-Benz 300SL සහ Jaguar E-Type coupe යන මෝටර් රථ මිලදී ගන්නා ලදී.එක අවස්ථාවක දී ඔහුට සතියේ සෑම දිනකම වෙනස් වරගයේ කාර් එකක් ධාවනය කිරීමට තරම් මෝටර් රථ තිබුණේය.
වර්ෂ 1958 දී ඔහු Ferrari 250 GT මිලදී ගැනීම සඳහා ඉතාලියේ මැරනෙල්ලෝ
(Maranello)නගරය වෙත යාමට තීරණය කල අතර එහිදී ඔහු එන්සෝ ෆෙරාරි(Enzo Ferrari)හමු විය.කෙසේ වෙතත් මෙම ගමනේදී ෆෙරාරි මෝටර් රථවල දුර්වල අභ්‍යන්තර අලංකරණ ඉදිකිරීම් හා බාහිර පෙනුමෙහි කැපීපෙනෙන ගුණාංගවල බොහෝ අඩුවක් ඇති බව ලැම්බෝගිනි විශ්වාස කළේය.
මෙම දර්ශණයෙන් පසු වැඩිකල් නොගොස් Automobili Lamborghini S.p.A නීතිගත කරන ලද අතර ඉක්මනින්ම ලැම්බෝගිනි මෙතෙක් නිර්මාණය කරන ලද හොඳම කාර් හඳුන්වාදෙන ලදී.මාස හතරකට පසු ලැම්බෝගිනි වෘත්තීය නිර්මාණකරුවන් විශේෂඥ දැනුම සහ ෆෙරාරි ඉංජිනේරුවකු සමග එහි පළමු මෝටර් රථය වන Lamborghini 350GTV හඳුන්වා දෙන ලදී.
Lamborghini 350GTV ඉතා සුවිශාල ජනප්‍රියත්වයක් සහ හිතකර සමාලෝචන ගොඩක් ලැබූ නමුත් එය එසේ තිබියදීම ෆෙරැසියෝ ලැම්බෝගිනි විසින් එම මෝටර් රථය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට තීරණය කල අතර පසුව එම ප්රතිනිර්මාණ නිෂ්පාදන මාදිලිය 1964 දී ජිනීවා මෝටර් රථ ප්රදර්ශණයේදී එළිදක්වන ලදී.මේ අනුව නැවත වරක් ලැම්බෝගිනි මෝටර් රථ ගැන උනන්දුවක් ලබා දෙමින් මාධ්‍යවල ධනාත්මක විචාර සහිතව නිකුත් විය.වසරක් ගතවූ පසු වඩා බලවත් සහ විශාල එන්ජින් සමග 400GT හඳුන්වා දුන් අතර එය 350GT හට බෝහෝසේ සමාන විය.1966 දී 400GT 2 + 2 දිගු මාදලියක් ද හඳුන්වා දෙන ලදී. මෙම දිගු මාදලිය ෆැමිලි මෝටර් රථයක් ලෙස විකුණන ලද අතර මෙම විකුණුම් සමාගමේ ශ්‍රම බලකායේ සේවක සංඛ්‍යාව 170 කින් වැඩි කිරීමට ඉඩ කඩ සැලසුවේය.
1967 දී ෆෙරැසියෝ විසින් 400GT සහ 350 GT සඳහා තවත් මාදිලි ඉදිරිපත් කිරීමට තීරණය ලද අතර කෙසේ වෙතත් ඉදිරිපත් කර ඇති සැලසුම් ඔහු විසින් අනුමත කරන ලදී.එසේ තිබියදීත් සමාගම ඉතා සුවිශේෂී ආකෘතියක් වූ Miura හඳුන්වාදුන්න් අතර එය ලැම්බෝගිනි හොඳම විකුණුම් මෝටර් රථ වලින් එක් බවට පත් වූ අතර1973 දක්වා නිෂ්පාදනය කරන ලදී.
1969 දී ලැම්බෝගිනි ඒකක1200 නිෂ්පාදනය ඉක්මවූ සමාගමේ පළමු ආදර්ශ වූ ප්‍රසිද්ධ Espada නිකුත් කරන ලදී.වසර කිහිපයකට පසු එම මෝටර් රථයේ කෙටි හා ස්පෝර්ට් මාදිලය වන Jarama පළමුවරට හඳන්වාදෙන ලදී.වර්ෂ 1973 දී ලැම්බෝගිනි සමාගමේ වඩාත් හොඳින් අලෙවි වන වාහන බවට පත් වූ Countach හඳුන්වා දෙන ලදී.
කෙසේ වෙතත් එම මෝටර් රථ එකක්වත් සැලකිය යුතු විකුණුම් ප්‍රමාණයක් ගෙන ඒමට නොහැකි වූ අතර 70 දශකයේ අවසානයේ ලැමිබෝගිනි සමාගම විශාල අලාභයක් දක්වා ගමන්කල අතර වැඩි කල් යන්න කලින් බංකොලොත් විය.1978 දී සමාගම ඈවර කර භාකාරත්වය කීර්තිමත් ආහර ව්‍යවසායකයන් වූ පැට්රික් මිමරන්(Patrick Mimran)සහ ජේන්-ක්ලෝඩේ(Jean-Claude)යන අය විසින් අත්පත් කරගත්තේය.
