ලූෂන් බුලත්සිංහල

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ලූෂන් බුලත්සිංහල

    මට කලකිරීමක් නෑ... එකම දේ නැවත නැවත කරන්නේ නෑ... මිථ්‍යාව අවිද්‍යාව රජවෙලා... - ලූෂන් බුලත්සිංහල සමග කළ කතාබහ




    lushan1.jpg
    පාසල් වේදිකාවෙන් කලාව හඳුනාගත් ඔහු ඒ මඟ යමින් රංගන ශිල්පියෙක්. නාට්‍යකරුවෙක්. ගීත රචකයෙක් මෙන්ම නිවේදකයෙක් ලෙස අපේ රටේ කලා ක්‍ෂේත‍්‍රය තුළ නොමැකෙන සටහන් තැබූ සුප‍්‍රකට කලාකරුවෙකි. සිවිල් සේවකයකු ලෙස ගුවන් විදුලියේ මෙන්ම රූපවාහිනියේද සුවිශේෂී කතාබහකට ලක්වන්නට තරම් ප‍්‍රබල චරිතයක් වූ ඔහු අද දවසේ පෙනෙන මායිමක නොමැති නිසාම "මීවිත" ලූෂන් බුලත්සිංහල නම් වූ ඒ ප‍්‍රතිභාපූර්ණ කලාකරුවා සොයා ගියෙමු.


    ඔබේ කුඩා අවධිය ගැන මතකය අවදි කළොත්

    නිදහසට අවුරුදු හයකට ඉස්සෙල්ල 1942 දී රත්මලානෙ වෙඩිකන්ද ප‍්‍රදේශයේ මම උපන්නෙ. ඒ කිට්ටුව තමයි සුදු ජාතිකයන්ගෙ කඳවුර තිබුණෙත් නිදහස දෙන්න ප‍්‍රකාශයට පත් වුණාට පස්සෙ මේ අය කෑම්ප් එක ගලවගෙන ගියහැටි ඒ අය ළඟ තිබුණ බිස්කට් චොක්ලට් අපි වගේ පුංචි ළමයින්ට දීල ගිය හැටි මට මතකයි තාත්ත ආර්. බී. එම්. පෙරේරා, අම්ම එච්. ජී. ජේන් නෝනා, තාත්තට වත්කමක් තිබුණෙ නෑ මාව ඉංගී‍්‍රසි පාසලකට යවන්න. රජයේ ආධාර ලබන රත්මලානෙ ධර්මාලෝක විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තෙ. පන්සලේ ඉස්කෝලෙ වුණාට දෙමළ, මුස්ලිම් ළමයි අපිත් එක්ක එකට ඉගෙනුම ලැබුවා.

    පවුලේ විස්තර

    මට හිටියෙ සහෝදරයො තුන් දෙනයි සහෝදරියො දෙන්නයි. එයින් අද සහෝදරයො දෙන්නෙකුත් එක් සහෝදරියකුත් ජීවතුන් අතර නැහැ. අපි තුන්දෙනයි ඉන්නෙ.

    lushan2.jpg
    පාසල් කාලයේ කලාවට තිබුණ නැඹුරුව

    අටේ පන්තියට එද්දි තමයි මම කලාවට ටිකක් නැඹුරු වුණේ. පාසලේ වාර අවසානයේ නිවාඩු දෙන දවසට විවිධ ප‍්‍රසංගයක් පවත්වනවා. මම ඉතින් ඒ කාලෙ තිබුණ ජනපි‍්‍රය ගීතවලට වචන දාල වෙනස් කරල එය සභාවෙදි කියනවා. ඒ විදියට පාසල් වේදිකාවෙන් තමයි මේ ගමන ආරම්භ කරන්නෙ.

