ලිංගික_වෙනස්කමකට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලිංගික_වෙනස්කමකට

ලංකාවේ ලිංගික වෙනස්කමකට ලක්වූ පුද්ගලයෝ හඩ අවදිකරයි



සංක‍්‍රාන්ති ලිංගිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය විසින් පියවර ගත යුතුව ඇති බව ”හියුමන් රයිට් වොච්”සංවිධානය පෙන්වා දෙනවා.
ඔවුන් විවිධ අපචාරයන්ට ගොදුරුවීමත්,ඔවුන්ව පහත්කොට සැලකීමටත්,එමගින් විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුවන බවත් එම සංවිධානය විසින් නිකුත් කරන ලද පිටු 63න් යුතු වාර්තාවක දැක්වෙයි.
සංක‍්‍රාන්ති ලිංගිකයින්ට රැුකියා සඳහා ප‍්‍රවේශවීමේදී,නිවෙස තුළ මෙන්ම සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේදී හිතුවක්කාරී ලෙස බාධාකිරීම්,පහත්කොට සැලකීම් දිගින් දිගටම සිදුවන බව මෙම සංවිධානය කියා සිටියි.
සියලූ‍ම ශ‍්‍රී ලාංකිකයින්ට තම ලිංගික අනන්‍යතාව හෝ ලිංගික නැමියාව නොතකා පහත්කොට සැලකීමට හෝ අපචාරයට ලක්නොවී සිටීමට අයිතියක් පවත්නා බව මෙම වාර්තාවේ සංස්කාරක යුරාජ් ජෝසි පවසයි.
රජය විසින් මෙම ගැටළුවට ආමන්ත‍්‍රණය නොකරන තාක්කල් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව මෙම සංවිධානය අවධාරණය කරයි.
මෙම වාර්තාව සඳහා හියුමන් රයිට් වොච් සංවිධානය විසින් සමලිංගික,ද්විලිංගික,සංක‍්‍රාන්ති ලිංගික හා අතරමැදි ලිංගික පිරිස් 61 දෙනෙකු සමග සම්මුඛ සාකච්ඡුා පවත්වා ඇති බවත්,ඔවුන්ගෙන් අති බහුතරයක් පිරිමින් සමග ලිංගික සබඳතා පවත්වද්දී කායික හා මානසික වශයෙන් හිරිහැරයට ලක්වූ බව පිළිගෙන ඇති බවත් සඳහන්ය.
එසේම කිසිදු හේතුවක් නොමැතිව තමන් පොලීසිය විසින් රඳවාගෙන තබාගන්නා බවද මොවුන්ගෙන් අති බහුතරයක් පිරිස පෙන්වා දී තිබේ.
සංක‍්‍රාන්ති ලිංගික ස්ත‍්‍රීයක වූ 25 හැවිරිදි ෆාතිමා මෙම වාර්තාවට සම්මුඛ සාකච්ඡුාවක් දෙමින් පවසා ඇත්තේ 2012 දී තමන් දාමරිකයන් පිරිසකගේ ගොදුරක් බවට පත්වූ බව හා එහිදී කිසිවෙකුත් තමාගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් නොවුණු බවයි.
ලිංගික විපර්යාසයන්ට භාජනය වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ලංකාවේ නිතිය පැහැදිලි නොමැති බවත්,හැඳුනුම්පත් ඇතුළු ජාතික ලියකියවිලි සකස් කර ගැනීමේදී ඔවුන් බලවත් අසීරුතාවට පත්වන බවත් හියුමන් රයිට් වොච් සංවිධානය කියා සිටියි.



 
Last edited:

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    eka sarayak bus eke oya vage ekek kollek ge age gavila uge kakula alla appa uta e kollayi ekige kellayi neluwa atti halenna

    ඔව් බන් උන්ගෙ අයිතීන් රැකගන්න නම් ඔය වගේ වැඩ නොකර ඉන්න ඕන. මම ගිය බස් එකකත් ඔහොම සීන් එකක් වුනා.ඌනම් ගුටි කෑවෙ කොල්ලො සෙට් එකකගෙන් :P