ලියුකේමියාව හැදීමට හේතුව අමනුස්ස බලපෑමක&
මුනුපුරාගේ ලේ සුවඳින් ජීවත් වූ කිරිනේරිස් සීයාගේ ප්‍රේතාත්මය
සුදු රුධිරාණු විසින් රතු රුධිරාණු කා දමනු ලැබීම නිසා ලියුකේමියාව හෙවත් ලේ පිළිකාව
හටගන්නේ යැයි වෛද්‍යවරු පවසති. මේ තත්ත්වය වෛද්‍යවරුන්ට පැහැදිලි වන්නේ රතු රුධිරාණු
ප්‍රමාණය අඩුවී සුදු රුධිරාණු ප්‍රමාණය වැඩිවීම නිසාය.
මෙසේ සිදුවීමටද හේතුවක් තිබිය යුතුය. ඊට හේතු වශයෙන් විවිධ අදහස් පළකරනු ලැබුවද
රෝගය සුවවන්නේ තැන. ඔෟෂධවලින් ලේ පිළිකාව සුවකළ තැනක් තවමත් දැනගන්නට නැත.
අවසානයේ රෝගියාට බාහිරින් රුධිරය සපයයි. මොනවා කළත්
අවසානයේ කනගාටුදායකය. අන්තිමේදී ප්‍රතිඵලය කර්මයට බාරදී හිත හදාගන්නට බලති. සියල්ල
කර්මය නිසා සිදුනොවන බව අමතක කරති. ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ ප්රසිද්ධතාව ආගිය අය
සමඟ නම්බුවට උච්චාරණය කරති. පෞද්ගලික රෝහලේ බිල ගැන කතා කරති. පිටරටින් ගෙන්වූ
බෙහෙත්වල වටිනාකම කියති. අන්තිමට සිදුවන්නේ රෝගියාත්, පවුලේ ආර්ථිකයත්, පවුලේ අය
විසින් දරන ලද උත්සාහයත් වෙහෙස මහන්සියත් මාරයා විසින් ගෙනයනු ලැබීමය.
සමන්ත පාදුක්ක ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි පාසල් සිසුවෙකි. අවුරුදු දෙකක සිට පාසල්
නොගොස් පියා සමඟ නුරුස්නා ගතියෙන් ගැටුම් ඇතිකර ගන්නට පටන් ගත්තේය. පියාට ගහන්නට
බනින්නට පටන් ගත්තේය. මේ තරම් ළමා වියේදී කෙනකුට හිතන්නට බැරි තරම් දරුණු තත්ත්වයක්
මතුවීම නිසා මානසික වෛද්‍යවරුන් කරා ගෙනගොස් ප්‍රතිකාර කළහ. මෙය මවුපිය දෙදෙනාට
මහත් පීඩාකාරී ගැටලුවක් විය. ඊළඟට සමන්ත නිතර බුලත්විට සපන්නටත්, නිවෙසේ අයගේ ඇඟට
කෙළ ගසන්නටත් ඇවිදින විට නොණ්ඩි ගසන්නටත් පටන් ගත්තේය,
ඥාතියකුගේ උපදෙස් මත ඉරිදා 'මව්බිම' පත්‍රයේ කියැවෙන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ
මධ්‍යස්ථානය කරා මවුපියෝ සමන්ත කැඳවාගෙන ආහ. මේ වන විට ශාරීරිකව ඉතා දුර්වලව
සිටි සමන්ත, ආධ්‍යාත්මික උපදේශක කසුන් නාගොඩවිතාන මහතා ඉදිරිපිට සිහිසුන්ව වැටුණේය. ඒ
නිසා බෝධි පූජා විසි එකක් පවත්වා නැවැත පැමිණෙන ලෙස නාගොඩවිතාන
මහතා උපදෙස් දුන්නේය.
සමන්ත ගොස් තිබුණේ බෝධි පූජාවකට එක් දිනක් පමණි. උස්සා ගෙනාවත් යා නොහැකි
තත්ත්වයට ඔහු දරුණු වූ බව මවුපියෝ පැවැසූහ. එහෙත් මවුපිය දෙදෙනා පුතණුවන් වෙනුවෙන්
බෝධි පූජා විසි එකම පවත්වා තිබිණි.
දෙවැනි දිනයේ නාගොඩවිතාන මහතා ඉදිරියේ සමන්ත ප්‍රලය වූයේය.
ගවේෂකවරයා ප්‍රශ්න ඇසීය.
'කවුද මේ දරුවගේ ශරීරය තුළට රිංගාගෙන ඉන්නේ?'
'මම සීයා'
'ඔව්, ඔව්. ලොඹු ගහන සැටියෙන් සීයා බව පෙනෙනවා.'
'ඔව් මේ මගේ මුනුපුරා'
'මොකක්ද නම?'
'කිරිනේරිස්'
'ඇයි ඉතින් මෙහෙම හිරිහැර කරන්නේ?'
'ඒ මගේ හැටි. මේ ඔක්කොම මගේ ගෙවල් ෙදාරවල්, ඉඩකඩම් ඔක්කොම මගේ.
මේ දුවත් මගේ. මුනුපුරත් මගේ.'
'කොයි කාලෙද කිරිනේරිස් සීයා මැරුණේ?'
'දැනට අවුරුදු තිහකට කලින්'
'මැරිලා කොහේද ගියේ?'
'මම කොහේවත් ගියේ නෑ. මම කොහේ යන්නද? මගේ ගෙවල් ෙදාරවල් දාලා.
මම මගේ ගෙදරමයි හිටියේ'
'තවත් අය හිටියද ඔබ සමඟ?
'ඔව්. තව දෙන්නෙක් හිටියා. මගෙ ගෑනියි, මගේ මල්ලියි, අපි තුන් දෙනාම හිටියා.'
'කෝ ඉතින් ඒ දෙන්නා.?
'මහත්තයා මට එන්න කියලා අධිෂ්ඨාන කරනකොටම ඒ දෙන්නා පැනලා ගිහින් හැංගුණා.'
'තමුන් මේ අවුරුදු තිහක කාලයක් මොනවද කළේ?'
'මොනවා කරන්නද මහත්තයා? මේ ගෙදර අයගෙ ඇඟට ඇතුළුවෙවී කාලෙ ගතකළා මිසක්.'
'ළමයාගේ ඇඟට රිංගුවේ කවදා ද?'
'මේ දරුවට අවුරුදු හතේදී ඩෙංගු උණ හැදුණා. අන්න ඒ වෙලාවේ මුනුපුරාගෙ ඇඟට
රිංගුවා.'
'ඊට පස්සේ ළමයා වෙනස් වුණාද?'
'ඔව්. මේ ළමයා උපදිනකොට මම මැරිලා අවුරුදු විස්සක් විතර වෙනවා. ළමයා මාව
දැකලාවත් නැති වුණාට මම ඇඟට ආවාම ළමයා මම වගේම බුලත්විට හපනවා. නොණ්ඩි
ගහනවා.'
'මේ ගෙදර අය පහුගිය දවස්වල බෝධි පූජා තියන්න පන්සල් ගියා. තමුනුත් මේ අය සමඟ
පන්සල් ගියාද?'
'පිස්සුද මහත්තයා, මම පන්සල් ගියේ නෑ. මම ඉස්සර පන්සල් ගියෙත් නෑ. දැන් යන්නෙත්
නෑ. මට පන්සල් පෙනෙන්න බෑ. හාමුදුරුවරු පෙනෙන්න බෑ. ළමයාට බෝධි පූජාවට යන්න
දුන්නෙත් නෑ. ඒ මගේ හැටි. මම එහෙම තමයි. දරුවයි මමයි දෙන්නාම පන්සල්
යන්නෙ නෑ.'
