ලිංගිකව එක්වීමෙන් COVID-19 බෝවෙනවද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ලිංගිකව එක්වීමෙන් COVID-19 බෝවෙනවද?

    මේ මාතෘකාව දැක්කම සමහරුන්ට හිනහත් යයි. ඒත් හිනාවෙන්න එපා මේක බොහෝ දෙනෙක් අපෙන් අහලා තිබුණ, සමාජ මාධ්‍යවල ඇතැම් තැන්වල දකින්න ලැබුණු සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි මේක දැකලා හිනාවෙන ඔබේ හිතේ වුණත් පුංචි දෙගිඩියාවක් තියෙන්න පුළුවන් "ඇත්තටම කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේශණය වෙනවද?" කියලා. අන්න ඒ සැක සංකා නිසාම තමයි මේ ලිපිය ලියන්න හිතුවේ.

    ලිංගිකව රෝග බෝවෙනවද?

    ඔව්. Sexually Transmitted Diseases එහෙමත් නැත්නම් සිංහලෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග විදිහට හඳුන්වන්නේ ඒවා තමයි. ඒ අතරින් ලොව භයානකම සහ මාරාන්තිකම රෝගය වන්නේ HIV/AIDS රෝගයයි. ඒ හැරුණම ගොනෝරියා, ලිංගික ඉන්නන්, සිපිලිස්, උපදංශය වැනි රෝග ගණනාවක් ලිංගිකව සම්ප්‍රේෂණය වීමෙන් එක්කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝවෙන්න පුළුවන්.

    ලිංගිකව බෝ වෙන රෝග එක් අයෙක්ගෙන් තවත් අයෙක්ට සම්ප්‍රේෂණය වන මාර්ග මොනවද?

    එහෙම මාර්ග ගණනාවක් තිබෙනවා. ලිංගික එක්වීමකද අනාරක්ෂිතව එක්වීම තමයි ප්‍රධාන වශයෙන්ම මේ රෝග ව්‍යාප්තියට හේතුව වෙන්නේ. ඒ කියන්නේ එක්කෝ කොන්ඩම් පැළඳීමකින් තොරව අභ්‍යන්තර ලිංගික එක්වීමක් සිදුකිරීම, නැත්නම් කොන්ඩම් භාවිතා කලත් ලිංගිකව එක්වෙන අතරතුර කොන්ඩමයට හානි සිදුවීම නිසාත් රෝගය බෝවෙන්න පුළුවන්. මෙතනදි අභ්‍යන්තර ලිංගික එක්විම් අතර පුරුෂ ලිංගය සහ ස්ත්‍රී ලිංගය එක්වීම, ගුද මාර්ගික සංසර්ගය, මුඛ සංසර්ගය වගේ අවස්ථා මගින් තමයි මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ.

    කොරෝනා හෙවත් COVID 19 රෝගය ලිංගිකව බෝ වෙන රෝගයක්ද?

    පිළිතුර නම් නැහැ කියන එක. ඒකට හේතුව තමයි කලින් සඳහන් කරපු රෝග වගේ නෙවෙයි කොරෝනා රෝගය සෙම පටල මගින් බෝවෙන වෛරස් රෝගයක් නිසා එක් අයෙක්ගෙන් තවත් අයෙක්ට බෝවෙන්නේ ආසාදිත රෝගියෙක්ගේ කැස්ස හේතුවෙන් පිටවන වෛරස් හෝ සෙම පටල කොටස් අත්වල සහ ඒ රෝගියා ස්පර්ශ කරන දේවල් මත රැඳීම නිසා තවත් අයෙක් එම වෛරසය ආශ්වාසය හෙවත් හුස්ම ගැනීම මගින්, ඇස්, මුඛය හරහා ශරීරයට ඇතුල්වෙන්න පුළුවන්. ඒත් තවමත් මේ රෝගය ලිංගිකව එක්වීමෙන්, ඒ කියන්නේ රෝගී ආසාදිතයෙක් සමග ලිංගිකව එක්වීමේදී තවත් කෙනෙක්ට ලිංගාශ්‍රිතව බෝ වෙනවද කියන එක සොයාගෙන නැහැ.

    කොරෝනා ආසාදිතයෙක් සමග ලිංගිකව එක්වීමෙන් තවත් කෙනෙක්ට රෝගය බෝවෙන්න පුළුවන්ද?

    අනිවාර්යයෙන්ම. මොකද මේක ලිංගිකව සම්ප්‍රේෂණය නොවුණත් ආසාදිත රෝගියෙක් සමග ලිංගිකව එක්වෙද්දි සිදුකරන සිප වැළඳගැනීම්, ස්පර්ශයන් වෙනුවෙන් ආසාදිත රෝගියේකට ඉතා සමීප වෙන නිසා ඕනෑම නිරෝගී පුද්ගලයෙක්ට ඒ හරහා රෝගය බෝවීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ලිංගිකව එක්වීම කෙසේ වෙතත් ආසාදිත රෝගියෙක් හෝ ඒ ලක්ෂණ සහිත රෝගියෙක්ට මීටරයකට වඩා දුරින් සිටීම සහ ඔහුට හෝ ඇයට හුදෙකලාව නිරෝධායනය වන්නට ඉඩලබාදීම සිදුකල යුතුමයි.

    යම් විදිහකින් හරි කොරෝනා ආසාදිතව ඉඳලා සම්පූර්ණයෙන්ම සුවය ලද පුද්ගලයෙක් සමග ලිංගිකව එක්වීම අවදානම්ද?

    දැනට සිදුකරලා තිබෙන වෛද්‍ය ප්‍රතිකාර හරහා ආසාදිත රෝගියෙක්ට දින 10-24 වගේ කාලයක් ඇතුලත මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් කියලා දැනගන්නට ලැබෙනවා. ඒත් සම්පූර්ණ සුවය ලැබුවත් තවත් අවම මාසයක පමණ කාලයක් රෝගීව සිටි පුද්ගලයාට තමන්ගේ නිවස තුල නිරෝධායනය වන්නට උපදෙස් ලැබෙනවා. ඒ නිසා ආසාදිතව සිට සුවය ලැබූ රෝගියෙක් සමග ලිංගිකව එක්වීම මාසයකට වඩා වැඩි කාලයකට කල්දමන එක ඇඟට ගුණයි.

    වැඩිදුර තොරතුරු https://her.lk/healthy-life/1069-is-covid-19-transmitted-by-sex
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    I don’t know if covid 19 is transmitted by sexual activities.

    But if you have covid 19, then you can totally make someone fucked up by giving covid 19 to them for sure.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    එපා නම් එපා කියාන්කො පල් හෑලි ලියන්නෙ:angry::angry:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    එපා නම් එපා කියාන්කො පල් හෑලි ලියන්නෙ:angry::angry:

    Most articles have a tldr sections. Sri Lankan’s should seriously consider adopting this method. Specially given that their average iq is almost the same as mentally disabled ones, they should understand that people will not be happy to spend a lot of time listening to what comes out of their mouths.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    Most articles have a tldr sections. Sri Lankan’s should seriously consider adopting this method. Specially given that their average iq is almost the same as mentally disabled ones, they should understand that people will not be happy to spend a lot of time listening to what comes out of their mouths.
    කියවද්දි ඇස් රිදෙන උන් පොල්කුඩුද?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,909
    8,242
    113
    Kotahena
    මේ කොහෙවත් යන හාල්පාරුවෙක් ඌ ට හිතෙන දේ ලියල සයිට් එක ට බොරදියේ ට්‍රැෆික් අදින්න හිතාගෙන. ගන්න මගුලක් නැහැ මේකෙන්

    වැඩක් ඇති දෙයක් දාපන් පොන්ස් -Rep
     
    Last edited:

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    sex krnakota vunath avama metereyaka paratharayak thaba ganeemata salakilimath venna :baffled:
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    රංජන් රාමනායක දන්නවා බෝනොවෙන විධියට කරන හැටි