ලිංගික පරමානන්දය

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    FB_IMG_1605779146865.jpg

    "ලිංගික පරමානන්දය" යෝනියේද? ලිංගයේද?
    =====================================

    පහුගිය කාලෙ porn වෙබ් අඩවි වල එක්තරා වීඩියෝවක් සංසරණය වුණා. සමහරවිට තාමත් ඇති. ඒකෙ තියෙන්නෙ කවුරුහරි කෙනෙක් ගණිකාවක් ළඟට ගිහින් කැන කතා බහක්. ගණිකාව නිරුවතින් ඇඳේ දිගා වෙලා එයා ළඟට එන ගනුදෙණුකාරයො ගැන කියනව. ඒ අනුව බොහෝ විට පේන්නෙ ඒ වීඩියෝ කරන කෙනා ගණිකාව සමඟ යම් හිතවත් කමකුත් ඇති කෙනෙක් බව.

    ඒකෙ කියන විදියට ගණිකාව ළඟට එක මනුස්සයෙක් එනවා. එයාට ඕන වෙන්නෙ ගණිකාව ලවා එයාගෙ මූණට චූ කරවගන්න. නමුත් ගණිකාව ඒකට කැමති වෙන්නෙ නෑ. "අපෝ එහෙම පුළුවන්ද?" කියලා කියනවා. අන්තිමට මේ මනුස්සයගෙ වදේ බැරි කමට "ඔයා ආපු එකේ කොන්ඩම් එකක් දාල ගහන්න. ඊට පස්සෙ මම එළියට ගිහින් චූ කරන්නම්. ඔයා බලාගෙන ඉන්න" කියල ගණිකාව කිවුවලු.

    ඕකෙන් ලංකාවෙ ලිංගික ආශ්වාදය කියන එක තියන තැන තේරුම් ගන්න පුළුවන්. ගණිකාවකගෙ සේවය ලබනවා කියන එකට සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙ කියන්නෙ "බඩුවක් ගහනවා" කියලා. ඒ කියන්නෙ මුදල් ගෙවලා පවත්වන යෝනිගත ලිංගික සංසර්ගයක් ගැන. අර මුලින් කිව්ව ගණිකාවත් කියන්නෙ "කොන්ඩම් එකක් දාල ගහන්න" කියලා. ඒ අනුව පැහැදිලිව පේන එකක් තමයි සමාජයේ බහුතරයකුත් ඒ වගේම අර ගණිකාවත් ලිංගික ආශ්වාදය තියෙන්නෙ යෝනිගත ලිංගික සංසර්ගයක කියල හිතාගෙන ඉඳීම.

    ඕනම කෙනෙකුට මුදලක් ගෙවලා ගණිකා සේවය ලබාගන්න ගියොත් මේක අත්දකින්න පුළුවන්. තමන් ආසා කරන්නෙ වෙන මොකක්හරි දේකට වුණත් ඒව කරන්න ගියොත් ගණිකාවම ඒක අතරමැද නවත්තලා තමන්ගෙ කකුල් පළල් කරලා යෝනිය පෙන්නලා "ගහන්⁣නකො" කියනවා. ඒත් ගැහුවෙ නැත්නම් "පරක්කු වෙනවා. ඉක්මනට ගහන්න" කියනවා. මුදල් අය කරන්නෙත් යෝනිගත සංසර්ගයේ යෙදෙන වාර ගණන අනුව. ගොඩක් අය කියන්නෙ "පැයයි. ෂොට් එකයි. 5000යි" වගේ කතා.

