අන්තර් ජාලයේ පවත්නා File Sharing ක්‍රමවේදය ගැන ඔබ අසා තිබෙනවාද? විවිධ වෙබ් අඩවිවල තිබෙන ගීත සහ චිත්‍රපට සොරකම් කර ගන්නේ මේ ෆයිල් ෂෙයාරිං ක්‍රමවේදය මගිනුයි. ඉන්පසු ඒවා සී. ඩී. වලට පිටපත් කර ලොව පුරා විකුණනවා. මේ ක්‍රමය යටතේ සොරකම් කෙරෙන්නේ චිත්‍රපට හා ගීත විතරක් නොවෙයි. අන්තර්ජාලයේ තිබෙන වටිනා පතපොත හා ඡායාරූප එකතු යනාදියත් මේ මගින් සොරකම් කර මුද්‍රණය කර විකුණනවා.
ඇමරිකාව පසුගියදා ගෙන ඒමට උත්සාහ කර ජනතා විරෝධය මධ්‍යයේ හකුළාගත් ඉන්ටර්නෙට් සුරක්ෂිතතා පනත මගින් සිදු කිරීමට නියමිතව තිබුණේ මේ ෆයිල් ෂෙයාරිං ක්‍රමවේදය තහනම් කිරීමයි. ෆයිල් ෂෙයාරිං ක්‍රමයට අනුව ඔබේ වෙබ් ලිපිගොනුවේ ඇති ප්‍රයෝජනවත් හා වැදගත් ලිපි ගොනු මට දීමටත් මා සතුව ඇති එවැනි ලිපි ගොනු ඔබට ලබා ගැනීමටත් පුළුවන්. ඉන්ටර්නෙට් පනත ක්‍රියාත්මක කළා නම් විකිපීඩියා වැනි අධ්‍යාපනික වෙබ් අඩවි යාවත්කාලීන (Up date) කිරීමට පිටස්තරයන්ට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම නවතිනවා.
මේ සියල්ල සති දෙක තුනක් පැරැණි කතා. අලුත්ම කතාව මෙයයිá කිසිදු ආණ්ඩුවකට හෝ විද්‍යුත් සන්නිවේදන නියාමක ආයතනයකට නැවැත්වීමට බැරි ෆයිල් ෂෙයාරිං මෘදුකාංගයක් දැන් නිපදවා තිබෙනවා. මෙයින් ගැලවීමට ඇති එකම උපක්‍රමය අන්තර්ජාලය විසන්ධි කිරීම පමණයි.
Tribler නමැති මේ මෘදුකාංගයට ඕනෑම තත්ත්වයක් යටතේ අන්තර්ජාලය තුළ පවතින්නට පුළුවන්. අන්තර්ජාල පයිරේට්ලාට හෙවත් අන්තර්ජාලයෙන් බුද්ධිමය දේපළ සොරා ගන්නා සොරුන් වැළැක්වීමට මේ මෘදුකාංගය නිසා නොහැකි වෙනවා. සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් Block කිරීම හෝ එය සඳහටම නතර කිරීම හෝ වෙබ් අඩවි අතර තොරතුරු හුවමාරු කර ගැනීම හෙවත් File Sharing කිරීම හෝ නැවැත්වීම සඳහා රජයේ විදුලි සංදේශ නියාමන කොමිසම හෝ අදාළ බලධාරී ආයතනය කරන්නෙ ඒ ඒ වෙබ්අඩවි ක්‍රියාත්මක වීමට ඉවහල් වන Megaupload Domain එක අත්පත් කර ගෙන වසා දැමීමයි. එහෙත් “ට්රයිබ්ලර්” මෘදුකාංගයට ඒ සෙල්ලම් හරියන්නේ නෑ.
Torrent Freak යනුවෙන් හඳුන්වන, එක් වෙබ් සයිඩ් එකකින් අනෙක් වෙබ් සයිඩ් එකට තොරතුරු පිටපත් කරගත හැකි පුවත් වෙබ් අඩවියෙහි සිරකරු වන කිම් ඩොට්කොම් සහ තවත් තුන්දෙනෙක් බුද්ධිමය දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් හෙවත් වෙනත් වෙබ් අඩවිවල ඇති තොරතුරු අවසරයක් නැතිව ලබා ගැනීමේ චෝදනාව යටතේ නවසීලන්ත පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගත්තා. මේ සමගම වෙනත් වෙබ් අඩවිවල තොරතුරු සොරා ගනිමින් ජීවනෝපාය සකසා ගත් වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් ස්වෙච්ඡාවෙන් වසා දැමුණා. මේවා අතුරින් සමහර වෙබ් අඩවි අන්තර් ජාලයෙන් ඇති පොත් සොරකම් කර ප්‍රකාශකයන්ට විකිණීම, චිත්‍රපට සොරකම් කර වීඩියෝ තැටි නිපදවීම යනාදිය කළා.
යමක් බිඳ වැට්ටවීමට නම් එහි කේන්ද්‍රයට පහර දිය යුතුයි. එහෙත් ට්රයිබ්ලර් මෘදුකාංගය පාවිච්චි කරන විට වෙබ් අඩවියක කේන්ද්‍රය සොයා ගැනීමට බැරි වෙනවා. මේ නිසා කොතැනකට පහර දිය යුතු ද යන්න තෝරා බේරා ගැනීමට බැහැ.
ටයිබ්ලර් තාක්ෂණය පුරා වසර 6 ක් තිස්සේ අත්හදා බලන ලද්දක්. එය නිෂ්පාදනය කළේ ඩෙල්ෆ්ට් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුවෙල්ස් ඇතුළු කණ්ඩායමක්. “බලගතු රටවල ආණ්ඩු පිස්සු නීති සම්පාදනය කරනවා. එහෙත් සාමාන්‍ය ජනතාවට ඒ මගින් හානියක් සිදු වෙන්නට ඉඩ තබන්නට බැහැ. තොරතුරු දැන ගැනීමේ අයිතිය පමණක් නොව හැම තොරතුරක් ම දැන ගැනීමේ අයිතිය මිනිසුන් සතුයි. අප කළේ ඒ අයිතිය ආරක්ෂා කර දීමයි ඔහු කියනවා.
දැනටමත් ට්රයිබ්ලර් මෘදුකාංගය තුන්හාරදහසක් දෙනා පාවිච්චි කරනවා. මේ මෘදුකාංගයේ සහය ඇතිව හෝ නැතිව අන්තර්ජාලය හරහා සොරාගත් තොරතුරු විකිණීමෙන් දැනට නවසීලන්ත පොලිස් අත්අඩංගුවේ සිටින කිම් ඩොට්කොම් වසර තුනක කාලයක් තුළ උපයාගත් ධනය ඩොලර් දශ ලක්ෂ 175 යි. ඔහු සංගීත නිර්මාණ සහ චිත්‍රපට පිටපත් කරගෙන එම පිටපත් අලෙවි කර මේ මුදල උපදවාගෙන තිබෙනවා.
කිම් ඩොට්කොම්ගේ නියම නම කිම් ෂුල්ට්ස්. ඔහු ජර්මන් ජාතිකයෙකි. ඔහු පසුගියදා උසාවියෙන් ඇප ලබා ගැනීමට උත්සාහ කළත් උසාවිය එයට ඉඩ දුන්නේ නැත. ඔහු තම අන්තර්ජාල ධනය බැංකුවලින් ලබාගෙන අතුරුදන් වීමට ඉඩ ඇති බවයි අධිකරණය කියන්නේ. ඔහු වෙස් මාරු කර ගෙන ගුවන් තොටුපළ හරහා ගොස් ගුවන් යානයක නගිනු ඇතැයි උසාවිය කියනවා. එහෙත් අඩි 6 අඟල් 6 ක් උස කිම් පහසුවෙන් හඳුනා ගත හැකි යෝධ සිරුරක් ඇත්තකු නිසා පැන යැම ලෙහෙසි නොවන බවයි ඔහුගේ නීතිඥයන් කියන්නේ, යක්ෂ දොස්තර යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන ඔහුට කාර් 25 ක එකතුවක් තිබෙනවා. මර්සිඩීස් බෙන්ස්, මැසරාටි, කැඩිලැක් හා රෝල්ස් රොයිස් රථ මේ එකතුවේ තිබෙනවා. මොහු ලොව ධනවත්ම “ඉන්ටර්නෙට් හොරා” ලෙසයි සැලකෙන්නේ.