ලෙඩෙකු ගෙන් පාඩම්
මේ කතාවෙන් හැමෝටම හිතන්න දේවල් ගොඩක් තියනවා
Kamal Alahakoon
ඉක්මනට සුවපත් වේවා
මේ කතාවෙන් හැමෝටම හිතන්න දේවල් ගොඩක් තියනවා
මා මගේ රෝගයක් උදෙසා
රෝහල් ගතවූයේ ජීවිතේ පළමුවැනි වතාවටය.
එසේ මාරෝහල් ගතවන බව
අප්‍රසිද්ධ කරැණක්ව පවත්වාගෙන යාමට
මට උවමනා විය.
පවුලේ අයට පමණක් සීමාවූ,දෙයක් ලෙස
රැකගෙන කටයුතු කරගෙන යාමට
මුල් වටයේදී මට හැකිවිය.
එහෙත් අහඹු තත්වයක් මතුව දෙවන වරටත්
රෝහල් ගත වන්නට සිදුවූ විට
තත්වය වෙනස් විය.
වෙනත් රෝගීන් බැලීමට එන අය විසින්
දකිනු ලැබීමෙන්,
නිවසේ අයගේ වෙනස් ජීවන රටාව ඉවකල
අසල්වාසීන් විසින්,
නොකියා බැරිතැනම,
සන්නිවේදනය කරන ලද,
සමීප ඥාතීන් විසින්,
මේ ආරංචිය පැතිරින!
මා බැලීම සඳහා රෝහලට එන සංඛ්‍යාව අධික විය.
ඔවුන් ගෙන එන විවිධ ජාතියේ දේවල්,
තබාගන්නට නම්
රාක්කයක් උවමනා තත් වයක් මතුවිය!
රෝගීන් බලන වෙලාවට ,
මගේ ඇඳ ලඟ මහ පිරිසක් විය!
සියල්ලන් හටම විස්තර කතනයක යෙදෙන්නටත්,
ඔවුනගේ 'වෛද්‍ය උපදෙස්' අසා සිටින්නටති
සිදුවිය!
හැම දවසකම එම වෙලාව අවසානයේ පැමිණෙන
"එළවීමේ හමුදාව"සමඟ
මගේ අමුත්තෝ ගැටුම් ඇති කර ගත්හ!
"යන්ට තමයි ආවෙ,ඔප්පුවක් ලියව ගන්ට ආවෙ නෑ!"
ඒවා සංසිදුවන්නටද සිදු විය.
මේ කියන්නට යන "අත්දැකීම" තුළ
යම් දෙයක් ඇතැයි මට සිතේ!
ඔබත් සිතා බලන්න.
මා බැලීමට ආ ඇතැම්හු අවසානයේ
මගේ අතේ "මොණර කොළයක්,දෙකක්
"ගුලිකොට ගියහ!
"බේතක් හේතක් ගන්ට තියා ගන්ට!"
සමහරැ මගේ කොට්ටය යටට මුදලක් රිංගවා
පලා ගියහ.
පාසැල් ගුරැවරයෙකු රැපියල් තුන්දාහක්,
සාක්කුවේ ඔබා පලා ගියේය!
පසුව ඔහු ඇමතූ මම
"උඹ හරි වැරදි මිනිහෙක්!
ලංකාවෙ ගුරැවරයෙක් වෙලා කොහොමද යකෝ,මෙහෙම දන් දෙන්නෙ!"ඇසීමි.
අවසානයේ මම කිවුවේ,
"අඩේ අප්පා!මේක හොඳ ජාවාරමනේ!"
කියලාය.
කෙසේ හෝ,
එසෙම මා බැලීමට ආ මගේ පංතියේ
පුංචි දරැවෙක් "නෙල්ලි ගෙඩියක්"මිටි ගුලි කරගෙන වුත් මට දුන්නේය!
(එහි උණුසුම මට තවම දැනේ!)
ඒමගේ ජීවවිත කාලය තුළ
මා රසවිඳි 'රසවත්ම' නෙල්ලි ගෙඩියයි!
වැදගත්ම අත්දැකීම මේකය!
රටේ සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක්
මා බලන්නට ආවේය!
ඔහු "හූණු බිජ්ජක්"තරම දෙයක්වත් ගෙනාවේ නැත.!
"සත පහක්" වත් දුන්නේද නැත!
Kamal Alahakoon
ඉක්මනට සුවපත් වේවා


un mata bainawa athi neh