paw ban. leak wechcha video balala mokakada ban ganna athal eka. kollawa wishwawasha karala video karanna denawa u ponnayek wela leak karanawa anith un rasa kara kra balanawa
ලීක් විඩියෝ ගැන මගේ අදහස
සිරාබන්. මම නම් ලීක් වෙච්ච ඒවා දැන් බලන්නේ නෑ .
අපිත් ඔය පව් කාර වැඩේට හවුල් වෙන එකයි ඕකෙන් වෙන්නේ. කොල්ලව විශ්වාස කරලා ආවම, ඌ රෙකොඩ් කරලා හතර වටේ යවනවා. ඊට පස්සේ අපේ උනුත් ඕවා අතින් අත යවනවා. අන්තිමට විඩියෝ එක රටම දකිනවා. අන්තිමට කෙල්ලට පාරේ බැහලා යන්නත් බැරි වෙනවා. ඒකිව කවුරුත් බදින්නෙත් නෑ, බඩු ලේබල් වැදිලා නවතින්නේ. අපිත් මේවලට වක්‍ර ලෙස සම්මාදම් වෙනවා හරියට පූජාවකදි මල් වට්ටි වලට අත තියලා වැදලා පින් රැස් කරගන්නවා වගේ මේවලින් අපි පව් රැස් කරගන්නවා සම්මාදම් වෙන නිසා. කෙනෙක්ගේ ජීවිතය විනාශ වෙන දේවල් වලට සම්මාදම් වෙලා කාළකන්නි සතුටක් ලබලා වැඩක් නෑ. මේක එකක් විතරයි, එක්ස් ගොසිප් එකේ මේ වගේ තව ඕන තරම් තියෙනවා. උන් පාරේ යන ගෑණුන්ගේ, ඉස්කෝලේ ටීචර්ස්ලාගේ, බස් වල කෙල්ලොන්ගේ, රූම්ස් ගිහින් ලීක් වෙච්ච ෆොටෝස් විඩියෝස් හැමදාම වගේ ෂෙයාර් කරගන්නවා. අපි ඒවා බලන්න බලන්න උන් ෆෝම් වෙල තව වැඩි වැඩියෙන් ෂෙයර් කරනවා. ඉල්ලුමටම හරියන හරි සැපයුමක් දෙන්න බැරි උනාම උන් තවත් ඇඩ්වාන්ස් විදියට මේවා කරන්න ගන්නවා. මුන් රූම්ස් අස්සේ හිඩ්න් කැමරා දාගෙන, බස් වල යන කෙල්ලොන්ගේ සායවල් යටින් ෆෝන් තියාගෙන, රෙදි කඩවල චේන්ජින් රූම්ස් වල , ටොයිලට් අස්සේ හිඩන් කැමරා අටවගෙන තව තව රෙකෝර්ඩ් කරලා ලීක් කරනවා. එක්ස් ගොසිප් එකට එන්නෙත් නැති ඒවා තව ඕන තරම් තියෙනවා. මෑතකදි ෆෝන් රෙපායර් කරන එකෙක් මාට්ටු වෙලා ඌ කියලා තිබ්බා ඌ ඉන්දියන් උන්ට උස්සපු නිල් විඩියෝස් විකුණනවා කියලවා.මේවා මහා ගොබ්බ වැඩ. මේ වගේ අනුන්ගේ ප්‍රයිවාසි එක උල්ලංඝණය කරන සයිට් හරිනම් බෑන්ස් කරලා දාන්න ඕනේ.
Last edited:




