බොහෝ යුරෝපීය විශ්ව විද්‍යාල වල මෙන් ලිංගික නිදහසද තිබූ නිසා ඔවුන් අතර පර පීඩක චර්‍යා, අන්‍යන් කෙරෙහි කායික , වාචික හෝ ලිංගික හිංසනයන් ප්‍රචණ්ඩ හැසිරීම් රටා දක්නට තිබුනේ නැත. මෙතැන මම ලිංගික නිදහස කියන්නේ බල්ලන් බලලුන් මෙන් පාරේ සංසර්ගයේ යෙදීමේ නිදහස කියන අර්ථයෙන් නොවේ. කාන්තාවකට අතවරයකට ලක් නොවී පොදු ප්‍රවාහන සේවාවක යා නොහැකි ලංකාව වැනි ලිංගික පීඩනය සහ ලිංගික කුහකකම උඩුදුවා තිබෙන සමාජයක් ලිංගික නිදහස කියූ විගස එය අර්ථ කථනය කරන්නේ පාර දිගේ සංසර්ගයේ යෙදීමේ නිදහස කියාය. එවැනි සමාජයක් ගැහැනියෙක් කොට ගවුමක් ඇඳගෙන ගිය විට සලිත වෙති. එසේම තරුණ තරුණියන් අතර තිබෙන ආදරය තේරුම් නොගෙන ලිංගික ඉරිසියාව මත ඔවුනට අවහිර සීමා දමති. උගන්වන්නේ අනෙකාට ආදරය කිරීම නොව ද්වේශ කිරීමටය.
Dr. Ruwan
ලංකාවේ සමහර දුපත් මානසිකත්වයෙන් පෙලෙන ගෝත්‍රිකයින්ට යම් පහරක් වැදුනේ නම් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.
Last edited:






