ලිංගික හර්පිස්

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ලිංගික හර්පිස්

ඇයි ලිංගික හර්පිස් රෝගය නිට්ටාවට සුව කල නොහැකි

attachment.php


අපි සමාජය තුල බහුලවම දකින තවත් රෝග තත්වයක් තමයි හර්පිස් ( Genital herpes ) කියන්නේ, නැත්නම් Herpes simplex කියන රෝග තත්වය. ලිංගික හර්පිස් කියලා හැඳින් වුවහොත් තමයි ඉතාම වැදගත්. මොකද හර්පිස් කියන එක සමාජය තුල ආකාර කිහිපයකින් දකිනවා.

ඉන් කිහිපයක් තමයි ලිංගික හර්පිස්, සමහර වෙලාවට අපි කියනවා කටේ ඇතිවෙන තුවාල වලට හර්පිස් කියලා. තවත් ආකාරයක් අපි කියනවා හර්පිස් සොස්ටර් කියලා. ඒ කියන්නේ අපිට කාලයක දී පැපොල රෝගය ඇතිවෙලා තිබිලා ඊට පස්සේ ( කාලයක් ගියාට පසු ) ශරීරයේ එක තැනක පමණක් බිබිලි ඇතිවෙලා හර්පිස් සොස්ටර් කියන තත්වය ඇති වෙනවා.

නමුත් මේ ලිංගිකව පැතිරෙන රෝගයක් වශයෙන් අපි කතා කරන්නේ ලිංගික හර්පිස් කියන රෝග තත්වයයි.


attachment.php




කොහොමද ලිංගික හර්පිස් ( Genital herpes ) ඇතිවෙන්නේ ?
ලිංගික හර්පිස් ඇති වෙන්නේ ලිංගික සම්බන්ධතා වලින් පමණයි. මුඛයේ ඇතිවන හර්පිස් තත්වය උෂ්ණ බිබිලි වශයෙන් අපි හඳුන්වනවා. එය ලිංගික වශයෙන් බෝවන එකක් නොවෙයි. ඒ නිසා කිසි කෙනෙක් මුඛයේ ( උෂ්ණ බිබිලි ) ඇති වෙන රෝග ලක්ෂණ හර්පිස් කියල හිතන්නට එපා. මෙම ලිංගික හර්පිස් කියන සමාජ රෝගය ඇතිකරනු ලබන්නේ වෛරසයක් මඟිනි (Herpes simplex virus). කාගේ හෝ ලිංගික අවයව වල දුටුවොත් ඒ පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි.



හර්පිස් කියන්නේ වෛරස් එකක්. එය රෝගය තියන කෙනෙකුගෙන් රෝගය නැති කෙනෙකුට බෝ වෙන්න පුළුවන් අනාරක්ෂිත ලිංගික සම්බන්ධයකදී. හැබැයි අපි සමාජය තුල මෙම රෝගය දකින්න ලැබෙනවා ඉතා විශාල වශයෙන්. ලංකාවේ අපි ඇහුවොත් මොකක්ද බහුලවම දකින්න තියෙන රෝගය මොකක්ද කියල ඒ තමයි ලිංගික හර්පිස් කියන රෝගය. මේ ලිංගික හර්පිස් කියන රෝගය ශරීරයට ඇතුල් වුවහොත් එය නිට්ටාවටම සුව කරන්න බැහැ. එය නැවත නැවතත් මතු වෙනවා. අපි කොතරම් ප්‍රතිකාර කලත් නිට්ටාවට සුව වන්නේ නැහැ.




