ලියෝනාඩෝ ඩාවින්සි
ලියෝනාඩෝ ඩාවින්සි යනු ලෝකය සිතා සිටිනවාට වඩා වෙනස් වූ මිනිසෙකි. 1452 දී ඉපිද 1512 දී මිය යන තුරුම මේ මහා චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද්දේ චිත්‍ර 20 ක් පමණි. එයිනුත් 15 ක් පමණක් දැනට ඉතිරිව තිබේ. චිත්‍ර ඇඳීමට වඩා කාය ව්‍යවච්ඡේදන විද්‍යාව කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ ඔහු වසර 60 කට කෙටි වූ සිය ජීවිත කාලය තුළ මළ මිනි දහස් ගණනක් කපා ඒවායෙහි ඇති අභ්‍යන්තර අංගෝපාංග සිතුවම් කළේය. එබඳු දින සටහන් සහිත කඩදාසි 7000 ක් පමණ කාය ව්‍යවච්ඡේදන විද්‍යාව ගැන උනන්දුවක් තිබූ මිතුරන් අතර ඔහු විසින් බෙදා හරිනු ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මිනිසුන්ගේ සහ සතුන්ගේ කයෙහි බාහිර සහ අභ්‍යන්තර ස්වභාවය විස්තර කරමින් ඩාවින්සි විසින් අඳින ලද චිත්‍ර විශාල ප්ර්රමාණයක් 17 වැනි සියවසේ පටන් බ්‍රිතාන්‍ය රජ පවුල සතුව තිබිණ. ඩාවින්සි ජීවත් වූ කාලයේදී මළ සිරුරක් කපා කොටස් කර ඒවායේ චිත්‍ර ඇඳීම ඉතා දුෂ්කර විය. හේතුව එකල මළසිරුරු එම්බාම් කිරීමක් නොතිබුණු නිසා ඉතා වේගයෙන් කුණු වීමත් ඉදිමීමටත් පටන් ගැනීමය. ඉන්ද්‍රියන් ඉදිමුණොත් අඳින්නට සිදුවන චිත්‍රය සම්පූර්ණ විකෘතියක් බවට පත්වෙයි. ඩාවින්සි මනුෂ්‍ය ශරීරයේ අභ්‍යන්තර පටක, මාංශ පේෂි, කාටිලේජ, අස්ථි වැනි සියලු දේ කුණුවීමට හෝ ඉදිමීමට පෙර වහා චිත්‍රයට නංවන ලද්දේය.
ලියනාඩෝ ඩාවින්සි මිනී කැපීම සඳහා ඉතා තියුණු උපකරණ ස්වල්පයක් තබාගෙන සිටියේය. අස්ථි කපන කියතක්, සැත් පිහියක්, අඬු කිහිපයත් ඒ අතර විය. ඔහු මේ ආයුධවල චිත්‍ර ද ඇන්දේය. ඩාවින්සි විසින් අඳින ලද කාය ව්‍යවච්ඡේදන චිත්‍ර කොතරම් නිවැරැදි ද යත් සමහර විද්‍යායතන අදටත් උගැන්වීම් කටයුතු සඳහා ආදර්ශ ලෙස පාවිච්චි කරන්නේ එම චිත්‍රය.
