ලෙඩ දෙන අලුත්ම අලුත් ජගුවර් කාරය

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලෙඩ දෙන අලුත්ම අලුත් ජගුවර් කාරය

    නිරන්තරයෙන් ලෙඩ දෙන අලුත්ම අලුත් ජගුවර් කාරය බූරුවන් ලවා ඇදගෙන යන ඉන්දියානු ධනපතියා

    article-2655098-1EA991DE00000578-421_634x474.jpg



    පවුම් 53,000 ක් (රුපියල් 11,713,000) ගෙවා මිලදී ගත් ජගුවර් වර්ගයේ සුපිරි මෝටර් රථය නොනවත්වාම ‘‘ලෙඩ‘‘ දීම නිසා අලූත්වැඩියා කරමින් කාලය කා දමනවාට වඩා බූරුවන් එය ඇදගෙන යන ව්‍යාපාරිකයෙක් ඉන්දියාවේ සිටී.

    රාහුල් තක්රියම් නම් වන මේ ව්‍යාපාරිකයා තම සිහින මෝටර් රථය වුණු මේ ජගුවර් මෝටර් රිය මිලදී ගෙන ඇත්තේ මෑතකදීය.මිලදී ගත් දිනයේ පටන් ගරාජ ගානේ යනවා විනා තමන් කළ අන් දෙයක් නැතැයි ඔහු කියයි.
    ‘‘ගෙනල්ලා දවස් කිහිපයකින් විදුලි පහන් වැඩ කරන්නේ නැතිව ගියා.ගිහිල්ලා හදන් ආවා.ආයේ ටික දවසකින් ඉස්සරහා බම්පරය කඩා වැටුණා.ආයේ හදන්න ගියා.ඊළගට පණ ගැන්වෙන්නේ නැතිව ගියා,ඔය විදිහට දවසින් දවසට එක එක ලෙඩ.‘‘ ඔහු පවසයි.

    ‘‘මගේ පවුලේ අය කියනවා ඕක ගත්තට වඩා හොදයි බූරු කරත්තයක් ගත්තා නම් කියලා.ඉතින් මමත් කල්පනා කළා කාරයෙන් වැඩක් ගන්නත් බැරි එකේ ඒකට බූරුවන් හරි දාලා ඇදගෙන යනවා කියලා‘‘

    ‘‘ජගුවර් කරත්තය‘‘ ගැන ඇසූ ඉන්දියාවේ ජගුවර් මෝටර් රථ සමාගමේ නියෝජිතයින් ගැටලූව විසදා දීමේ අරමුණින් රාහුල් හා සාකච්ඡා පවතවමින් සිටින්නේයැයි සදහන්ය.

    jaguar-protest-in-india-670x388.jpg


    Source: http://www.lankadeepa.lk/index.php/articles/241748

    හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න:)
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඕකුන් හදන bike /bus /treewil වලටත් ඕකම කලා නම් හරි