සමාජය තුල අපි දකිනවා හර්පිස් රෝගීන්, රෝගය හට ගෙන එය සුව වී සිටිනවා. නමුත් ඒ ය දිගින් දිගටම රෝග වාහකයින් විදිහට ක්‍රියාත්මක වෙනවා. රෝගය නැති උනත් ඒ අය සමලිංගික සම්බන්ධතා පවත් වුවහොත් රෝගය බෝ වෙනවා. ඒ නිසා සමාජය තුල විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන් මෙම රෝග වාහකයෙක්. ඒ අයට රෝග ලක්ෂණ නැහැ. ඒ නිසාම ඒ ය සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධතා වල යෙදෙනවා. ඒ ලිංගික සම්බන්ධතා වල යෙදෙනවා වගේම අනිත් යට එය බෝවෙන්න පුළුවන්. මෙම රෝගය කෙනෙක් අනාරක්ෂිත ලෙස ලිංගික සම්බන්ධතා පවත්වලා දින 05ක් වගේ කෙටි කාලයක් තුල රෝග ලක්ෂණ ඇති වෙනවා.


attachment.php


ලිංගික හර්පිස් ( Genital herpes ) ආසාදිත රෝගියෙකුගේ ඇතිවිය හැකි රෝග ලක්‍ෂණ මොනවාද?
බොහොමයක් ආසාදනය වූවන්ගේ රෝග ලක්‍ෂණ ඇති නොවේ. සමහර විට එය ඉතා සුළු වශයෙන් විය හැක. සමහර රෝගීන් මෙය කුහුඹුවෙක් දෂ්ඨ කිරීමක් සේ සලකපු අවස්ථාද ඇත.



රෝග ලක්‍ෂණ ඇතිවේ නම් එය ජීවිත කාලය පුරාවට වරින් වර මතුවන අතර පළමු අවස්ථාවේදී එහි බලපෑම වැඩිපුරම දැකිය හැක. සාමාන්‍යයෙන් වෛරසය ආසාදනය වී දින 2 සිට සති 2ක කාලය තුල මුලින්ම රෝග ලක්‍ෂණ ඇතිවිය හැක. එම ලක්‍ෂණ නම්,

උණ ගැනීම.

ඇගට පණ නැති ගතිය.

කෑම ප‍්‍රියතාව අඩුවීම.

හන්දි අමාරුව.

මාංශ පේශී වල වේදනාව.

ඉකිලි ප‍්‍රදේශයේ කුද්දැටි ඉදිමීම.


attachment.php

ලිංගික අවයව ආශ‍්‍රිතව

කුඩා දියර පිරුණු ගෙඩි ඇතිවීම. (මෙම දියර පැහැදිලි හෝ බොර පැහැයක් ගත හැක.) මේවා වෘෂණ කෝෂ වල, පිරිමි ලිගුව, ගුද මාර්ගය, කලවා ප‍්‍රදේශයේ හෝ තට්ටමේද ස්ත‍්‍රීන්ගේ යෝනි මාර්ගයේද, යෝනි තොල් වලද ඇතිවේ.

මීට අමතරව මුඛය, අත්, ඇස්, තොල් යන සෑම තැනකම ඇතිවිය හැක.

මෙම දියරමය ගෙඩි ඇතිවීමට ප‍්‍රථම එම ප‍්‍රදේශයේ නලියන ස්වභාවයත් දැවිල්ල, කැසීම හා කැක්කුමද ඇතිවේ. ඉන්පසු ඇතිවන දියරමය ගෙඩි පුපුරා යන අතර ඉන් හටගන්නා තුවාල ඉතාමත් වේදනාකාරී වේ.

මේවා සති 2ක් පමණ යන විට සුවවේ. මේ සමඟ මුත‍්‍රා දැවිල්ලද, ස්ත‍්‍රීන්ගේ යෝනි මාර්ගයෙන් වැඩිපුර ස‍්‍රාවයන් ගැලීමද සිදුවේ.

මේ ආකාරයට සති හෝ මාස ගණනකට පසු නැවත ඇති වන අතර නමුත් මෙහිදී එන ලක්‍ෂණ මුලදී තරම් දරුණු නොවනු ඇත.