ලොව එතෙක් මෙතෙක් ජීවත් වූ කාය ව්‍යවච්ඡේදනය පිළිබඳ හොඳම ශිෂ්‍යයා ලෙස පිළිගැනෙන්නේ ලියොනාඩෝ ඩාවින්සි ය. ඔහුගේ මිනී කැපීමේ කලාව සහ කාය ව්‍යවච්ඡේදන විද්‍යාව අඩංගු චිත්‍ර එකතුව බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහරැජින ඔටුණු පළඳා වසර 60 ක් පිරෙන මේ වසරේදී ප්‍රදර්ශනය කිරීමට බකිංහැම් මාළිගය තීරණය කර තිබේ. මනුෂ්‍ය ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන රූපසටහන් සහිතව දීර්ඝ ග්රන්ථයක් සම්පාදනය කිරීමට ඩාවින්සි සිතා සිටිය ද එය කවදාවත් නිම කිරීමට ඔහුට නොහැකි විය. එයට හේතුව මිනිස් ශරීරය තූළ රුධිර සංසරණය වන ආකාරය නිසි පරිදි හෙළි කර ගැනීමට ඔහුට කවදාවත් අවස්ථාව නොලැබීමය. මේ වැදගත් කාරණය නැතිව සිය ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් වැඩක් නොවන බව ඩාවින්සි කල්පනා කළේය. ඒ නිසා එම ග්‍රන්ථය සඳහා පිළිවෙළ කළ සියලු සටහන් ඔහු පසෙකට කර තැබුවේය.
1452 දී ඉතාලියේ ගැමි තරුණියකගේ සහ නීතිඥ පියකුගේ පුත්‍රයා ලෙස ලියෝනාඩෝ උපන්නේය. ඔහු උපදිනවිට දෙමාපියන් නීතියෙන් විවාහ වී නොසිටි බැවින් ඔහු අවජාතක දරුවකු ලෙස සලකන ලදී. මේ නිසා තරුණයකු බවට පත් වූ කල එකල පැවැති සමාජ ක්‍රමයට අනුව පිළිගත් වෘත්තියක නියෑලීමට තහනම් විය. ඒ අනුව ඔහු චිත්‍ර ශිල්පය තෝරා ගත්තේය. තමන්ට වෛද්‍යවරයකු වීමට කිසි දවසක සමාජය ඉඩ නොදෙන බව දැන සිටියත් 1480 සිට ලියෝනාඩෝ කාය ව්‍යවච්ඡේදන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව ගැන පර්යේෂණ කිරීමෙහි නියුතු විය.
ඔහුගේ පර්යේෂණවල මුල් යුගයේදී මළ මිනි ලබා ගැනීම ඉතා දුෂ්කර විය. ඒ බැවින් ඔහු මිය ගිය තිරිසන් සතුන්ගේ සිරුරු කපා ඒවා ගැන හදාරමින් චිත්‍ර අඳින්නට විය. මනුෂ්‍ය කාය ව්‍යවච්ඡේදනය කෙරෙහි මහත් සේ ආසක්ත වූ ඔහු සිය ජීවිතයේ පස්වන සහ හයවන දශක සම්පූර්ණයෙන්ම කැප කළේ වෛද්‍ය විද්‍යාව කෙරෙහිය. මේ කාලයේදී ඔහු කිසිම අලුත් චිත්‍රයක් සිතුවමට නගා නැත.
ප්‍රසිද්ධ චිත්‍ර ශිලපියකු බවට පත් වූ පසු කපා බැලීම සඳහා මළසිරුරු සොයා ගැනීමට ඔහුට අපහසු වූයේ නැත. ඒ අනුව රෝහල් වෙත ගොස් මළ සිරුරු ලබා ගත්තේය. මිනිස් සිරුරු 30 කට වැඩි ප්‍රමාණයක් කපා බැලීමට ඔහුට මෙහිදී හැකි විය.
හෘදය සහ ශරීරයට රුධිරය ගෙන යන මහා ධමනිය මළ සිරුරකින් ඉවත් කරගත් ඔහු එමගින් හෘදයේ සිට ශරීරයට රුධිරය පොම්ප කරන ආකාරය හිතින් අනුමාන කර සටහන් කර තැබීය. එදා ඩාවින්සි සටහන් කළ රුධිර සංසරණ ක්‍රමවේදය නූතන වෛද්‍යවරුන් විසින් හරියටම සොයා ගන්නා ලද්දේ 20 වැනි සියවසේදී කළ MRI ස්කෑන් පරීක්ෂණ මගිනි.
