ලියනාඩෝ ඩා වින්චියි
ෆ්ලොරන්ස් නුවර ශාන්ත මරියා දෙවස්ථානයේ චිත්‍ර කරණය භාරව සිටි පිලිපිනෝ ලිවී නම් චිත්‍ර ශිල්පියා තමන් අඳින හැටි නෙත් දල්වා බලා සිටින යෞවනයකු දැක ඔහු හා පිළිසඳරේ යෙදුණා. මේ යෞවනයා චිත්‍ර ශිල්පය කෙරේ බැඳුණු කෙනෙක් බව ඒ කතාබහෙන් පිලිපිනෝට වැටහුණා. දේවස්ථානයේ බිත්තියේ වූ එක් කොටුවක ‘කුරුසියෙන් බැසීම’ යන චිත්‍රය ඇඳීමට මොහුට අවස්ථාවක් ලබා දෙන්නට පිලිපිනෝ තීරණය කළේ ඒ නිසාමයි. ඔහු කෙතරම් හොඳට චිත්‍ර ඇන්දාදැයි පැවසුවොත් මේ වැඩේට සුදුස්සා මා නොවෙයි ඔබ යැයි පිලිපිනො පැවසුවා. මේ නව යෞවනයා අන් කවරකුවත් නොව පසු කලක චිත්‍ර ශිල්පයෙන් නම රැන්දූ ලියනාඩෝ ඩා වින්චියි.
ළමා වියඉතාලියේ වින්සි නගරයට කිලෝමීටර 3 ක් දුරින් පිහිටි අන්චියානොහි දී 1452 අපේර්ල් 15 වැනි දින ජන්මලාභය ලත් ලියනාඩෝගේ මව වූයේ කතිරිනා නම් ගෙවිළියක්. පියරෝ ඇන්ටෝනිගෝ නම් වූ ඔහුගේ පියා නීතිවේදියෙක්.පාසල් යන්නට කාලය පැමිණි විට ලියනාඩෝගේ පියා තම පුත්‍රයාව වින්සි ගමේ පාසලට ඇතුළත් කළා. ලියන්න, කියවන්න, ගණන් හදන්න ඔහු ඉගෙන ගත්තේ එහිදීයි. එමෙන්ම භූගෝල විද්‍යාවත්, ලතින් භාෂාවත් ඔහු ඉගෙන ගත්තේ එම පාසලේදියි. ලියනාඩෝ වර්ෂ 1466 වනතුරුම ජීවත් වූයේ වින්සි ගම්මානයේයි. දහ හතර වැනි වියේ පසුවුණු ලියනාඩෝ ඉන් අනතුරුව පදිංචියට ගියේ ෆ්ලෝරන්ස් නගරයටයි. කලා පුනරුදයක් ඇති වූ ඒ යුගයේ දී ප්‍රතිභා සම්පන්න කලාකරුවන් රැසක්ම පහළ වී සිටියා. ඔවුන්ගේ රශ්මි ධාරා මුළු යුරෝපය පුරාම පැතිර ගිය යුගයකි මේ.කුඩා කල සිටම සතුන් වෘක්ෂලතා, මිනිස් සිරුර ගැන පුදුම නිරීක්ෂණයකින් සිටි ලියනාඩෝ අතට අසු වූ කඩදාසියක් ගානේ එක් එක් ලතා චිත්‍ර සටහන් කරන්නට වුණා. තම පුත්‍රයාගේ මේ දස්කම් දුටු පියා ඔහුව ෆ්ලෝරන්ස්හි සිටි අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියෙකු වූ වෙරෝෂියෝට ලියනාඩෝව භාර කළා. වෙරෝෂියෝ යටතේ සිටි ලියනාඩෝ චිත්‍ර ශිල්පය හැදෑරුවේ උමතුවෙන් මෙනි. ඔහු ඊට අමතරව ගණිතය, විද්‍යාව මෙන්ම සංගීතය ද මහත් අභිරුචියෙන් හැදෑරුවා. පුරා දස වසරක් පුරා වෙරෝෂියෝ යටතේ චිත්‍ර ශිල්පය හැදෑරු ලියනාඩෝ ගුරුතුමාගේ සුවච කීකරු ගෝලයා බවට පත් වුණා.
