ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග...(16+)

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග...(16+)

    ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග

    ලිංගිකව සම්ප්‍රේෂළණය වීම් වශයෙන් අප අරුත් දක්වන්නේ ලිංගික ඇසුර නිසා රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකු වෙත බෝවන ලිංගාශ්‍රිත රෝගයි. මෙසේ රෝග බෝවීමක් සිදු වන්නේ අනාරක්ෂිත ලිංගික සබදතා නිසාය. ශුක්‍ර තරලය, යෝනි ස්‍රාවය වැනි තරලවල වගේම ලිංගේන්ද්‍රිය හා ඒ ආශ්‍රිත පෙදෙස්වල, මුඛය, උගුර හා ගුද‍යේ මෙම ආසාදන ඇති කිරීමට මුල්වන බැක්ටීරියා හා වෛරස දැක ගැනීමට හැකිය.

    ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබෙන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන

    උපදංශය
    හර්පීස්
    ගොනෝරියා
    වෙනත් මුත්‍රා මාර්ගයේ ආසාදන
    ලිංගික ඉන්නන්
    ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වල රෝග ලක්ෂණ

    ලිංගේන්ද්‍රය ආශ්‍රිතව අසාමාන්‍යය ලෙස ස්‍රාවයන් පිටවීම (යෝනි ස්‍රාවයන් හා ලිංගික උත්තේජනයකදී නිකුත් වන ස්‍රාවයන් සාමාන්‍යය වන අතර එම නිසා ලිංගේන්ද්‍රියන් වලින් අසාමාන්‍යය ලෙස පිටවන ස්‍රාවයන් පමනක් ඊට අයත්ය). මුත්‍රා මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් එන ස්‍රාවයන්
    ලිංගේන්ද්‍රිය ආශ්‍රිත තුවාල
    ලිංගේන්ද්‍රිය ආශ්‍රිත දිය බුබුලු වැනි නෙරීම්
    ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ගැටිති හෝ වර්ධනය වීම්
    ලිංගේන්ද්‍රිය ඉදිමීම හො රතු වීම
    වෘෂණ කෝෂය ඉදිමීම
    කාන්තාවන්ගේ යටිබඩ වේදනා
    මුත්‍රා කිරීමේ දී වේදනාවක් ඇතිවීම, සහ නිතර නිතර මුත්‍රා පිටවීම වැනි මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග ලක්ෂණ
    මෙම රෝග සදහා වැඩි අවදානමක් ඇත්තේ කාටද?

    සහකරුවන්/ සහකාරියන් කීප දෙනෙකු සිටින අය, විශ්වාසය තැබිය නොහැකි අය හා අනාරක්ෂිතව අහඹු සබදතාවයන් ඇතිකර ගැනීමට ඉදිරිපත් වන්නන්
    ගණිකාවන්
    ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ රෝග ඇතිවීමට තුඩුදෙන ලිංගික හැසිරීම්

    ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ රෝගයක් ඇති අයෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම
    එක් සහකරුවෙකුට වඩා වැඩි පිරිසක් සමග ලිංගික සබදතා පැවැත්වීම
    අන් අය සමග අනාරක්ෂිත ලෙස ලිංගික සබදතා පවත්වන සහකරුවෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම
    මුදල්, තෑගි‍බෝග, ආහාර, ඉදුම් හිටුම්, වරප්‍රසාද ලබා ගැනීම සදහා ලිංගික සබදතා පැවැත්වීම.

    ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවල අයහපත් ප්‍රතිඵල

    ගොනෝරියා - රෝග ලක්ෂණ
    කාන්තාවන්ගේ
    සාමාන්‍යයෙන් කාන්තාවකට මෙම රෝගය වැලදුන විට රෝග ලක්ෂණයක් ලෙස විශේෂයක් මතු නොවුනත් යෝනි මාර්ගයෙන් පිටවන ස්‍රාවයන්, මුත්‍රා දැවිල්ල, සංසර්ගයෙන් පසු සුළු රුධිර පිටවීමක් (බිදු කීපයක්), යටි බඩේ වේදනාවක් සම්බන්ධයෙන් අපහසුතා මතුවන්නට පුළුවන.
    පුරුෂයින්
    මුත්‍රා මාර්ගයෙන් මද උකු බවක් දක්වන ලා කහ පැහැති වර්ණයට ආසන්න ස්‍රාවයක් බිදු වශයෙන් වැගිරීමට පටන් ගනියි.
    මුත්‍රා දැවිල්ලද ඒ සමගම දැකිය හැකිය.