කෙසේ වුවද පසු කාලයේදී විලියම් හාවි නමැති වෛද්‍යවරයා විසින් සොයා ගන්නා තෙක් රුධිර සංසරණය වෛද්‍ය විද්‍යාවට ගැටලුවක් වී තිබිණ. රුධිර සංසරණය අංගසම්පූර්ණ ලෙස සිදුවන්නේ කෙසේද යන්න සෙවීම සඳහා විලියම් හාවි ගිය දුර යැමට ඩාවින්සිට හැකිවූයේ නැත.
1507 දී ඩාවින්සිට සියක් අවුරුදු වයස් වී යෑයි කියූ මිනිසකුගේ මළ සිරුරක් කපා බලන්නට ඉඩ ලැබිණ. මළ සිරුරේ මාංශපේෂී කැපූ ඩාවින්සි මියගිය මිනිසා 60 හැවිරිදි පුද්ගලයකු බව කීවේය. ඔහුගේ හදවතේ ධමනි ගල්වී තිබිණ. මෙයට හේතුව හෘද කපාට අවහිරවීම බව ඩාවින්සි කීවේය. ලෝක ඉතිහාසයේ මෙකී වෛද්‍ය විද්‍යාත්මක සාධකය සොයාගත් මුල්වතාව මෙය විය.
මියගිය මිනිසාගේ අක්මාව සිරෝසිස් රෝග ලක්ෂණ පළ කළේය. සිරෝසිස් වැළඳීමට හේතුව මධ්‍යසාර බව සාමාන්‍ය පිළිගැනීමය. එහෙත් සිරෝසිස් වැළඳෙන්නේ මන්දපෝෂණය නිසා බව ඩාවින්සි විශ්වාස කළේය. එය සත්‍යයකි. මත්පැන් පානය කරන්නා හරියාකාරව ආහාර නොගනී. ඒ නිසා ඔහුගේ ආමාශය මන්දපෝෂණයෙන් පෙළෙයි.
වසර 100 ක් ජීවත් වූයේ යෑයි කියන පුද්ගලයාගේ අභ්‍යන්තර ඉන්ද්රියයන් වැඩි හරියක චිත්‍ර ඩාවින්සි විසින් ඇඳ ඇත. ඔහුගේ මෞත්‍ර ලිංගික පද්ධතිය, මුත්රාබොක්ක යනාදියේ චිත්‍ර ඇතුළු සෙසු චිත්‍ර සියල්ලම 100% ක් නිවැරැදිය.
ඩාවින්සිට වැරදුණු තැන් කිහිපයක්ද විය. ඒ ස්ත්‍රී ප්‍රජනන පද්ධතියයි. මියගිය ගැබිණි කතුන් කපා බලන්නට ඉඩ නොලද නිසා ඔහු කළේ මියගිය ගැබිනි එළදෙනෙක් කපා බැලීමය. ඒ බැවින් ඩිම්බ කෝෂය සහ පැලෝපීය නාලය වැරැදි තැන්වල තබා කාන්තා ගර්භාෂ ඇදීම ඔහු කළේය.
ශුක්‍රාණු නිපදවෙන්නේ කොඳුඇට පේළියෙහි බව ඔහු විශ්වාස කළේය. මිනිස් කාය ව්‍යවච්ඡේදනය පිළිබඳ ගලින් සහ ඇරිස්ටෝටල් වැනි චින්තකයන් පළ කළ මත වලින් ගැලවීමට ඔහුට උවමනාවක් නොවීය. හෘදය උණුසුම නිපදවන ඒකකයක් බවත් පෙනහළුවල කාර්ය භාරය වන්නේ හෘදය සිසිල් කිරීම බවත් ගලින් සහ ඇරිස්ටෝටල් මෙන්ම ඔහුද කල්පනා කළේය.
ඒ අතර අංගසම්පූර්ණ මිනිසා අත් පා විහිද සිටින කළ ඔහුගේ අත් ඇඟිලි සහ පා ඇඟිලි ස්පර්ෂ වන ලෙස වෘත්තයක් ඇඳිය හැකි බව ඩාවින්සි විශ්වාස කළේය. එහෙත් එය වැරැදි මතයක් විය.