    ළඟදි හාමුදුරු කෙනෙක් බණකට කියපු කතාවක් යූටියුබ් එකේ සංසරණය වුණා. ඒකෙදි කිව්වෙ ඉස්සර පවුල් වල ළමයි පහළොව විස්ස හැදුවත් ආච්චි සීයගෙ ඇඟ හරියට දැකලා නෑ කියලා. සිරුරට නොබැඳීම ගැන පැහැදිලි කරන්න වෙන්න ඇති ඒක කියන්න ඇත්තෙ. නමුත් ඒ කතාව තුලත් තියෙන්නෙ ශ්‍රී ලාංකීය සමාජයේ ලිංගික ආශ්වාදය පිළිබඳව තියන සීමාන්තික කියවීම. ඒ අර්ථ⁣යෙන් ගත්තොත් අර ගණිකාව කියපු කතාවයි හාමුදුරුවෝ කියපු කතාවයි අතර තියෙන්නෙ බොහොම පුංචි පරතරයක්.

    ඇත්තටම ලිංගිකත්වය කියන්නෙ ඒකද? පුරුෂ ලිංගය ස්ත්‍රී යෝනියට දාල උස් පහත් වීම තුලද ලිංගිකත්වයේ පරමානන්දය තියෙන්නෙ? ඇත්තටම ඒක ප්‍රජාතන්ත්‍රවාදය තුල හැදෙන බහුතරවාදී සාවද්‍ය මතයක්. ලිංගිකත්වයේ ආශ්වාදය සාපේක්ෂයි. කිසි කෙනෙකුට අයිතියක් නෑ තව කෙනෙක් ලිංගිකත්වය වින්දනය කළ යුත්තේ මෙහෙමයි කියලා සම්මතයන් හදන්නවත් ඒ සම්මතයන් තුලට පුද්ගලයන් කොටු කරන්න.

    කෙනෙකුට හිතෙන්න පුළුවන් තවත් කෙනෙකුගෙ ලිංගික පරමානන්දය විකෘතියක් විදියට. නමුත් ඒ වින්දනයටම කැමති පිරිසක් අතර ඒක පරමානන්දය වෙනවා මිස විකෘතියක් වෙන්නෙ නෑ. එතකොට ඒක සාපේක්ෂයි. තමන් අකමැති වූ පළියට තව කෙනෙකුගෙ පරමානන්දය තහනම් කරන්න කාටවත් බෑ. මොකද ඒක කාටවත් කරදරයක් හිරිහැරයක් නොවන පරිදි තමන්ගෙ පෞද්ගලික සීමාව තුල භුක්ති විඳින නිදහසක්.

    ලිංගිකත්වයේ පරමානන්දය තියෙන තැන් කියා නිම කරන්න බෑ. කෙනෙක් ඇත්තටම යෝනිගත සංසර්ගයට කැමති වෙන්න පුළුවන්, තව කෙනෙකුට ගුද සංසර්ගය හෝ මුඛ සංසර්ගය ආශ්වාදයක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඔය හැම දේටම වඩා ස්වයං වින්දනය ආශ්වාදයක්. ඒක කෙනාගෙන් කෙනාට සරළම තැනදි පවා වෙනස්.

    තව සමහරු ඉන්න පුළුවන් එයාල ආශ්වාදයක් ලබන්නෙ ලිංගික වින්දන රටා කියල පොදුවේ හඳුනාගන්න එක ක්‍රමයකටවත් නොවන අය. ඔය උඩ කියපු ගණිකාවට හමු වුණ තමන්ගෙ මූණට චූ කරනවට කැමති කෙනා එහෙම කෙනෙක් වෙන්න පුළුවන්.

    තව කෙනෙක් කැමතියි ප්‍රදර්ශන කාමුකත්වයට. එහෙම අය ඕන තරම් දකින්න පුළුවන්. නිශ්චිත හේතුවක් නැතුව අඩුවෙන් ඇඳුම් අඳින, අඩ නිරුවත්ව හෝ නිරුවත්ව වෙරළවල්, නිවාඩු නිකේතන වල විතරක් හැසිරෙන අය පමණක් නෙමෙයි තමන්ගෙ නිවෙස් වල ඇඟේ නූල් පොටක් නැතුව ඉන්න අයත් ඉන්නවා. ඒ අයගෙ ආශ්වාදය ඒක. තව පිරිසක් තමන්ගෙ සරාගී ඡායාරූප වීඩියෝ අන්තර්ජාලයට මුදා හරිනවා. ඒව බලල ලැබෙන ප්‍රතිචාර වලින් විශාල ලිංගික ආශ්වාදයක් ලබනවා.

    ඒකම අනික් පැත්තට වෙන තැන් තියනවා. තමන්ගෙ ලිංගික සහකරුවා හෝ සහකාරිය ප්‍රදර්ශනය කරවීමෙන් තෘප්තියක් ලබන අය ඉන්නවා. ඒක වෙනස් බව ඇත්ත. හැබයි වින්දනයක්.

    තව ගොඩක් ප්‍රචලිත ක්‍රමයක් තමයි පරපීඩා හෝ ස්වපීඩා කාමුකත්වය. වේවැල් කස ආදියෙන් තව කෙනෙකුට ලිංගික ස්වරූපයක හිංසා කිරීම හෝ තමන්ට වෙන කෙනෙකු ලවා හිංසා කරවා ගැනීම. තමන්ට අසභ්‍ය හෝ අපහාසාත්මක වචනයෙන් අමතනවා ඇසීම තුල ලිංගික පරමානන්දය ලබන අය ඉන්නවා.

    ලිංගිකත්වය කියන්නෙ ගොඩක් පුළුල් ක්ෂේත්‍රයක්. ඒක තියෙන්නෙ විඳින්න. ඒක විඳින්න එක එක්කෙනා කැමති විදිය වෙනස්. කෙනෙකුට පරමානන්දය යෝනියෙ තියෙද්දි තව කෙනෙකුට ශරීරයේ වෙන තැනක තියෙන්න පුළුවන්. තව⁣ කෙනෙකුට තමන්ගෙ විරුද්ධ ලිංගිකයාගේ ශරීරය තුල ඒක නොතිබෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒක කොහොමටවත් ශරීරය තුල නොතිබී හැසිරීමක සිතුවිල්ලක කතා කරන වචනයක පමණක් තිබෙන්නට පුළුවන්.

    දියුණු සංස්කෘතීන් එක් එක් පුද්ගලයාට තමන්ගේ ලිංගික පරමානන්දය සොයාගන්නට සහ ඒක විඳින්න ඇති අයිතිය පිළිගන්නවා. අපි තවමත් පුරුෂ ලිංගය සහ ස්ත්‍රී යෝනිය තුල හිරවෙලා කවදාවත් හමු නොවන පරමානන්දයක් හොයනවා. ඒ අතින් අපි ප්‍රජාවක් විදියට හරි පවු.

    උපුටා ගැනීමකි.
     

    Attachments

    • FB_IMG_1605779146865.jpg
      FB_IMG_1605779146865.jpg
      57.6 KB · Views: 82

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඔක්කොම කියෙව්වෙ නෑ ! ලංකාවෙ කිසිම රස්සාවක් හරියට කරන්නෙ නෑ ! එහෙන් මෙහෙන් අත්ගාල වගකීමෙන් නිදහස් වෙන්න බලන්නෙ! බොක්කෙන් ජොබ් එක කරන එකෙක් ආසාවට හොයාගන්න නෑ !
     
    • Like
    Reactions: Assassin Galaa

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕවා වෑටෙන්නේ විකුර්ති ආශාවල් කියන ගොඩටද? තමන්ගේ කෑමෑත්තනේ. වෙන කෙනෙක්ට වදයක් නොවෙන තාක් කල් ඒක අවුලක් නෑ. මේකේ ත්‍රෙඩ් එකක් යනවා මිනිහෙක් පොඩි ගෑණු ළමයෙක්ට පන්සලක් ලගදඉ සරම උස්සලා උගේ අවයව ඒ ළමයට ප්‍රදර්ශණය කරන්න උත්සහා කරනවා. ඒක උගේ ආශාව වෙන්න ඈති. නමුත් ඒකෙන් අර ළමයට ඈති වෙන බලපෑම? ඒ වගේ ආශාවල් තියෙන එවුන්ට නම් ආයේ ආශාවල් නො එන්නම වෑඩේ දෙන්න ඕනේ