'මේ... මේ... ඔය කයිවාරුවලින් වැඩක් නෑ. පන්සල කියන්නේ අපේ සදාචාරයේ,
විමුක්තියේ, ආගම දහමේ මඟ පෙන්වන තැන. හාමුදුරුවරු කියන්නේ බුදු දහම පවත්වාගෙන යන
පින් කෙත. අන්න ඒ ටික අමතක කරන්න එපා. සමහර පුද්ගල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඇයි
තමුන්ගේ ජීවිතේ වැරැදි අඩුපාඩු දුර්වලකම් නැද්ද? ඒවා ඒ ඒ අය පොදි බැඳගෙන කර
තියාගෙන යාවි. ඒත් පන්සලයි පින්කෙතයි සෑම බෞද්ධ ජීවිතයකටම ඕනෑ. ඒ නිසා තමුන්
අනිවාර්යයෙන්ම පන්සල් යන්න ඕනෑ. ළමයාට පන්සල් යන්නත් ඉඩ දෙන්න ඕනෑ. නැත්නම් තමුන්
බැඳලා දානවා.'
'හොඳයි හොඳයි එහෙම නම් යන්නම්.'
'තමුන් ආහාර ගන්නේ කොහොමද? මොනවද ආහාරයට ගන්නේ?'
'මම හැමදාම සමන්තගේ ඇඟට රිංගනවා. තාත්තත් එක්ක රණ්ඩු කරවනවා. රණ්ඩු කරනකොට සිත
කෝප වෙලා ලේ රත් වෙනවා. ලේ රත්වුණාම ඒ ලේවලින් සුවඳක් වහනය වෙනවා. ඒ
ලේ සුවඳ තමයි මම උරා බොන්නේ. දිගින් දිගට හිත කෝප වෙනකොට
ලේ රත්වෙලා ලේවල ශක්තිය නැතිව යනවා. රතුපාට නැති වෙනවා. ලේ වතුර
වෙනවා.'
'ඔය ලේවල සුවඳ විතරමද ආහාරයට ගන්නේ?'
'නෑ... ළමයා කෑම නොකන තත්ත්වයට ගෙනෙනවා. කරවල බැදලා දුන්නොත් බත් ටිකක්
කන්නම් කියලා ළමයා ලවා කියවනවා. එතකොට මගේ දූ දරුවාට තියෙන ආදරේට කරවල,
බිත්තර, මස් මාළු බැදලා දෙනවා. මම ඒවායේ සුවඳත් ආහාරයට ගන්නවා.'
'දැන් මේ සීයා මුනුපුරාට අවුරුදු තිහක් තිස්සේ හිරිහැර කළා. හැම දේකම සීමාවක්
තියෙන්න ඕනෑ. දැන් ඉතින් මේ ශරීරයෙන් පිටවෙලා යන්න ඕනෑ.'
'බෑ... බෑ... එහෙම යන්න බෑ. ඕනෑ නම් මම මේ ශරීරයෙන් පිටවෙලා ඉන්නම්. ඒත්
මගේ ගේෙදාර අත හැරලා යන්න මට කියන්න එපා. මම හරිහම්බ කරලා ගොඩනඟපු
දේවල් දාලා මම කොහේ යන්නද?'
නැවතත් බෝධි පූජා හතක් පවත්වා ඊළඟ ඉරිදා පැමිණෙන ලෙසින් නිවෙසේ මස්, මාළු,
බිත්තර, කරවල, උම්බලකඩ භාවිතය පමණක් නොව පපඩමක් පවා නොබදින ලෙසත් නියම
කෙළේය.
ඊළඟ දිනයේද ඔවුහු පැමිණියහ. දරුවා ඒ දින හතේ කැමැත්තෙන්ම බෝධි පූජාවට පැමිණි
බවත් පන්සල් යෑම සඳහා මල් කඩන්නට පවා උදවු කළ බවත් මව කීවාය. එසේම පෙර නොතිබූ
පරිදි නිවෙසේ අප බය කරන්නට මෙන් රාත්‍රි කාලයේ අඩි සද්ද, වහලයේ දුවන සද්ද
බද්ද, ෙදාර ජනෙල්වලට ගහන සද්ද හා නිදා සිටින විට ඇඳෙන් ඇද දමන බවත් කීවාය.'
