ලියූ පොත අනාවැකිය වැරැදුණැයි කාළා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ලියූ පොත අනාවැකිය වැරැදුණැයි කාළා

    බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ දී විපක්ෂ නායක ජෙරමි කෝර්බින් ප්‍රමුඛ කම්කරු පක්ෂය සම්බන්ධයෙන් පළ කළ අනාවැකිය වැරැදුණු බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරයකුට ඔහු විසින් ලියූ පොතක් ඉරා කෑමට සිදුවිය.



    මැතිව් ගොඞ්වින් නමැති මෙම මහාචාර්යවරයා කෙන්ට් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්යවරයකු පමණක් නොව දේශපාලන විශ්ලේෂකයකු ද වෙයි.

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මහාචාර්ය මැතිව් ලියූ ‘බ්‍රිරක්සිට්: වයි බ්‍රිටන් වෝටඞ් ටු ලීව් යුරෝපියන් යූනියන් (යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න බ්‍රිතාන්‍යය ඡන්දය දුන්නේ ඇයි) යන පොත අතිශයින් ජනප්‍රියය.

    බ්‍රිතාන්‍ය මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය අට වැනිදාය.

    ඊට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහාචාර්යවරයා මැතිවරණය සම්බන්ධයෙන් අනාවැකි පළ කළේය.

    නිසැක වශයෙන්ම අගමැතිනී තෙරේසා මේ සහ ඇගේ කොන්සවර්ටිව් පක්ෂයට බහුතර බලය හිමිවන බව මහාචාර්යවරයා පැවැසීය.

    ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය සහ කම්කරු පක්ෂ නායක ජෙරමි කෝර්බින් සම්බන්ධයෙන් ද මහාචාර්යවරයා කියා සිටියේ කෝර්බින්ට සහ කම්කරු පක්ෂයට සියයට 5 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වනු ඇති බවය.

    ‘ජෙරමි කෝර්බින්ට සහ ඔහුගේ කම්කරු පක්ෂයට සියයට 5 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගන්න බැහැ. එහෙම ලබා ගන්න පුළුවන් වුණොත් මම මගේ නවතම පොත කැමැත්තෙන්ම කනවා.’ යැයි මහාචාර්ය මැතිව් ගොඞ්වින් ට්විටර් පණිවුඩය හරහා පොරොන්දුවක් දුන්නේය.

    ඡන්ද ප්‍රතිඵල අනුව කෝර්බින් ප්‍රමුඛ කම්කරු පක්ෂය සියයට 38 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත්තේය.

    ඒ අනුව, පසුගිය දා ස්කයි නිවුස් රූපවාහිනී නාළිකාව හරහා සජීවීව පෙනී සිටිමින් තමා ලියූ පොත ඉරා කෑමට මහාචාර්යවරයාට සිදුවිය.
     
    • Like
    Reactions: amoeba2576