නව පරිපාලනය විසින් ලැම්බෝගිනි සමාගම අත්පත් කරගැනීමෙන් පසු සමාගම විසින් Silhouette හි නව ප්රතිනිර්මාණ මාදලියක් 'Jalpa' යන නමින් හඳුන්වා දෙන ලදී.1984 දී ලැම්බෝගිනි 'LM002' නමින් ස්පෝර්ට් උපයෝගිතා වාහනයක් නිකුත් කරන ලදී. කෙසේ වෙතත් නව පරිපාලනයේ විවිධ උත්සාහයන් තිබියදීත් එම සමාගමට නැවත් නැගීසිටීමට නොහැකි විය.ඒ නිසා ව්‍යාපාරය පුනර්ජීවනය කිරීම සඳහා මිමරන් සහෝදරයන් විසින් විශාල හා ස්ථායී මූල්‍ය සහකරුවෙකු ලබා ගැනීමට තීරණය කර ඇත.1987 දී ලැම්බෝගිනි එවකට ඇමරිකානු ඩොලර් මිලියන 25.2 කට ක්‍රයිස්ලර් මෝටර් කෝපරේෂන් විසින් මිලට ගන්නා ලදී.එහි පුනර්ජීවනයක් ආරම්භ කිරීම සඳහා එම සමාගම සිය නව හිමිකරුවන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණයක් ලබා දෙන ලදී.1990 දශකයේ වන විට වෙළෙඳපොළහි වේගවත්ම මෝටර් රථය වූ ලැම්බෝගිනි Diablo නිදහස්කළේය.
1991 දී මෙම Diablo අති විශාල සාර්ථකත්වය ලබා ඇත.කෙසේ වෙතත් ඊට වසරකට පසු විකුණුම් කඩාවැටුණු අතර නව හිමිකරු කවුරැන්හට හෝ ලැම්බෝගිනි විකුණා එයින් නිදහස්වීමට කෙනෙකු සොයාබැලීමට පටන්ගත් අතර 1994 දී MegaTech හට මිලියන 40 කට විකුණුන ලදී.කෙසේ වෙතත් MegaTech සමාගමේ මූල්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම නොහැකි නිසා වූ ෆියට්සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී(CEO of Fiat S.p.A) බඳවා ගැනීමට තීරණය කරනලදී.
වැඩි කල් යන්න කලින් සමාගම නැවත දෙපයින් නැගීසිටින්නට විය.කෙසේ වෙතත් 1998 දී වොක්ස්වැගන් සමූහය මගින් පාලනය වන අවුඩි ඔටෝ ගෲප් මගින් ඇමරිකන් ඩොලර් මිලියන 110 කට ලැම්බෝගිනි සමාගම අත්පත් කර ගත්තේය.වර්ෂ 2001 දී ලැම්බෝගිනි Murcielago උතුරු ඇමරිකාවේ අතිවිශාල සාර්ථකත්වයක් එහි මංගල එළිදැක්වීමේ දීම ලබාගත්තේය.2003 දී නිෂ්පාදන ඒකක 14,000 කට අධික සහ වැඩියෙන්ම අලෙවියට පත් වූ, Lamborghini Gallardo හඳුන්වා දෙන ලද අතර 2011 දී Aventador හඳුන්වා දෙන ලදී.
අද වන විට ලැම්බෝගිනි සමාගම ලෝකයේ හොඳම ස්පෝර්ට්ස් මෝටර් රථ නිදවන අවුඩි ඔටෝ ගෲප් අයිතිය යටතේ ෆෙරාරි,පෝර්ෂේ සහ මර්සිඩීස් සමඟ තරඟ ලෝකයේ හොඳම සුඛෝපභෝගී ස්පෝර්ට් මෝටර් රථ නිෂ්පාදකයන් එකකි. මීට අමතරව 2015 වන විට සමාගම විසින් මෝටර් රථ 3245 ක වාර්ෂිකව නිෂ්පාදනය කර ඇති අතර 1146 කට අධික සේවක පිරිසකින් යුක්ත විය.
• ෆෙරාරි මෝටර් රථ වල තිබූ දුර්වල පාරිභෝගික සේවා හා ඝෝෂාකාරී ට්‍රැක්ටර් ග්රහණේ සිටි නිසා ලැම්බෝගිනි ආරම්භ විය.
• ලෝකයේ වේගවත්ම ලැම්බෝගිනි කාර් රථය වන Murcielago R-GT 370 370 km / h ක වේගයක් හිමිකරගෙන ඇත.
• මෙතෙක් වඩාත් මිළ අධිකම ලැම්බෝගිනිය වන Reventon ඩොලර් 1,600,000 මිළකර ඇත.
• සමාගම විසින් හඳුන්වා දී ඇති බොහෝ ලැම්බෝගිනි මෝටර් රථ ජනප්‍රිය ස්පාඤ්ඤ ජනප්‍රවාද නමින් නම් කර ඇත.
• මෙම Lamborghini Aventador සැලැස්මට කෘමියෙකුගේ හැඩය භාවිතා කර ඇත.
• ෆෙරැසියෝ ලැම්බෝගිනි අතිශයින්ම ස්පාඤ්ඤ ගොං පොර තරඟවලට ඇලුම් කල නිසා ගොනෙකුගේ රෑපයක් ලැම්බෝගිනි මෝටර් රථ ලාංඡනය සඳහා යොදාගෙන ඇත.
ලැම්බෝගිනි ඉතිහාසය දෙස බැලීමෙන් එක් දෙයක් තහවුරු කලහැකිය එනම් සමාගම ඉතා දුෂ්කර කාලවලදී ශක්තිමත්ව සිට ඇත.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
11/10/2017