මෙහිදී ඇති භයානකම තත්වය වනුයේ මෙම වෛරසය ස්නායු ඇතුලට ගොස් ජීවිත කාලය පුරාවටම එහි තිබීමයි. එම ස්නායු තුළ ඇති හර්පිස් වෛරසය විවිධ අවස්ථාවලදී රෝග ලක්‍ෂණ ඇති කරයි.

attachment.php

ශරීරයේ යම් දුර්වලතා.

ලිංගික ප‍්‍රදේශයේ ඇතිවන තුවාල.

මානසික ආතතිය.

ස්ත‍්‍රීන්ගේ මාස් ශුද්ධිය සිදුවීම හා ගැබ්ගැනීම වැනි අවස්ථාවලදී නැවත රෝගය මතුවීමේ සම්භාවිතාව වැඩිය.




කෙසේ නමුත් මෙම රෝගය ඇති වූ කෙනෙක් ප්‍රතිකාර ගත යුතුමයි. ප්‍රතිකාර ගැනීමෙන් නිට්ටාවට සුව නොවුනත් ඒ අයට ඇති වන අපහසුතා මග හැර ගන්න පුළුවන්. අපි විශේෂයෙන්ම කල යුතුයි ලිංගික අවයව සහ අනෙකුත් ප්‍රදේශ පිරිසිදුව තබා ගත යුතුයි. නිතරම ලුණු වතුරින් සේදීම සහ එයට නියමිත ප්‍රති වෛරස ඖෂධ වර්ග ආලේප වර්ග භාවිතා කල යුතුයි.



දින කිහිපයක් යන විට රෝග ලක්ෂණ නැති වී යනවා. අපි ප්‍රතිකාර නොකර සිටියත් සති 2ක් පමණ යන විට ඒ තුවාල සනීප වෙන්න පුළුවන්. නමුත් ඒ අයගෙන් දිගින් දිගටම තවත් කෙනෙකුට මෙම රෝගය බෝ වෙනවා සහ නැවතත් යතා කාලයේදී රෝගය මතු වෙන්නට පුළුවන්. අද මෙම රෝගය ඔබට වැළඳුනොත් සමහරවිට මාස 5කින් හෝ අවුරුදු 10කින් 15කින් හෝ මෙම රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්.

රෝග ලක්ෂණ මතු වෙන්නේ විවිධාකාර දේවල්. සමහර විට මානසික පීඩනයක් ඇති වෙනවා නම්, එහෙම නැත්නම් වෙනත් රෝග ලක්ෂණයක් ඇති වුනොත්, මොකක්හරි හේතුවක් නිසා නැවතත් රෝගය මතු වන්නට පුළුවන්.


source http://thewoman.lk/genital-herpes-social-disease/
 

Attachments

  • herpes-thewoman.lk-3-768x432.jpg
    herpes-thewoman.lk-3-768x432.jpg
    52.3 KB · Views: 3,562
  • herpes-thewoman.lk_-768x418.jpg
    herpes-thewoman.lk_-768x418.jpg
    34.9 KB · Views: 1,563
  • herpes-thewoman.lk-7.jpg
    herpes-thewoman.lk-7.jpg
    49.3 KB · Views: 1,837
  • herpes-thewoman.lk-6.jpg
    herpes-thewoman.lk-6.jpg
    40.2 KB · Views: 1,025
  • images.jpg
    images.jpg
    32.1 KB · Views: 3,143
  • Like
Reactions: EGhewg5

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැදෙන්න කලින් ඉන්ජෙක්ෂන් එක ගැහුවම ඕක හැදෙන්නෙ නෑ කියන්නෙ අැත්තද
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕක තමා ලංකාවේ වැඩියෙන්ම තියෙන ලිංගික රෝගය.කරන දෙයක් පරිස්සමෙන්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක තමා ලංකාවේ වැඩියෙන්ම තියෙන ලිංගික රෝගය.කරන දෙයක් පරිස්සමෙන්.

    Americawe adult ungen 4n ekakata oka tynwalu:baffled: