ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ 10 - (Da Vinci Artworks)

Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ 10 - (Da Vinci Artworks)


01 – Mona Lisa (La Gioconda) (c. 1503-05)

1505-1517 කාල වකවානුව තුල නිර්මානය කර ඇති මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ Lisa Giocondo නම් වූ ධනවත් කාන්තාවකගේ රුවයි. 1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.


02 – The Last Supper (1498)

ඩාවින්චි විසින් සිතුවම 1495 දී ආරම්භ කර 1498 දී නිම කරන ලදයි සැලකෙන අතර එය ප්‍රමාණයෙන් අඩි 15 × 29 පමණ වේ. මෙය ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie" දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත අදින ලද සිතුවමකි



03 – The Adoration of the Magi (1481)

මෙය 1480 දී ඩාවින්චි විසින් ෆ්ලොරන්ස් නගරයට ආසන්නයේ පිහිටි "San Donato a Scopeto" දේවස්ථානයේ ප්‍රධාන අල්තාරය මත සිතුවම් කිරීම ඇරඹි අතර මාස 30ක් ඇතුලත නිම කිරීමට බලාපොරොත්තු විය. කෙසේ වෙතත් ඔහු ඊටපසු වසර තුල මිලාන් නගරය බලා පිටත් ව ගිය අතර සිතුවම නිම නොකෙරුණි


04 – Baptism Of Christ (c. 1472)

මෙම චිත්‍රය ඩාවින්චි සහ Andrea del Verrocchio යන දෙදෙනා විසින් නිර්මාණය කරන ලද්දකි. ප්‍රමාණයෙන් මීටර 1.77 x 1.51 ක් පමණ වේ. ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ Uffizi කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.


05 – Virgin of the Rocks (1483-1486)

මෙම සිතුවමේ පිටපත් දෙකක් දක්නට ලැබේ. එකක් ප්‍රංශයේ "Louvre" කෞතුකාගාරයේත් අනෙක ,"National Gallery" හිත් ප්‍රදර්ශනයට තබා ඇත චිත්‍ර දෙකෙහිම මැඩෝනා සහ ළදරු ජේසුතුමා සමග කුඩා "John the Baptist " සහ දෙවගනක් නිරුපනය වේ.


06 – Madonna of the Carnation (1478-80)

තෙල් සායම් සිතුවමක් වන මෙය ප්‍රමාණයෙන් 62 cm x 48 cm පමණ වේ. ජර්මනියේ මියුනිච් හි Alte Pinakothek කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.


07 – St. John the Baptist (1513-16)

මෙය ලී මත තෙල් සායමින් කරන ලද සිතුවමකි. ප්‍රමාණයෙන් සෙ.මි 69×57 පමණ වේ. ඩාවින්චිගේ අවසාන සිතුවම මෙය යයි සැලකේ. ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.


08 – The Virgin and Child with St Anne (1510)

මෙය ලී මත තෙල් සායමින් කරන ලද සිතුවමකි. ප්‍රමාණයෙන් සෙ.මි 168 x 130 පමණ වේ. ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.



09 – Lady with an Ermine (1489–1490)

මෙය මිලාන්හි ආදිපාදවරයා වූ Lodovico Sforza ගේ බිරිඳ Cecilia Gallerani ගේ චිත්‍රයකි




10 – Portrait of Ginevra de’ Benci (1474-1476)

මෙය ෆ්ලොරන්ස් නගරයේ ධනවත් බැංකුකරුවකුගේ දියණියගේ චිත්‍රයකි. වර්තමානයේ ඇමෙරිකාවේ වොෂින්ටන් හි ජාතික කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර ඇමරිකාවේ තිබෙන එකම ඩාවින්චිගේ චිත්‍රය වේ.


උපුටා ගැනීම : http://www.nawalowadenuma.com/
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,148
    113
    ඒක හොඳයිද බං ? :) :)
    ඩාවින්චිගෙ ජීවිත කතාවද තියෙන්නෙ ? :) :)

    tv series එක නන් සුපිරි...ඒත් ජීවිත කතාව නන් නෙමෙයි.ගොඩක් තියෙන්නෙ වෙන්ඩ බැරි සිද්ධි... ඒත් පට්ට... ලුක්‍රේෂියා එහෙම සුපිරි..:)
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    tv series එක නන් සුපිරි...ඒත් ජීවිත කතාව නන් නෙමෙයි.ගොඩක් තියෙන්නෙ වෙන්ඩ බැරි සිද්ධි... ඒත් පට්ට... ලුක්‍රේෂියා එහෙම සුපිරි..:)



    Mama nam asa vanessa ta bn