ලුණු දමන සුපිරි රථය

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලුණු දමන සුපිරි රථය

    ලුණු දමන සුපිරි රථය


    2014-quant-e-sportlimousi-2_600x0w.jpg



    ජර්මන් විද්‍යාඥයන් පිරිසක් විසින් නිපදවූ ලුනු වතුරෙන් ධාවනය වන කාරය ජර්මනිය ඇතුළු යුරෝපයේ මාර්ගවල ධාවනය සඳහා අවසර ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැයට කිලෝ මීටර 350ක වේගයෙන් ධාවනය කළ හැකි මේ කාරය පණගන්වා තත්ත්පර 2.8 දී පැයට කිලෝ මීටර 100ක් වෙගයක් ලබාගත හැකිවීම විශේෂත්වයකි.

    ක්වොන්ට් ඊ ස්පෝට්ස් ලිමොසින් ලෙස නම්කැර ඇති මේ නව කාරයේ ඇති විදුලි මෝටර හතර ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් විච්ඡේදනයෙන් සැපයෙන බලයකිනි. ලවණ ජලය හෙවත් ලුණු වතුර ඉන්ධන ලෙස භාවිතාවන මෙහි ක්‍රියාකාරිත්වය හයිඩ්‍රජන් ඉන්ධන කෝෂවලට සමානය.
    මෙහි එක් ටැංකියක ලවණ ජලය පුරවා ඇත. ඒ ලවණ දියරය පෙරණ පටලයක් හරහා අනෙක් ටැංකියට මාරැ වෙයි. ඒ ක්‍රියාවලියේ දී විදුලි ආරෝපණයෙන් ඇතිව විදුලිය සුපිරි කැපෑසිටරයන් හෙවත් ධාරිතකයන් මගින් ගබඩාකර රථයේ රෝදවලට සවිකර ඇති මෝටර්වලට බෙදා හරියි.
    නිෂ්පාදකයන් පවසන්නේ කාරයේ ඇති ලීටර 200 ජල ටැංකියෙන් කිලෝ මීටර 600ක දුරක් ධාවනය කළ හැකි බවයි. 2014 වර්ෂයේ මහජනයා සඳහා මුල්වරට ප්‍රදර්ශනය කැරුණු මේ කාරයේ ඇති බැටරිවල බලශක්තිය එයට සමාන වූ ලිතියම් අයන් බැටරියක මෙන් පස්ගුණයක් වැඩි බව ද නිෂ්පාදකයෝ කියති.



    මේ මෝටර් රථය නිපදවූ ජර්මනියේ ලීචෙන්ස්ටීන් හී නැනෝෆ්ලෝසෙල් ඒජී සමාගමේ සභාපති මහාචාර්ය් පපීටර් එලර්මාන් පවසන්නේ මෝටර් රථ කර්මාන්තයට වඩා එහා ගිය සැළසුම් තම සමාගම සතුවන බවයි. ගෘහස්ථ බලශක්ති පද්ධතිවලටත්, දුම්රිය, නාවික, ගුවන්යානා ආදී අංශවලටත් මේ බලශක්තිය හඳුන්වාදීම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත.

    NanoFlowcell-Quant-Geneve_11.jpg


    QUANT-e-Sportlimousine-back.jpg


    QUANT-e-Sportlimousine-designboom01.jpg




    වේරගොඩගේ සජිව විජේවීර
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ඕකයි දැනට තියෙන නිසාන් ලීෆ් වගේ කාරුයි අතර තියෙන ඒකම වෙනස ලිතියම් අයන් බැටරි වෙනුවට ලුණු වතුර බැටරි තියෙන එක විතරයි, ඔය ලුණු වතුර බැටරියත් කොහෙන් හරි චාජ් කොරන්න ඕනෙ. එකම විශේෂත්වේ ලිතියම් අයන් බැටරියට වඩා පරිසර හිතකාමියි, බැටරිය ලිතියම් අයන් බැටරියට වඩා ලේසියෙන් මුල් තත්වෙට ගන්න පුළුවන්, බැටරිය ලොකු වෙන්න ලොකු වෙන්න මිල වැඩි වෙන්නේ නෑ ලිතියම් අයන් බැටරිය තරං.