චිත්‍ර ශිල්පියකු ලෙස වැඩ අරඹයිඑකල ෆ්ලෝරන්ස් නුවර සිටි බොටිෂෙලි, පෙරුජීතෝ, ඇන්ටෝනියෝ ප්රමුඛ කලාකරුවන්ගේ සමීපම මිතුරකු වූ ලියනාඩෝ දේවස්ථානවල බිතු සිතුවම් පිටපත් කරමින් ඒවා අධ්‍යයනය කරන්නට වුණා. කි‍්‍රස්තුස් වහන්සේගේ බෞතීස්මය නම් චිත්රයේ සුරදූතියකගේ ශීර්ෂයක් නිර්මාණය කිරීමෙන් ලියනාඩෝ එදා සිටි විචාරකයන්ගේ නොමද පැසසුමටද පාත්‍ර වුණා. 1477 දී චිත්‍ර ශිල්පය හදාරා අවසන් කළ ලියනාඩෝ තමන්ගේම චිත්රාගාරයක් ආරම්භ කරන්නටයි තීරණය කළේ.නගරයේ සිටි රසික ධනවතුන් ලියනාඩෝගේ සිතුවම් මිලදී ගන්නට පොරකන්නට වුණා. මුදල් ඉපැයීම පසුපසම හඹා යමින් චිත්‍ර කරණයේ යෙදෙන්නට ලියනාඩෝ කැමති වුණේ නැහැ. ඔහු අසුන් පිට යමින් ගහ කොළ, සතුන්, සොබා දහම ගැන, ඒවායේ ලතාව ගැන වර්ණ ගැන, හැඩ තල ගැන හදාරමින් ඒවා තම සිතුවම් වලට එක් කරන්නට උත්සාහ ගත්තා.තිස් හැවිරිදි වියේ පසුවුණු ලියනාඩෝ මිලාන් නුවරට යන්නේ ලූ ඩෝ පිකෝ සොපයා ආදිපාදවරයාගේ ඇරයුමක් නිසයි. ඔහු වෙත රැඳී, චිත්‍ර කරණයේ යෙදෙමින් ද මධුර නාදයෙන් වීණා වාදනය කරමින් ද ලියනාඩෝ එහි ගත කරන්නේ සතුටින් පිරි කාල පරිච්ඡේදයක්.
චිත්රකරණයට පමණක් සීමා නොවුණු ලියනාඩෝ සකල විධ මාර්ග වලින් දැනුම රැස් කරන්නට උත්සාහ ගත්තා. කලාවත් විද්‍යාවත් යනු මාර්ග දෙකක් වූවද ලියනාඩෝ මේ විෂයන් දෙකෙන්ම දක්ෂතා පෙන්වන්නට වුණා. කුරුල්ලන්ගේ හැඩ රුව, ගති ලක්ෂණ ඔස්සේ කල්පනා කර මුල්වරට ගුවන් යානයක් සැළසුම් කළා. සබ්මැරීනයක් සැළසුම් කළ හෙතෙම බෝම්බ හා විෂ වායු නිපදවිය හැකි බවද ලියනාඩෝ පෙන්වා දුන්නා. පෙර නොඇසූ විරූ මේ කතා බොහෝ දෙනෙක් විශ්වාස කරන්නට කැමති වුණේ නැහැ. එහෙත් ලියනාඩෝ ඩා වින්චි යනු අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියකු පමණක් නොව ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු ද වන බවයි ඇතැමුන් පවසන්නේ.ලොව ඇති අග්‍රගණ්‍ය කලා නිධාන අතරට ලියනාඩෝ ඩා වින්චිගේ සිත්තම් රැසක් ද ඇතුළත් වෙනවා. අවසාන භෝජන සංග්‍රහය, මෝනාලිසා, මැඩෝනා, කි‍්‍රස්තුස් වහන්සේගේ බෞතිස්මය, ඇන්ගි්රයානු සංග්‍රාමය, පරිහානිය වැනි චිත්‍ර මින් ප්‍රධානයි.ප්‍රංශයේ පළමුවැනි ෆ්රාන්සිස් රජතුමා ලියනාඩෝට ප්‍රංශයට පැමිණෙන ලෙස කරන ලද ඇරියුම් පිළිගත් ලියනාඩෝ 1516 දී ප්‍රංශයට පැමිණියා. ප්‍රංශයේ ලී ක්ලොස් ලූස් නම් වූ කුඩා මාලිගාවකයි ලියනාඩෝ ජීවත් වෙන්නේ. මේ වන විට 67 වැනි වියේ පසුවුණු ලියනාඩෝගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් තිබුණා. 1517 දී ලියනාඩෝ අංශභාග රෝගයෙන් පීඩා විඳි අතර 1519 අපේර්ල් 23 වැනිදා මේ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියා සදහටම නෙත් පියා ගත්තා.
ඉරූෂා ග්රේරෝෆ්ලොරන්ස් නුවර ශාන්ත මරියා දෙවස්ථානයේ චිත්‍ර කරණය භාරව සිටි පිලිපිනෝ ලිවී නම් චිත්‍ර ශිල්පියා තමන් අඳින හැටි නෙත් දල්වා බලා සිටින යෞවනයකු දැක ඔහු හා පිළිසඳරේ යෙදුණා. මේ යෞවනයා චිත්‍ර ශිල්පය කෙරේ බැඳුණු කෙනෙක් බව ඒ කතාබහෙන් පිලිපිනෝට වැටහුණා. දේවස්ථානයේ බිත්තියේ වූ එක් කොටුවක ‘කුරුසියෙන් බැසීම’ යන චිත්‍රය ඇඳීමට මොහුට අවස්ථාවක් ලබා දෙන්නට පිලිපිනෝ තීරණය කළේ ඒ නිසාමයි. ඔහු කෙතරම් හොඳට චිත්‍ර ඇන්දාදැයි පැවසුවොත් මේ වැඩේට සුදුස්සා මා නොවෙයි ඔබ යැයි පිලිපිනො පැවසුවා. මේ නව යෞවනයා අන් කවරකුවත් නොව පසු කලක චිත්‍ර ශිල්පයෙන් නම රැන්දූ ලියනාඩෝ ඩා වින්චියි
credits ---
ඉරූෂා ග්‍රේරෝ/ www.danuma.lk