    HIV / AIDS

    HIV යනු AIDS රෝගය (Acquired Immune Deficiency Syndrome) සාදන වෛරසයයි. HIV මගින් ක්‍රම ක්‍රමයෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලකර රෝගවලට එරෙහිව සටන් කිරීමට සිරුරට ඇති ශක්තිය හා හැකියාව අඩු කර දමයි.

    මේ රෝගයට හේතු කාරකය වන HIV ආසාදනය වුනු පුද්ගලයකුට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වසර ගණනාවක් වුවත් ජීවත් විය හැකිය. නමුත් අවසානයේ දී AIDS තත්ත්වයට මුහුණ දීමට ඔවුන්ට සිදුවේ. ඒ වන විට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වී පවතින බැවින් රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව‍ නැතිනම් රෝග වලින් ආරක්ෂා කිරීමේ හැකියාව විනාශ වී නිරෝගී පුද්ගලයන් ආසාධනය නොකරන, අවට පරිසරයේ නිරන්තරයෙන් රැදී පවතින බැක්ටීරියාවන්ගෙන් ඇතිවන ඉතා දරුණු ආසාදන තත්ත්වයන්ට ගොදුරු විය හැකිය.

    HIVද ඒක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකිනි. මේ හැරෙන්නට ආසාදිත මවගෙන් ගර්භනී අවධියේදී වැදෑමහ ඔස්සේ ද, දරු උපතේදී හෝ මව්කිරි දීමේ දී රෝගය දරුවාට බෝ විය හැක. ආසාදිත පුද්ගලයෙකු භාවිත කල ඉදිකටු, සිරින්ජර, විෂබීජහරණය නොකර තවත් අයෙකු විසින් භාවිතා කිරීම් රෝගය පැතිරෙන්නට හේතුකාරක වන තවත් ක්‍රමයකි. ආසාදිතයෙකුගේ රුධිරය පාරාවිලනයනය මගින් ද බෝ වෙතත්, සිප ගැනීම නිසා HIV ආසාදනය නොවන බව සත්‍යයකි.

    HIV/AIDS සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් බව පළමුව දැන සිටීම වැදගත්ය. නමුත් ඇන‍්ටි රෙට්රොවයිරල් තෙරපි (ante-retroviral therapy) එනම් HIV වලට එරෙහිව ක්‍රියා කරන ඖෂධ ලබා දීම මගින් රෝගය ආසාදිත වූවන්ගේ සිරුර එය පැතිරීම ප්‍රමාද කරන අතරම, AIDS රෝගීන්ගෙ සෞඛ්‍ය තත්ත්වය යහපත් කරවා ජිවිතාපේක්ෂාව වැඩි කරනු ලබයි. මෙම ඖෂධ මගින් දරු ප්‍රසූති‍යේ දී මවගෙන් දරුවාට රෝගය බෝවීම ද අවම කෙරේ. AIDS රෝගින්ටද ඇතිවන විවිධ ආසාදන තත්ත්වයන් වලදීද අවස්ථානුකූල ලෙස ප්‍රතිකාර කළ හැක.