එදිනද දරුවා දිෂ්ටි ගැන්වූයේය.
'තමුන් බොහෝම හිතුවක්කාරයි. ඇයි මෙහෙම කරන්නෙ?'
'ඒ මගේ හැටි. මම ඔය පින්කම්වලට කැමැති නැහැ. මේ ගෙදර දානයක් දුන්නත් මම
කැමැති නෑ. මම ජීවත්ව ඉන්දැද්දි එහෙම දානයක් දුන්නත් මුන්ට පිස්සු විකාර
කරනවා කියලා මම ගෙදරින් පිටවෙලා ගියා. පිටවෙලා ගිහින් රා බිව්වා.
බීලා බීලා හැන්දෑවට ගෙදර ඇවිත් රණ්ඩු කළා. හෙ--... හෙ--... හේ... ඒ
මගේ හැටි.'
හැබෑද? එහෙනම් මගේ හැටිත් පෙන්වන්නම් කියා නාගොඩවිතාන මහතා සිය ආධ්‍යාත්මික
ශක්තිය ප්‍රේත ජීවියා වෙත එල්ලකොට කිරණ ශක්තියෙන් දවාලීය.
'එපා... එපා... දැවිල්ලයි.. දැවිල්ලයි.. පිච්චෙනවා.. යන්නම් යන්නම්.. යැයි
කෑගසන්නට වූයේය.
'තමුන්ට මම දවස් ගණනක් අවවාද කළා. තමුන් ඒවා පිළිගත්තේ නෑ. දැන් කිරිනේරිස්ව අපට
විශ්වාස නෑ' යි කියා ආධ්‍යාත්මික ශක්තියෙන් ප්‍රේත ජීවියා බැඳ ඒ නූල නිවෙසේ මල් පහන්
පූජා කරන බුදු පහන ළඟ තබන ලෙසත් සතියක් තිස්සේ බුදු පහන නොනිවා දල්වා තබන ලෙසත්
උපදෙස් දුන්නේය. මේ සතිය පුරා නිවෙසේ සියලු දෙනාම උදේ හවස බුද්ධ වන්දනාවට
සහභාගි වන ලෙසත් එහිදී පිරිත් සූත්‍ර කීපයක් හඬ නඟා සජ්ජායනා කරන ලෙසත් නියම කෙළේය.
නැවත එන විට නූලද රැගෙන එන ලෙසත් කීවේය.
ඊළඟ සතියේද මවුපියෝ දරුවා කැඳවාගෙන පැමිණියහ. එදිනද දරුවා ප්‍රලය විය.
'අනේ මහත්තයා. මට හිරිහැර කරන්න එපා. පින් අයිතිවෙයි. මාව නිදහස් කරන්න. කියන
තැනකට මම යන්නම්.'
'ආ... දැන් තමුන් අපටත් පින් දෙනවද? හොර තක්කඩියා. වහාම පලයන්. නැත්නම් උඹව
ආයෙත් බැඳලා දානවා.'
'මහත්තයා මම පොඩි කාලෙ කැලණි ගිහින් තියෙනවා. ඒක මතකයි. මාව කැලණියට යවන්න,
ප්‍රේත ජීවියා කැලණියට යැව්වේය. කිරිනේරිස්ගේ දේපොළවල ආදායමටද ගහකොළවල
දේ ද සම්බන්ධ කොට නිවෙසේ දානයක් දී පින් අනුමෝදන් කරන ලෙස උපදෙස් දුන්නේය.
මේ ලිපිය FACEBOOK එකේ තිබිල දැකල Share කලේ. මම ඔය කතා පොඩ්ඩක්වත් පිළිගන්න කෙනෙක් නෙමෙයි. මව්බිම පත්තරේ Promote කර ගන්න කරන හිඟන වැඩ උඹලටත් පෙන්නන්න ඕනේ නිසා මේක දැම්මේ.

Last edited: