ලිංගික_ශ්‍රමික_කාන්තාවෝ_එක්_වෙති
ලිංගික ශ්‍රමික කාන්තාවෝ එක් වෙති
ලිංගික ශ්‍රමයෙන් යැපෙන ශ්‍රී ලාංකික කාන්තාවෝ තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සංවිධාන ගත වී සිටිති.
ශ්‍රී ලංකාවේ මෙවැනි සංවිධානයක් නිල වශයෙන් ස්ථාපිත කර ඇත්තේ ප්‍රථම වතාවටයි.
සිවිල් ක්‍රියාධරයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් පිහිටුවාගෙන ඇති මෙම සංවිධානය හැඳින්වෙන්නේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ මධ්‍යස්ථානය නමින්.
'පීඩාව පොලිසියෙන්'
එහි ජාතික සංවිධායක නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ දැනට සාමාජිකාවන් දෙසීයක් පමණ සංවිධානයට එක් වී ඇති අතර ලංකාව පුරා ලිංගික ශ්‍රමිකයන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිටින බවයි.
‘ලිංගික ශ්‍රමිකයන් කියන්නෙත් මනුෂ්‍ය කොටසක්. මානව හිමිකම් ගැන කතා කරනවානම් මේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් පවා ඊට ඇතුළත්. මේ ලිංගික ශ්‍රමිකයන්ට පොලිසියෙන් තමයි පලවෙනි පීඩාව ඇතිවෙන්නේ.’ නීතිඥ සේනක පෙරේරා පවසයි.
මෙම සංවිධානයට බැඳී තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කාන්තාවක් බීබීසීය සමඟ කතා කිරීමට එකඟ වුනාය.
ලිංගික ශ්‍රමයෙන් යැපෙන ඇගේ කතාව - හඬ පටය
ඇගේ කතාව
ඇය රත්නපුර ප්‍රදේශයේ පදිංචි බාලචන්ද්‍රන් මහේෂ්වරී. මේ ඇගේ කතාවයි. (හඬ පටය අමුණා ඇත.)
‘මේ අසාධාරණය සිද්ධ වෙන්නේ සමාජයෙන්මයි. සමාජය තමයි පොලිසියට යොමු කරන්නේ. මම බස් හෝල්ට් එකේ දරුවොත් එක්ක ඉන්න කොට පොලිසියෙන් ඇවිත් මාව අරන් යනවා. මම ගණිකාවක් තමයි. ඒත් මම ඒ වෙලාවේ රස්සාව කරන්නේ නැහැනේ. පොලිසියේ දී අපිට ඉතින් තියෙන්නේ අන්තිම සැලකිල්ල තමයි. උසාවියෙදීත් හයියෙන් කෑ ගහල කියනවා හැමෝටම ඇහෙන්න මෙයා ගණිකාවක් කියල.’
'නවත්වන්න බැහැ'
‘මම මේ රස්සාවට යොමු වුනෙත් පිරිමි නිසා තමයි. මනුස්සය වෙන ගෑණු එක්ක ගියා. දරුවන්ට කන්න දෙන්න විදියක් ඕන. මගේ ඉල්ලීම මේකයි. ගණිකා වෘත්තීය කවදාවත් නවත්වන්න බැහැ. කිසිම රටක නැවතිලා නැහැ. අපි ඉල්ලන්නේ මේක නීති ගත කරන්න කියල.’
‘ගණිකාව කියල පට්ට ගහන්නේ කාන්තාව විතරයි. එන මනුස්සය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නමුත් මනුස්සයෙක් ඇවිල්ල තමයි අපිව ගන්නේ. ඒ මිනිහත් අපිව ගන්නේ දුෂණයක් කරලා පොලිසියට අහු වෙන්න බැරි හන්දා. ඒක තමයි ඇත්ත.’
මීඩියා
‘මසාජ් ක්ලිනික් එකක් ඇල්ලුවම ඒක වීඩියෝ කරලා කැතම විදියට මීඩියා එකේ දානවා අපිට එලියට බහින්න බැරි විදියට. මේවා දාන ඒක වැරදියිනේ. අපිට ආණ්ඩුව හෝ සමාජය කන්න දෙන්නේ නැහැනේ. අපි තව මිනිහෙක් එක්ක ගිහිල්ල ඒ මිනිහා දෙවි කෙනෙක් වගේ සලකල කීයක් හරි හොයා ගන්නවා.’ බාලචන්ද්‍රන් මහේෂ්වරී පැවසුවාය.
ලිංගික ශ්‍රමිකයන් ලෙස රැකියාවේ යෙදෙන කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන තවත් කාන්තාවක් අප සමඟ කතා කරමින් කියා සිටියේ තමන් අතීතයේ දී එම වෘත්තීය කරද්දී තමා මුහුණ දුන් ගැටළු තවත් කාන්තාවකට හිමි නොවිය යුතු බවයි.
'බලහත්කාරයෙන්'
ඒ වෙනුවෙන් කටයුතු කිරීම සඳහා මෙම සංවිධානයට බැඳුනු ඇය නම හෙළි කිරීමට අකමැති වූ කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
‘පොලිසියට අල්ලාගෙන ගියාම ඒ අයට සල්ලි දෙන්න ඕන. බලහත්කාරයෙන් අපිව අරගෙනත් යනවා. එහෙම කලත් ඉතින් වැඩක් නැහැ. දැන් මම විවාහකයි. දරුවොත් හදාගෙන පාඩුවේ ඉන්නවා.’
‘රස්සාව නවත්තල ඉන්න කොට මගේ මනුස්සය හම්බවෙන්න පිටකොටුවට ගිය වෙලාවෙත් මාව පොලිසියෙන් අරන් ගියා. මගේ මනුස්සය මේ හැම දෙයක්ම දන්නා නිසා හොඳයි.’ ඇය පැවසීය.
Source : බීබීසී : තිසර අරවින්ද රතුවිතාන
Original Post : http://www.bbc.com/sinhala/sri_lanka/2015/10/151002_thisara_lanka_sex_workers

රජයට පිටින් ගේන අයගෙ ඇට තලනව. මුලින් මාධ්‍ය වාරනයට අදාල නීති ගේන නිසා මාධ්‍ය මගින් යන්නෙ නෑ. විකිලීක්ස් වගේ Anonymous ලීක්ස් වලට ක්රියාපිලිවෙන් මුලින්ම හදනව. ඒ කියන්නෙ කොහෙන් හරි ලීක් උනත් රජය ඕවට සම්බන්ද නැති බවට කරුනු මුලදිම හදල තියන් ඉන්නව. 