    එතැනින් පස්සෙ

    ගල්කිස්සෙ පොලිසිය පිටිපස්සෙ තිබුණ ශාන්ති කලා විද්‍යා පීඨය කියල එකක්. ඒකට මාසෙකට රුපියලක් ගෙවන්න ඕන. තාත්තට කියල බොහොම අමාරුවෙන් ඒකට ඇතුළත් වුණා. ඒකෙ හිටිය ජෝසප් පෙරේරා කියල සර් කෙනෙක්. ඔහු තමයි මගේ දක්‍ෂතා හඳුනාගෙන පළමුවෙන්ම මාව වැඩිහිටි නාට්‍යයකට යොදාගත්තෙ. නාට්‍යයේ නම නම් අද මට මතක නෑ. දුප්පත්කමට අම්ම එක්ක පාරෙ හිඟාකන ළමයකුගෙ චරිතයක් මම කළේ. අත්තිඩියෙ ඉස්කෝලෙක තමයි නාට්‍යය පෙන්නුවේ.

    ඔය අතරේ අමතක නොවන සිදුවීම්?

    මගේ දක්‍ෂතා හඳුනාගත් ඒ ගුරුතුමා තමයි මාව මුලින්ම චිත‍්‍රපටයක් නරඹන්න එක්කගෙන ගියේ. ඒ අල්බේලා කියන හින්දි චිත‍්‍රපටය. ගීතාබාලි සහ භගවාන් කියන නළු නිළියන් තමයි එහි රඟපෑවෙ. එහි එන දීරේ සේ ආවාරේ කියන ගීතය තමයි මගේ පි‍්‍රයතම ගීතයත්.

    lushan33.jpg
    පාසල් ජීවිතයෙන් පසු

    එස්. එස්. සී. විභාගය සමත් වුණාට අපේ ඉස්කෝලෙ එච්. එස්. සී. තිබුණෙ නෑ. වැඩියම ලකුණු ගත්තෙ චිත‍්‍ර විෂයට. චිත‍්‍ර අඳින්න මම හරිම දක්‍ෂයි. ඒ නිසා මාපලගම විපුලසාර හාමුදුරුවො කිව්ව මේ ළමය ගිහින් රජයේ ලලිත කලා ආයතනයට ඇතුළත් වෙන්න කියලා. එහි විභාගෙට ගිහින් එය සමත් වුණා. ඒ කාලෙම අපි පදිංචිය වෙනස් කරල රත්මලානෙන් පාමංකඩට ආවා. ලලිත කලාවේ අධ්‍යාපනය අධික වියදම් සහිත එකක් වුණ නිසා මගේ තාත්තට ඒ වියදම් දරන්න අපහසු වුණා. පස්සෙ තාත්ත මට කිව්වා පුතේ උඹ ඔය අදහස අතහැරල පුළුවන්නම් ආපහු ඉස්කෝලෙ පලයං කියල. මම හිත හදාගෙන දෙහිවල මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වෙලා උසස් පෙළ හදාරන්න පටන් ගත්තා.

    කලාවට තිබූ නැඹුරුව යටපත් වුණා

    නැහැ. එතෙන්දි මට හමුවෙනව එල්. එල්. කේ. ගුණතුංග කියන හිටපු විභාග කොමසාරිස්තුමා. ඒ පාසලේ කලාවට ගොඩක් දක්‍ෂ ළමයි හිටියා. සුවිනීතා වීරසිංහ, සඳුන් විජේසිරි ඒ පාසලේ. අපි ගැන දැනගෙන ගුණතුංග මහත්මා අපේ විදුහල්පතිතුමා සමග කතාබහ කරල නාට්‍යයක් කරන්න අවසර ලබා ගත්තා වියදම විභාග කොමසාරිස්තුමාගෙන්. ළමයි ටික විතරයි පාසලෙන්. පුහුණුවීම් පාසලේම සිදුකිරීමට විදුහල්පති අවසර දුන්නා. නාට්‍යය වුණේ සාලිය අසෝක මාලා. මම සාලිය ලෙස තමයි රඟපෑවේ. ලූම්බිණි රඟහලේ රඟදක්වපු ඒ නාට්‍යය තමයි මගේ ප‍්‍රසිද්ධ වේදිකාවේ ප‍්‍රථම රඟදැක්වීම.

    හැටේ දශකයේ ඔබ නාට්‍ය ක්‍ෂේත‍්‍රයට පිවිසෙනවා

    සාලියගේ චරිතයෙන් පස්සෙ පාසලේ සිටිද්දිම මගේ මිත‍්‍රයකුගෙ මාර්ගයෙන් මන්නඩියා කියන නාට්‍යයේ රඟපාන්න අවස්ථාව උදාවුණා. මන්නඩියා කියන්නෙ ධීවර කණ්ඩායමක නායකයට.

    lushan3.jpg
    එතැනින් ඔබ ප‍්‍රසිද්ධ චරිතයක් වුණා.

    ඒ කාලෙ නාට්‍යයක් පෙන්වද්දි සිරිතක් වශයෙන් හැම පත්තරේකම කර්තෘවරයාට ප‍්‍රවේශ පත‍්‍ර කිහිපයක් යවනවා. එදා ඒ නාට්‍යය බලන්න ලංකාදීප පත්තරේ ඞී. බී. කුරුප්පු මහතාත් දවස පත්තරෙන් සිරිලාල් කොඩිකාර මහත්තයත් ඇවිත් තිබුණා. අපි කිසිකෙනෙක් ඒ අයව හඳුනන්නෙ නැහැ. පස්සෙ දවසක මට මිත‍්‍රයෙක් කිව්වා අන්න උඹලගෙ නාට්‍ය ගැන පත්තරේ තියෙනව කියලා. එදා ශී‍්‍රලාල් මහත්තය ලියල තිබුණ මූදු පුත්තු නාට්‍යයටත් වඩා ධීවර

    ජනතාවගේ ජීවන අරගලය ගැන කියැවෙන මේ නාට්‍යය ලංකාවේ හැම ධීවර ගම්මානයකම පෙන්විය යුතුයි කියල.

    ඒ තරුණ අවධියේ ඔබ රැකියාවක් සඳහාත් යොමු වෙනවා

    ඒක වෙන්නෙ මෙහෙමයි. මම උසස් පෙළ විභාගය පළමු වතාවෙ අසමත් වුණා. මගේ ගුරුවරු හැමෝම කිව්ව සාලියට රඟපාන්න ගිහින් තමයි ෆේල් වුණේ කියල. දෙවැනි වතාවට විභාගෙ කරල මම යන්තම් පාස් වුණා. ඒ වෙලාවෙ තාත්ත කිව්ව පුතේ උඹ විශ්වවිද්‍යාලෙ ගියත් මට උගන්වන්න සල්ලි නෑ රස්සාවක් කරල ඉගෙන ගනින් කියල. තාත්තම මට හිතවතෙකුගෙ මාර්ගයෙන් තිඹිරිගස්යායෙ සමුපකාරෙ කළමනාකරුගෙ ඇසිස්ටන් විදියට. රැකියාවක් හොයල දුන්නා. ඒ මගේ ප‍්‍රථම රැකියාව.

    වරින් වර රැකියාව මාරු කරන්න ඔබට සිද්ධ වෙනවා.

    සමුපකාර රස්සාවෙ ඉන්න ගමන් රජයේ ලිපිකරු විභාගයට පෙනී සිටියා. ඊළඟට පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ති‍්‍රක් කාර්යාලයේ රැකියාව හිමි වුණා. කන්තෝරුව නුවරඑළියෙ නිසා මම පේරාදෙණියෙ විශ්වවිද්‍යාලෙ බාහිර ශිෂ්‍යයෙක් විදියට ලියාපදිංචි වුණා. මම කොළඹට මාරුවීම් ඉල්ලූවා. ඒත් ලැබුණෙ අඹේවෙල සත්ත්ව ගොවිපළට. එතැන ඉඳලත් මම මාරුවීම් ඉල්ලූවා. මේක දැකල ඒ ගොවිපළේ කළමනාකරු ඇහුව ඇයි මේ මාරුවීම ලැබෙන්නෙ නැත්තෙ කියල. මම කිව්ව මෙතෙන්ට එන්න කවුරුත් කැමැති නෑ කියල. එදා එතුමා මම වෙනුවෙන් ලිපියක් අත්සන් කළා වහාම මේ තරුණයා අධ්‍යාපන කටයුතු නිසා පේරාදෙණියට මාරු කරන්න ඔහුගේ රාජකාරිය මා විසින් භාරගන්නවා කියලා ඒ විදියට මාව මහා දේශපේ‍්‍රමීන් ප‍්‍රතික්‍ෂේප කරද්දි මම ගැන හිතුවෙ වේලූපිල්ලේ ආරුමුගම් කියන ද්‍රවිඩ කළමනාකාරතුමා.

    ඔබ පේරාදෙණියට එනවා

    ඔව් එතනින් පස්සෙ තමයි සරච්චන්ද්‍ර මහත්තය ඇතුළු දැවැන්තයො හඳුනා ගන්න ලැබෙන්නෙ. බන්දුල ජයරත්නයන් තමයි මගේ නාට්‍ය ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය. ඔහු තමයි මාව නාට්‍ය කලාව හදාරන්න යොමු කළේ. ඔහු 1966 දී රාජ්‍ය නාට්‍ය උළෙලට බිහිවුණ බෝසතාණන් කියල නාට්‍යයක් කළා මට එහි ලැබුණෙ හිඟන්නෙකුගෙ චරිතයක්. හෙන්රි ජයසේනයන් පවා කිව්ව මේ සැරේ උඹ තමයි බෙස්ට් ඇක්ටර් කියල. ඒත් මට ලැබුණෙ විශිෂ්ට රඟපෑම සඳහා වූ සම්මාන සහතිකය.

    ඔය විදියට ප‍්‍රවාහන අමාත්‍යාංශයෙත් එතනින් ගුවන් විදුලි සංස්ථාවෙ අවුරුදු 11 කුත් සේවය කරල 1982.1.25 දා ඉඳල රූපවාහිනි සංස්ථාවෙ රැකියාව කරන්න මට අවස්ථාව උදාවෙනවා. බොහෝ හැලහැප්පීම් මැද තමයි රූපවාහිනියේ සේවය කරන්න ලැබෙන්නෙ. ඔය අතරෙ වැඩ තහනමකට ලක්වෙනවා. නැවත මට රූපවාහිනි සංස්ථාවේ රැකියාව ලැබුණා. ඒත් නැවත වතාවක් මාව අනිවාර්ය නිවඩු යවනවා 1997 වසරේ ඔබේ සේවය තව දුරටත් අනවශ්‍යයි කියලා. ඒ සඳහා වූ මගේ මානව හිමිකම් නඩුව විසිකළා. ඒත් කම්කරු උසාවියේ තිබූ නඩුවෙන් මට සාධාරණය ඉටුවුණා. ඔය විදියට මාධ්‍ය ජීවිතේ අවසන් වුණා.

    බිරිඳ අනුලා ඔබේ ජීවිතේට ඇතුළු වූ හැටි මතක් කළොත්

    පේ‍්‍රම රංජිත් තිලකරත්නගෙ කෝන්තරේ නාට්‍යයේ රඟපාන්න ගිහින් තමයි ඇය මට හමුවෙන්නෙ. ඒ දැන ඇඳුනුම්කම විවාහය දක්වා දුර ගියා.

    ඇයත් රංගන ශිල්පිනියක් වීම පවුල් ජීවිතේට බලපෑවෙ කොහොමද?

