ලිනක්ස් ගීක්ලාට විතරයි - Only for Linux Geeks

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
ලිනක්ස් ගීක්ලාට විතරයි - Only for Linux Geeks

මම පොදුවෙ ලිනක්ස් (Linux) කිව්වට .. Ubuntu, fedora, debian, mint, suse, blacktrack ආදී සෑම ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන අයටම ප්‍රයෝජනවත් වෙන සිංහල වීඩියෝ


07. ලිනක්ස් තුළදී වින්ඩෝස් .exe files භාවිතය සාමාන්‍යයෙන් නම් ලිනක්ස් තුළදී වින්ඩෝස් applications (.exe files) වැඩ කරන්නේ නෑ. නමුත් සමහර අයට තමන් කැමති විවිධ වින්ඩෝස් applications ලිනක්ස් තුලට දාගන්න අවශ්‍ය වෙනවා. ඒ අයට පුලුවන් පහසුවෙන් wine කියන ඇප්ලිකේෂන් එක භාවිතා කරල ලිනක්ස් ඇතුලේ වින්ඩෝස් applications (.exe files) run කරගන්න.
http://youtu.be/318xLWz6FWY




06. Ubuntu software center භාවිතයෙන් මෘදුකාංග ස්තාපනය
උබුන්ටු ලිනක්ස් භාවිතයේදී මෘදුකාංග ස්ථාපනය කිරීම බොහෝ පහසු දෙයක්. අපි මෘදුකාංගයේ නම දැනන් සිටියත්. නැතත් අපිට මෘදුකාංග සොයාගෙන ස්ථාපනය කරගන්න යන්නේ බොහෝම සුලු කාලයක් විතරයි. free and open source නිසා ක්‍රැක් කරන්න සීරියල් නම්බර් සොයන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. එක ක්ලික් එකකින් පහසුවෙන් කරගන්න පුලුවන්.
http://youtu.be/2UZzcvMjvbw




█ 05. වින්ඩෝස් තුළ උබුන්ටු ස්ථාපනය කිරීම
වින්ඩෝස් (Windows) මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නන් සදහා වින්ඩෝස් තුළම උබුන්ටු ලිනක්ස් (Ubuntu Linux) වැනි මෙහෙයුම් පද්ධති ස්ථාපනය කර, සාමාන්‍ය මෘදුකාංගයක් ආකාරයෙන් භාවිතා කරන ආකාරය
http://youtu.be/rxIqrBTA11U




█ 04. උබුන්ටු සහ වින්ඩෝස් dual boot කිරීම
එකම පරිගණකයක් තුළ උබුන්ටු ලිනක්ස් (Ubuntu Linux) සහ වින්ඩෝස් (Windows) යන මෙහෙයුම් පද්ධති දෙකම, dual Boot ක්‍රමයට ස්ථාපනය කරන ආකාරය සරලව සිංහලෙන් දක්වා ඇත.
http://youtu.be/Y_wl_EvtuNo




03. USB Drive එක තුළින් ලිනක්ස් boot කිරීම
පරිගණකයකට මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමෙදී අපි සාමාන්‍යයෙන් boot කරන්නේ CD එකකින්. නමුත් ඔනෑම ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් USB flash drive එකක් හරහා boot කරන්න අපිට පුලුවන්.
http://youtu.be/6xkB0n5lVHI




█ 02. වින්ඩෝස් සමග ෆෙඩෝරා ලිනක්ස් 17 ස්ථාපනය
පරිගණකයකට මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමෙදී අපි සාමාන්‍යයෙන් boot කරන්නේ CD එකකින්. නමුත් ඔනෑම ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් USB flash drive එකක් හරහා boot කරන්න අපිට පුලුවන්.
http://youtu.be/Yk9Q39pjCNw




█ 01. මෙහෙයුම් පද්ධති තුළදී අන්තර්ජාලය භාවිතය
ලිනක්ස් භාවිතා කරල අන්තර්ජාලයට ඇතුල්වෙන ආකාරය සරල සිංහලෙන් දක්වා ඇත. ඩොන්ගල් එකක් රවුටර් එකක් වගේම මෝඩමයක් වුවද මෙ ආකාරයට සම්බන්ධකරගන්න පුලුවන්. මෙහිදී මම භාවිතා කරන්නේ උබුන්ටු ලිනක්ස් වුවද සියලූම ලිනක්ස් මෙහෙයුම් පද්ධති සදහා මෙය භාවිතා කළ හැක.
http://youtu.be/nv9mcOkgRnE



එකම දෙයක් තුල කොටු වී ඉන්නේ නැතුව පරිගණක සහ තාක්ෂණික ක්ෂේත්‍රයට ආදරය කරන අලුත් දේ ඉගෙනීමට කැමති ගීක්ලා වෙනුවෙන් පමණි..

තවත් ලිනක්ස් වීඩියෝ බලාපොරොත්තු වන්න. ☻☺☻☺☻☺

powered by Chanux :
http://www.geek.lk
 
Last edited:
  • Like
Reactions: gamerlk and m 16

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
මොකක්ද අප්ප ස්තූතියි විතරයිනේ. කතා කරන්න මොකුත්ම නෑනේ. :)
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
බොහොම ස්තුතියි..මටනම් මේ ත්‍රෙඩි එක ගොඩක් වටිනවා..
 

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
තවත් තොරතුරු

chanux.gif


http://geek.lk/discussions/tagged?Tag=linux-ලිනක්ස්