ලුණු_රස_මදි_වගේද_?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලුණු_රස_මදි_වගේද_?

    ලුණු රස මදි වගේද ???

    01-43.jpg

    එදිනෙදා ජීවිතයේ දී විශේෂයෙන් ආහාර සම්බන්ධ කටයුතුවල දී ලූණු ඉතාමත් සුලබ ව දක්නට ලැබෙන අංගයකි. මූලික වශයෙන් සෝඩියම් ක්ලෝරයිඞ්වලින් සැදුණු ලූණු ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ඛනිජ ලවණයකි. ඈත අතීතයේ සිටම ආහාර රසකාරකයක් මෙන්ම ආහාර සංරක්ෂක ද්‍රව්‍යයක් වශයෙන් ද ලූණු භාවිතයට ගැනුණි. එසේම ලූණු, ආහාරවල ක්‍ෂුද්‍ර ජීවි වර්ධනය වළක්වන අතර ආහරයේ රස මතු කිරීමට ද සමත් ය.

    ලූණු, සිරුරේ ජලය ප‍්‍රමාණය සමායෝජනය කිරීමටත් (තරලවල සමතුලිතතාවය පවත්වා ගැනීම), සෝඩියම් අයන ස්නායු පද්ධතියේ ආවේග සම්පේ‍්‍රෂණය කිරීමේදීත් උපකාරී වෙයි. එසේ වුවද වැඩිපුර ලූණු පරිභෝජනය විවිධ සෞඛ්‍ය ගැටළු ඇති කරයි. එම නිසා සෞඛ්‍ය සංවිධාන ආහාරයට එකතු කර ගනු ලබන සෝඩියම් ප‍්‍රමාණයට සීමාවක් නිර්දේශ කර ඇත. ඇමෙරිකානු හෘද සංගමය (American Heart Association) දිනකට එක් අයෙකුට සෝඩියම් ග්‍රෑම් 1.5ක් නිර්දේශ කර තිබේ. මෙම අගය පුද්ගලයෙකුගේ වයස අනුව, සෞඛ්‍ය තත්වය අනුව, ස්ත‍්‍රී, පුරුෂ භාවය අනුව සහ වෙනත් නොයෙක් සාධක අනුව වෙනස් විය හැකියි. ග්‍රෑම් 1.7කට වැඩි නොවූ සෝඩියම් ප‍්‍රමාණයක් (එනම් ලූණු ග්‍රෑම් 4.2ක ප‍්‍රමාණයක්) පරිභෝජනය, රුධිර පීඩනය අඩු කර ගැනීමට උපකාර වන අතර එම ප‍්‍රමාණය වෙනත් අහිතකර බලපෑම් හා සම්බන්ධතාවක් ඇති නොකරයි.

    02-42.jpg

    ලූණු පරිභෝජනයේ තීව‍්‍ර බලපෑම් . . .

    නියමිත ප‍්‍රමාණයට වැඩිපුර හෝ අඩුවෙන් හෝ ආහාර වේලට ලූණු එකතු කර ගැනීම නිසා මස්පිඩු පෙරළීම, කරකැවිල්ල, ස්නායු ආවේග සම්පේ‍්‍රෂණය පිළිබඳ ගැටළු මෙන්ම මරණය උවද සිදු විය හැකි ය. ප‍්‍රමාණවත් ලවන ප‍්‍රමාණයක් පරිභෝජනයට නො ගෙන විශාල ජල ප‍්‍රමාණයක් පානය කිරීමෙන් මරණය පවා සිදු වන්නට පුළුවන. (Water Intoxication) එසේ ම කුඩා කාලයක දී විශාල ලවන ප‍්‍රමාණයක් ශරීර ගත වීමෙන් ද මරණය සිදු විය හැකි ය.

    ලූණු පරිභෝජනයේ දීර්ඝ කාලීන බලපෑම් . . .

    ලූණු පරිභෝජනයේ දීර්ඝ කාලීන ප‍්‍රතිඵල පිළිබඳ විද්වතුන් නොයෙකුත් මතවාද දරයි. විවිධ පර්යේෂණ මඟින් පහත සඳහන් රෝග සහ ලූණු පරිභෝජනය අතර සම්බන්ධතාවයන් පවතින බව සනාථ කර ඇත.

    1. ආඝාතය (Stroke) සහ හෘදවාහිනී සම්බන්ධ රෝග (Cardiovascular Disease)
    2. අධි රුධිර පීඩනය
    3. හෘද විවර්ධනය (Cardiac Enlargement)
    4. වකුගඩු ආශ‍්‍රිත රෝග
    5. තරල එක් රැස් වීම
    6. උදරය ආශ‍්‍රිත පිළිකා

    ලූණු, රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉතා වැදගත් සාධකයක් ලෙස හඳුනාගෙන ඇත. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු රෝග යනා දී බොහෝ රෝග සඳහා අධිරුධිර පීඩනය හේතු සාධකයකි. දිනකට ග්‍රෑම් 3ක ලූණු පරිභෝජනය අඩු කිරීමෙන් අධිරුධිර පීඩනය සහිත රෝගීන්ගේ රුධිර පීඩනය 3.6 – 5.6 / 1.9 – 3.2mmHg ප‍්‍රමාණයකින් අඩු වන බව සොයා ගෙන ඇති අතර එමඟින් ආඝාතය 13% කින් ද හෘදයාබාධ 10% කින් ද අඩු කර ගත හැකි බවට අනුමාන කර ඇත.

    03-41.jpg

    එසේ ම වැඩිපුර ලූණු පරිභෝජනය ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි ආශ‍්‍රිත රෝග හට ගන්නට බලපෑ හැකි අතර ම මුත‍්‍රාශයේ ගල් හට ගැනීමේ අවදානම ද වැඩි කරයි. එමෙන් ම සිරෝසිස් වැනි රෝගවලින් පෙළෙන රෝගීන්ට සම්පූර්ණයෙන් ම ලූණු පරිභෝජනයෙන් වළකින්නට හෝ සීමා කරන්නට වෛද්‍ය උපදෙස් ලැබේ.

    සකසන ලද ආහාරවලට ආහාර නිෂ්පාදකයන් ලූණු එකතු කිරීම සිදු කරන අතර පුද්ගලයකුගේ ලූණු පරිභෝජනයෙන් 76% ක් අයත් වන්නේ මෙම ආහාර භාවිතයෙන් එකතුවන කොටසටය. 5% ක් ස්වභාවිකව ආහාරවල අඩංගු වේ. 19% ක් ආහාර පිසින විට හෝ අනුභවයේ දී එකතු කරන ලූණු නිසා සැපයේ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වා ගැනීම සඳහා ලූණු පරිභෝජනය අඩු කර ගැනීමට භාවිත කළ හැකි ප‍්‍රායෝගික ක‍්‍රම කිහිපයකි. එනම්, වෙළඳපොළේ ඇති අධික ලූණු සහිත සකසන ලද ආහාර පරිභෝජනය සීමා කර නිවසේ පිසින ලද ආහාර වැඩිපුර පරිභෝජනයට ගැනීම, ආහාර සඳහා ලූණු එක් කිරීම වෙනුවට ගම්මිරිස්, විනාකිරි, දෙහි වැනි වෙනත් රසකාරක භාවිත කිරීම, ආහාර පිසීමේ දී ලූණු වෙනුවට ආදේශක භාවිත කිරීම (මෙහි දී වකුගඩු අබාධ, හෘදයාබාධ හෝ දියවැඩියාව සහිත පුද්ගලයන් වෛද්‍ය උපදෙස් අනුව ආදේශක භාවිත කළ යුතුය.), සෝඩියම් වෙනත් ආකාරවලින්ද ආහාරයට එක් කර තිබිය හැකි බැවින් (මොනොසෝඩියම් ග්ලූටමේට්, සෝඩියම් බයිකාබනේට්, බේකින් පව්ඩර්, ඩයිසෝඩියම් ෆොස්ෆේට් වැනි) සකසන ලද ආහාරවල ලේබල් පිළිබඳ ව සැලකිලිමත් වීම සහ ඒ අනුව සුදුසු ආහාර පරිභෝජනයට ගැනීම යනාදී උපක‍්‍රම භාවිත කළ හැකිය.

    අහිතකර ආහාර පුරුදු නිසා අලූතින් රෝගාබාධ හට ගන්නට හෝ හටගත් රෝගාබාධ උත්සන්න වන්නට අවදානම් ඇති මුත් බොහෝ පිරිස් එය අමතක කර දමා සුපුරුදු පරිදි තමන්ගේ දිව පිනවන්නට පසුබට නොවෙති. කෙනෙකුට දිවෙන් රසය දැන ඒ රසයට නොඇලෙන්නට නොගැටෙන්නට හැකි නම් කෙතරම් අගනේද ?

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එළකිරි පොස්ට් එකක් :)
    අනිත් අය වෙනුවෙන් බම්ප් එකක් :)
    +4 ;)