    ඇයත් සතොස ආයතනයේ රැකියාවක් කළා. දෙන්නගෙම රැකියාවල් සහ රඟපෑම් කටයුතු නිසා කාර්ය බහුල වුණාට හැම දේම බෙදා හදාගෙන ගැටලූවක් නොවෙන්න අපි වගබලා ගත්තා.
    lushan4.jpg

    ඔබ පිය පදවිය ලබනවා

    ඔව් දුව ඉන්‍ද්‍රචාපා 1970 වසරේ අපි අතරට එනවා අවුරුද්දකට පස්සෙ 1971 තමයි පුතා හර්ෂව ලැබෙන්නෙ.

    දියණියත් - පුතාත් රංගනයට යොමු කිරීමට ඔබ වැඩි උනන්දුවක් නොදක්වන්නේ ඇයි?

    දෙන්නම වැඩි දක්‍ෂකම් දක්වන්නෙ සංගීතයට නිසා ඒ කාලෙ කේමදාස මහත්මයාගෙ කලා පදනමට යොමු කරල සංගීතය ඉගැන්නුවා. ඒවයේ ප‍්‍රතිඵලයක් ලෙස දුව මානසවිල කියන සංගීත ඔපෙරාවෙ ප‍්‍රධාන චරිතයක් රඟපානවා. පුතත් එහි රඟපෑවා.

    වෙනත් කලා ශිල්පීන්ගේ දරුවන් හා සසඳනා විට ඒ අය ඉදිරියට ගියා මදි කියල ඔබට හිතෙන්නෙ නැද්ද?

    මාධ්‍යයේ මම හිටපු නිසා ඒ දෙන්නම ලොකු අසාධාරණකම් සිද්ධ වුණා. දුවට ඒ කාලෙම විදේශ ශිෂ්‍යත්වයක් ලැබිල ඇය ජීවත් වෙන්නෙ පිටරට එයින් මම ලොකු සතුටක් ලබනවා. හර්ෂට තමයි එහි වැඩි බලපෑම. ඒත් දෙන්නම නිවැරැදි තැන්වලට ගියා කියන එක දන්න නිසා ඒ ගැන පසුතැවීමක් නෑ.

    ඔබේ නිර්මාණ එකකට එකක් හොඳයි කියල වෙන් කරන්න බෑ. එලෙස තත්ත්වයේ පැවතීමට හේතු?

    එකම දේ නැවත නැවත මම කරන්නෙ නෑ. එක නාට්‍යයකට ඉඳුරාම වෙනස් විදියට තමයි අනිත් නාට්‍යය කරන්නෙ. ඒත් ඒ වෙනස දකින්න කවුරුවත් නැති එක තමයි පුදුමෙ.

    මේ අතර තාරාවෝ ඉගිලෙති නාට්‍යය ගැන කතා නොකරම බැහැ.

    ඔව් අදටත් ඉතා ජනපි‍්‍රය ලෙස ප‍්‍රදර්ශනය කෙරෙනවා. බන්දුල හේවාවසම් මහතා තමයි ප්ලවුටස් කියන රෝම නාට්‍යකරුවාගේ නාට්‍ය එකතුවේ පොත මට කියවන්න දුන්නෙ. "ටුවින් බ‍්‍රදර්ස්" නිවුන් සහෝදරයෝ මම කියවන්නෙ හැට ගණන්වල. මෙහි එන සහෝදරයො වෙන්වෙලා නැවත

    මුණගැසෙන්නෙ අන්ත දූෂිත දූපතකදි. ඔය කාලෙ ඒ කියන්නෙ හැත්තෑ ගණන්වල මැතිවරණ කාලෙ අපේ රට සිංගප්පූරුවක් කරනව කියල රාවයක් තිබුණනෙ. ඉතින් අපේ රටේ අයත් කිව්වා මට ඡුන්දෙ දුන්නොත් මම මේක සිංගප්පූරුවක් කරනව කියල. ඕක තමයි මට ආපු අදහස. කොහොමහරි නාට්‍ය ජනපි‍්‍රය වෙන්න ඔය දේවල් විශාල ලෙස බලපෑවා. ලොකුවට දේශපාලනේ ගැන නොකිව්වට යම් දේශපාලන පණිවිඩයක් එතන තියෙනවා.

    අද වෙනකොට නාට්‍යවලින් පේ‍්‍රක්‍ෂකයො ඈත්වෙලා නේද?

    අනිවාර්යයෙන් ඒකට ඉතින් සෑහෙන්න හේතු තියෙනවා. අපේ කුඩා කාලෙත් එක්ක බැලූවම අපි අද ශාරීරිකවත් මානසිකවත් තදබල ලෙස ලෙඩවෙලා. එහෙම රටකට කලා සංස්කෘතියෙන් වැඩක් නෑ. මිථ්‍යාව අවිද්‍යාව රජවෙලා ඉතින් කලා සංස්කෘතියට කරන්න දෙයක් නෑ.

    ඒවට හේතු හොයන්න පුළුවන් ඔබලා වැනි ප‍්‍රවීණ කලාකරුවන්ටම නේද?

    ඔව් මම ඒවට හේතු දකිනවා. එහෙමයි කියල මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. මේකට මූලික රෝග නිධානය තියෙන්නෙ මේ රටේ ජනරජ ව්‍යවස්ථාවේ. මේ විදියට මේක තියෙනකම් මේ රට කිසි දවසක ගොඩ එන්නෙ නෑ.

    අද ඔබ ක්‍ෂේත‍්‍රය ගැන කලකිරීමෙන් සිටින බව පේනවා?

    අනේ නෑ. මට කලකිරීමක් නෑ. මට මේක පේනවා සහ මම දකිනවා. මේ දේවල් අපිට වෙනස් කරන්න බැරිනම් මේකෙන් ගැලවිලා ඉන්න එක තමයි හොඳම දේ.

    ඉදිරියේදී ඔබේ නිර්මාණ රසිකයන්ට දකින්නට නොලැබේවිද?

    එහෙම වෙන්නෙ නෑ. සුදුසු වාතාවරණයක් ආවොත් මම මගේ රසික රසිකාවියො වෙනුවෙන් හැම විටම පෙනී සිටිනවා.

    මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳ ඔබ තෘප්තිමත්ද?

    එහෙම කියන්න බෑ. අපේ අතින් කරන්න තිබුණ බොහෝ දේ කරන්න අවකාශය නැති වුණා. නුසුදුසු පුද්ගලයො ඉහළ තැන්වලට පත්වීම හේතුවෙන් මගේ අවස්ථා මට නැති කරල තියෙනවා. ඒ තුළ තෘප්තිමත් කියන වචනය විහිළුවක්.

    මෑතකදී ඔබ සම්මානයකින් පිදුම් ලැබුවා

    මාධ්‍ය ජීවිතයට කරන උපහාරයක් වශයෙන් එක් වරක් පමණ ලැබෙන සම්මානය තමයි මට ඒ විදියට ලැබුණෙ. මාධ්‍ය ලෝකයේ මම නියෝජනය කරපු සියලූ අංශ එහිදී සැලකිල්ලට අරන් තිබුණා.


    ධම්මික හේවාවසම්

    ඡායාරූප - ලහිරු අසංග ශී‍්‍රනායක


    https://www.youtube.com/playlist?list=PL86B4BFFCA2951DE2
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,774
    113
    අම්මෝ මුගේ ආඩම්බරේ...ටෙලියක් ගහන්න ඇවිත් මූ විතරක් හෙන ලයින් දුන්නා...ඊට වඩා ප්‍රසිද්ධ යශෝදා, ශ්‍රියන්ත, පාලිත වගේ අයත් කට්ටිය එක්ක කතා බහ කරලා හිටියා....ඔළුව ඉදිමුණ නාකියෙක්