    HIV පිළිබද සත්‍ය නම්

    සෑම පැයකදීම පුද්ගලයන් 583 දෙනෙක් HIV ආසාදානයට ගොදු‍රු වේ.
    සෑම දිනකම ආසාදිත පුද්ගලයන් 14,000ක් අලුතෙන් හදුනා ගැනේ
    සෑම පැයකදීම 333 දෙනෙක් AIDS නිසා මරණයට පත්වේ.
    සෑම දිනකදීම AIDS නිසා මිය යන සංඛ්‍යාව 8000කි.
    HIV ආසාදනයේ ස්වභාවික ඉතිහාසය
    HIV ආසාදිත පුද්ගලයෙකු රෝග ලක්ෂණ නොපෙන්වා බොහෝ කාලයක් (වසර ගණනාවක්) ජීවත් වනු ඇත. මේ කාලය තුල දී අනාරක්ෂිත ලිංගික සංසර්ගය තුලින් වෙනත් පුද්ගලයන් බොහෝ සංඛ්‍යාවක් වෙත රෝගය පැතිරවීමට ඉඩ ඇත. නමුත් කල් යාමේ දී සිරුර තුළ වෛරස ගුණනය වීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් විවිධ රෝග ලක්ෂණ ඇතිවේ


    මුඛ සංසර්ගය කෙතරම් අවදානම්ද?
    මුඛ සංසර්ගය හරහා ද HIV ආසාදනය වීමේ හැකියාවක් පවතියි. HIV ආසාදනය ශුක්‍ර තරලය හෝ වෙනත් තරලයන් මුඛයේ ඇති තුවාල, කැපුම්, සීරීම් ආදියේ ස්පර්ශ වීම තුලින් මෙලෙස රෝගය පැතිරේ. නමුත් ඛේටයේ පවතින වයිරසය සාන්ද්‍රණය ඉතා අඩු නිසා මේ ක්‍රමය මගින් රෝගය පැතිරීමේ සම්භාවිතාව අවමය.



    සමලිංගික කාන්තාවන්ට HIV වැළදීමේ අවදානමක් පවතී ද?
    HIV ආසාදිත කාන්තාවකගේ යෝනි ස්‍රාවයන්, නිරෝගී කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුළු වීමෙන් රෝගය බෝවීමේ න්‍යායික අවදානමක් පවතියි.



    අනාරක්ෂිත ගුද මාර්ගයේ සංසර්ගයෙන් HIV ආසාදනය වීමේ හැකියාව යෝනි මාර්ගික හෝ මුඛ සංසර්ගයට වඩා වැඩිද?
    අනාරක්ෂිත ගුද මාර්ගික සංසර්ගය මගින් රෝගය වැළදීමේ හැකියාව වඩාත් වැඩිය. ගුද මාර්ගය ආවරණය කරන සෛල ස්තරය යෝනි මාර්ගයේ ඇති සෛල ස්තරයට වඩා ඝණකමින් අඩු බැවින් පහසුවෙන් හානි පැමිනෙයි. එම නිසා පහසුවෙන් රුධිර වහනයක් සිදු විය හැකිය. ආසාදිත ‍රුධිරය හෝ තරලයන් නිරෝගි පුද්ගලයාගේ රුධිරය හා මිශ්‍රවීම මෙහිදී පහසුවෙන් සිදුවේ.


    පච්ච කෙටීම, සිරුර සිදුරු කිරීම, බාබර් සාප්පු ආදිය මගින් HIV පැතිරෙනවාද ?
    මේ අවස්ථාවල භාවිතා කරන උපකරණ රුධිරයෙන් අපවිත්‍ර වී, එක් පාරිභෝගියෙකුගෙන් තවත් කෙනෙක් භාවිතා කිරීමට පෙර නිසි ලෙස විෂබීජහරණය නොකලේ නම් රෝගය බෝවීමේ අවදානමක් පවතියි.
    බාබර් සාප්පුවකදී සම කැපීමකට ලක් ව ආසාදිත රුධිරය තම රුධිරය හා මිශ්‍ර වූයේ නම් හැරෙන්නට රෝගය බෝ වීමේ හැකියාවක් නැත. වර්තමානයේ භාවිත වන කැපුම් තල (බ්ලේඩ්) එක් පුද්ගලයෙකුට පමණක් භාවිතා කිරීමට නිර්දේශිත බැවින් ඒ හරහා රුධිරය ඔස්සේ සම්ප්‍රේෂණය වන HIV හා හෙපටයිටිස් වැනි රෝග බෝවීමේ අවදානමක් නැත.

    comment 1k dala rep + dunnata mama taraha wenne na.....:yes:;);)

     
    Last edited: