ලෙඩෙකු ගෙන් පාඩම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ලෙඩෙකු ගෙන් පාඩම්

    මේ කතාවෙන් හැමෝටම හිතන්න දේවල් ගොඩක් තියනවා




    මා මගේ රෝගයක් උදෙසා
    රෝහල් ගතවූයේ ජීවිතේ පළමුවැනි වතාවටය.

    එසේ මාරෝහල් ගතවන බව
    අප්‍රසිද්ධ කරැණක්ව පවත්වාගෙන යාමට
    මට උවමනා විය.
    පවුලේ අයට පමණක් සීමාවූ,දෙයක් ලෙස
    රැකගෙන කටයුතු කරගෙන යාමට
    මුල් වටයේදී මට හැකිවිය.

    එහෙත් අහඹු තත්වයක් මතුව දෙවන වරටත්
    රෝහල් ගත වන්නට සිදුවූ විට
    තත්වය වෙනස් විය.
    වෙනත් රෝගීන් බැලීමට එන අය විසින්
    දකිනු ලැබීමෙන්,
    නිවසේ අයගේ වෙනස් ජීවන රටාව ඉවකල
    අසල්වාසීන් විසින්,
    නොකියා බැරිතැනම,
    සන්නිවේදනය කරන ලද,
    සමීප ඥාතීන් විසින්,
    මේ ආරංචිය පැතිරින!

    මා බැලීම සඳහා රෝහලට එන සංඛ්‍යාව අධික විය.
    ඔවුන් ගෙන එන විවිධ ජාතියේ දේවල්,
    තබාගන්නට නම්
    රාක්කයක් උවමනා තත් වයක් මතුවිය!
    ⁣රෝගීන් බලන වෙලාවට ,
    මගේ ඇඳ ලඟ මහ පිරිසක් විය!
    සියල්ලන් හටම විස්තර කතනයක යෙදෙන්නටත්,
    ඔවුනගේ 'වෛද්‍ය උපදෙස්' අසා සිටින්නටති
    සිදුවිය!
    හැම දවසකම එම වෙලාව අවසානයේ පැමිණෙන
    "එළවීමේ හමුදාව"සමඟ
    මගේ අමුත්තෝ ගැටුම් ඇති කර ගත්හ!

    "යන්ට තමයි ආවෙ,ඔප්පුවක් ලියව ගන්ට ආවෙ නෑ!"

    ඒවා සංසිදුවන්නටද සිදු විය.
    මේ කියන්නට යන "අත්දැකීම" තුළ
    යම් දෙයක් ඇතැයි මට සිතේ!
    ඔබත් සිතා බලන්න.

    මා බැලීමට ආ ඇතැම්හු අවසානයේ
    මගේ අතේ "මොණර කොළයක්,දෙකක්
    "ගුලිකොට ගියහ!
    "බේතක් හේතක් ගන්ට තියා ගන්ට!"
    සමහරැ මගේ කොට්ටය යටට මුදලක් රිංගවා
    පලා ගියහ.
    පාසැල් ගුරැවරයෙකු රැපියල් තුන්දාහක්,
    සාක්කුවේ ඔබා පලා ගියේය!
    පසුව ඔහු ඇමතූ මම
    "උඹ හරි වැරදි මිනිහෙක්!
    ලංකාවෙ ගුරැවරයෙක් වෙලා කොහොමද යකෝ,මෙහෙම දන් දෙන්නෙ!"ඇසීමි.
    අවසානයේ මම කිවුවේ,
    "අඩේ අප්පා!මේක හොඳ ජාවාරමනේ!"
    කියලාය.
    කෙසේ හෝ,
    එසෙම මා බැලීමට ආ මගේ පංතියේ
    පුංචි දරැවෙක් "නෙල්ලි ගෙඩියක්"මිටි ගුලි කරගෙන වුත් මට දුන්නේය!
    (එහි උණුසුම මට තවම දැනේ!)
    ඒමගේ ජීවවිත කාලය තුළ
    මා රසවිඳි 'රසවත්ම' නෙල්ලි ගෙඩියයි!

    වැදගත්ම ⁣අත්දැකීම මේකය!
    රටේ සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක්
    මා බලන්නට ආවේය!
    ඔහු "හූණු බිජ්ජක්"තරම දෙයක්වත් ගෙනාවේ නැත.!
    "සත පහක්" වත් දුන්නේද නැත!



    Kamal Alahakoon


    ඉක්මනට සුවපත් වේවා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ රටේ උන්ට පිස්සු මනුස්සයෙක්ට අසනීපයක් වෙලා ඉස්පිරිතාලෙක නවතින්න නෑ කදමලු බැඳගෙන යනව වෛද්‍ය උපදෙස් දෙන්න :sorry:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    malakeliyayi ledek balanna yaddith monaru kola denna oneda, man wedding walata witharai deela thiynne :sorry: ade attamai apple dodan aran gin tiynne :baffled: un mata bainawa athi neh
     
    • Like
    Reactions: djnick

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,466
    25,735
    113
    හැමෝටම එහෙම සෙනග එන්නේ නෑ. ඒක සෑහෙන්න ලොකු සිවිල් බලයක්, සමාජශීලී ගතිගුණ තියෙන්න ඕනේ. එහෙම හංගලා බෙහෙත් (නො) කරන ප්‍රකෝටියතියෙක් සිටියි , ගෙදර යන ගමන් අපිව සූරාකන .....
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    yako echchara danna kiyana ekeknam hoda job ekak thiyena ekek wenna athine.unta mokatada monara kola.kochchara thibunath ape ewunta athi wenne nane..

    and a salli karayonge hati ban...un mala gedaraka,pirith gedaraka giyath anan manan geniyanne nane...eka normal.api thama gonnu wage ussan yanne..welawakata hithenawa api thama eka thana inne hambu karana okkoma nikan spend karana nisa kiyala..aurudu, christmas, may wedding tika,pirith gewal, mala gewal, bana gewal set wenakota hoda ganak iwarai..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    yako echchara danna kiyana ekeknam hoda job ekak thiyena ekek wenna athine.unta mokatada monara kola.kochchara thibunath ape ewunta athi wenne nane..

    and a salli karayonge hati ban...un mala gedaraka,pirith gedaraka giyath anan manan geniyanne nane...eka normal.api thama gonnu wage ussan yanne..welawakata hithenawa api thama eka thana inne hambu karana okkoma nikan spend karana nisa kiyala..aurudu, christmas, may wedding tika,pirith gewal, mala gewal, bana gewal set wenakota hoda ganak iwarai..

    ගුරුවරයෙක් මම හිතන්නේ ....
    අනේ මන්ද , ගුරුවරුන්ට හොද පඩියක් ලැබෙන්නේ නෑ නේද :sorry: