නාමයෝජනා පත්‍රයක් භාරදෙන්න සම්පූර්ණ අපේක්ෂක සංඛ්‍යාව සම්පූර්ණ වෙන්න ඕන. එක් අපේක්ෂකයකු හරි අඩු නම් එම නාමයෝජනා ලැයිස්තුවම ප්‍රතිකේෂ්ප වෙනවා. කොළඹ නගර සභාවේ එහෙම දෙයක් වුනා. ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවම අවලංගු වුනා. ඒ නිසා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව පාදක කරගෙන ගාල්ල දිස්ත්‍රික්යේ සම්පූර්ණ සංධාන ලැයිස්තුවම අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වෙනවා’යයි දකුණු පලාත් සභාවේ එජප මන්ත්‍රී කරන්දෙනිය එජප සංවිධායක නීතිඥ ජයන්ත ජයවීර මහතා පැවසිය.
‘ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ නම නාමයෝජනා ලැයිස්තුවෙන් අවලංගු වෙනවා කියන්නේ ගාල්ල දිස්ත්‍රික්ය සඳහා 13 දෙනෙකු නාමයෝජනා දෙන්න ඕන . මේ නිසා අපේක්ෂක සංඛ්‍යාව 12 ක් වෙනවා, ඒ නිසා මුලු සංධානයේ එම නාමයෝජනා ලැයිස්තුවම අවලංගු කරන්න කියා ඉල්ලා සිටිනවා’ යයි නීතිඥ ජයන්ත ජයවීර මහතා පැවසූ බව අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.