පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අතවර
-
-
මේවා මහ කැත වැඩ බන්
-
-
-
-
පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අතවර කළ විවාහක කාන්තාවකට උසාවියෙන් ලැබුණ දඬුවම
අවස්ථා කිහිපයකදී බාල වයස්කාර පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අතවරක් සිදුකල බවට චෝදනා ලැබූ විවාහක කාන්තාවකට චෝදනා තුනකට වසර හත බැගින්වූ බරපතල වැඩ සහිත සිර දඩුවමක් අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියම කර තිබෙනවා.
විත්තිකාරියට නියමකල සිරදඩුවමට අමතරව එක් එක් චෝදනාවන්ට රුපියල් 500 බැගන් දඩ නියමකල විනිසුරුවරයා එම දඩමුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුන බැගින්වූ ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම කළා. විත්තිකාරියට දරුවෙකු ලැබීමට සිටින බැවින් චෝදනා තුනට වෙන් වෙන්ව නියමකල වසර තුනක සිර දඩුවම එකවර ගෙවීයන අයුරින් ක්රියාමක කරන බව විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය හමුවේ පැවසුවා.
මෙසේ සිර දඩුවම් නියමවූයේ 16 කණුව අලිවංගුව පේමඩුව ලිපිනයේ පදිංචි රන්පිට දේවයලාගේ ප්රියංගිකා සමන් කුමාරී (28) යන විවාහක තරුණ කාන්තාවටය.
විත්තිකාරිය විසින් 2011 මැයි මස 20 වනදා සිට 2012 මැයි මස 18 වනදා දක්වා කාලය අතර තුරදී මහවිලච්චිය පොලිස් වසමේ පදිංචිව සිටින වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් දරුවෙකුට බරපතල ලිංගික අතවරයක් සිදුකර ලංකා දණ්ඩ නීති සංග්රහයේ 365 (ආ)2 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් සිදුකර තිබෙන බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.
දඩුවම් නියමවූ කාන්තාවගේ සැමියා යුද හමුදාවේ සේවයේ නිරතවීම නිසා මසකකට එක්වරක් පමණක් නිවසට පැමිණ ඇති බවත් විත්තිකාරීය රාත්රී කාලයේ නිදා ගැනීමට වින්දිත දරුවාගේ නිවසට ගොස් ඇති බවත් සමහර අවස්ථාවලදී කාන්තාව විසින් වින්දිත බාල වයස්කාර දරුවාව නිවසට කැදවාගෙන පැමිණ දරුවාට බරපතල ලිංගික අතවරයන් සිදුකර තිබෙන බව අධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී හෙළිවුණා.
විත්තිකාරිය පොලිසියට හා අධිකරණයට සාක්ෂි දෙමින් පවසා තිබුණේ බාල වයස්කරු විසින් විටින්විට තමන්ට ලිංගික හිරිහැරයන් සිදුකල බවයි. එහෙත් අධිකරණයේ පැවති නඩු විභාගයේදී විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් නගාතිබූ චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකිරීම සදහා පැමිණිල්ල සමත්වීම හේතුවෙන් විත්තිකාර කාන්තාව චෝදනා තුනටම වරදකරුබව නිගමනය කරන බව විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ පවසමින් ඇයට දඩුවම් නියම කෙරුණා.
Neth Gossip