ලෙයට ලෙය මරණය - J.V.P

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ලෙයට ලෙය මරණය - J.V.P

    ’’ලෙයට ලෙය මරණයට මරණය’’ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය බිහිවෙයි

    copyright: Lankadeepa newspaper



    ජවිපෙ 2 වැනි කැරැල්ලේදී එහි සන්නද්ධ අංශය වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි. එය හැඳින්වූ කෙටි නම ඩී.ජේ.වී. යන්නයි. එය ජවිපෙ සාමාජිකයින් අතර “අංශය” නමින් හැඳින්විණි. ජවිපෙ සාමාජිකයන් නොවන ඉන්දු ලංකා ගිවිසුමට සහ එජාප ආණ්ඩුවට එරෙහි ඕනෑම අයෙකුද මෙයට සම්බන්ධ කරගන්නා ලදී. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ (ඩී.ජේ.වී.) අණදෙන නිලධාරියා වූයේ සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කීර්ති විජයබාහුය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වශයෙන් සන්නද්ධ අංශයේ වගකීම් දැරූ ඔහු කැලණිය සරසවියේ උපාධිධාරියෙකි.

    image_2606aac747.jpg
    රට පුරා 1986 සිට 1990 දක්වා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන ගණනාවකටම ප්‍රහාර එල්ල කර යුද අවි පැහැර ගත්හ. ඒ අනුව පල්ලකැලේ, කටුනායක, රත්මලාන, ත්‍රිමලේ කල්ලාර්, කුඹුකේ, තල්ගස්වල, පන්නල, පනාගොඩ ඇතුළු ආරක්ෂක හමුදා ස්ථාන ගණනාවකට කඩා වැදී අවි පැහැර ගැනීම් රැසක් සිදුකරන ලදී. එමෙන්ම බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය, කහවත්ත, මඩොල්සිම, ගොතටුව. මොරටුමුල්ල, පාදුක්ක, බම්බලපිටිය, රාගම, මට්ටක්කුලිය, කිරුළපන, බෙන්තොට, පිටිගල, දෙනියාය, කැකිරාව, කොහුවල, සපුගස්කන්ද ඇතුළු පොලිස් ස්ථාන ගණනාවකට පහරදී අවි පැහැර ගත්හ. එයට අමතරව ජංගම මුර සේවාවන්හි යෙදුණු හමුදා සහ පොලිස් භටයින්ගේ අවි පැහැර ගැනීම සඳහා ස්ථාන 253 කදී ගැටුම් ඇතිකර ගන්නා ලදී. මින් ස්ථාන 118 කදී අවි පැහැර ගැනීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමත් විය.


    ජවිපෙ මගින් අරමුදල් තරකර ගැනීම 1985 සිට 1990 දක්වා ගල්ගමුව, මරඳගහමුල, දිගන ඇතුළු රාජ්‍ය බැංකු 62 ක් බිඳ මුදල් සහ රන්භාණ්ඩ පැහැර ගන්නා ලදී. එමෙන්ම කැලෑබොක්ක වතුයායේ වැටුප් පැහැර ගැනීම් ඇතුළු විශාල මුදල් පැහැර ගැනීම් පිළිබඳ චෝදනා 131ක්ද විය. ආයුධ පෙන්වා නිවැසියන් බිය ගන්වා රුපියල් 20,000 ට වඩා දේපල මංකොල්ලකෑම් දහසකට ආසන්න ගණනක්ද වාර්තා විය. කොළඹ මැගසින් බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර 6කට සහ පොලිස් ස්ථාන 11 ප්‍රහාර එල්ල කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එම බන්ධනාගාර සහ පොලිස් ස්ථානවල රඳවා සිටි ජවිපෙ සැකකරුවන් 568 දෙනෙක් මුදවා ගැනීමට සමත් විය.


    දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ පුහුණුව, ශක්තිය, උපක්‍රම සහ ඇතැම් ආරක්ෂක භටයින් සමඟ ගොඩනගා ඇති රහස් සම්බන්ධතා පිළිබඳව බොහෝ දෙනා මවිතයට පත්වූහ.


    image_b25060184f.jpg



    ජවිපෙ 2 වැනි කැරැල්ලට එරෙහිවූවන් ජවිපෙ මගින් හඳුන්වනු ලැබුවේ “පෙතියෝ” නමිනි. ජවිපෙ මගින් 1986 සිට 1990 දක්වා ඇති කළ 2 වැනි කැරැල්ලේ පෙතියෝ කියා එසේ මරා දමන ලද සංඛ්‍යාව පොලිස් වාර්තාවලට අනුව 6,661කි. ජවිපෙ නායකයෙකු 2014 දී බි්‍රතාන්‍යයේ සංදේශය සිංහල ගුවන් විදුලි සේවය සමග පැවති සාකච්ඡාවකදී කියා සිටියේ එසේ මරා දැමූ සංඛ්‍යාව 6000ක් පමණ වන බවය. “පෙතියෝ” කියා මෙසේ මරා දැමුවන් අතර එජාප ක්‍රියාකාරිකයන් 1783, රාජ්‍ය නිලධාරින් හා සේවකයින් 485, පොලිස් නිලධාරින් 324, ආරක්ෂක හමුදා නිලධාරින් 15 ක් ඇතුළු සෙබළුන් 202, සරසවි සහ පාසල් සිසුන් 187, පොලිස් පවුල් සාමාජිකයින් 92, හමුදා පවුල් සාමාජිකයින් 70, විදුහල්පතිවරුන් 52, භික්ෂුන් 41, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් 27, වතු පාලකයින් 18, මාධ්‍යවේදීන්, කලාකරුවන් 9, නීතිඥයන් 7, ප්‍රධාන ව්‍යාපාරිකයින් 6, මහාචාර්යවරු 2 , කතෝලික පූජකවරුන් 2, ශ්‍රිලනිප 200 ක් පමණ, මහජන පක්ෂය 141, කොමියුනිස්ට් 43, නසසප 24,, සමසමාජ 22, ජනතා සංගමය 19, 71 කැරලිකරුවන් 7, විකොස 3, ස්වාධීන ශිෂ්‍ය 3, ජනතා සමාජවාදියෝ 2, සමාජවාදී ජනතා ව්‍යාපාරය 1, අවිස්සාවේල්ල කණ්ඩායම 1, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, ගුරුවරුන්ද ඇතුළත්ව පුරවැසියන් 2888 අයත් විය.

    image_fe43a4ebe0.jpg

    රජය මගින් 1987 අප්‍රේල් මස දී ඡන්ද කොට්ඨාශ මට්ටමින් ජවිපෙ කටයුතු පිළිබඳ සුපරික්ෂාකාරී කමිටු නිල නොවන මට්ටමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිට වූ අතර එම කමිටුවට එම ආසනය තුළ සිටින සියලුම ග්‍රාමසේවා නිලධාරින්, විශේෂ සේවා නිලධාරින් සහ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති යන තිදෙනා අනිවාර්යයෙන් ඇතුළත් කරන ලදී. ඔවුන් වෙත කැරලිකරුවන්ගේ ප්‍රහාරයන් එල්ලවීමට එය ප්‍රධාන හේතුවක් විය.



    රජය විසින් 1993 මාර්තු 9 ප්‍රකාශයට පත්කරන ලද සංඛ්‍යාලේඛන අනුව ජවිපෙ කැරලිකරුවන් විසින් විනාශ කරන ලද දේපල අතර සමහරක් මෙසේය. රුපියල් දශලක්ෂ 280 වටිනා මගම බස්රථ. රුපියල් දශලක්ෂ ගණන් වටිනා පෞද්ගලික බස්රථ, රුපියල් දශලක්ෂ 240 ක් වටිනා දුම්රිය දේපල, රුපියල් දශලක්ෂ 100 ක් වටිනා රජයේ වාහන, රුපියල් දශලක්ෂ 960ක් වටිනා රජයේ ගොඩනැගිලි, රුපියල් දශලක්ෂ 200 ක් වටිනා දුරකථන හුවමාරු උපකරණ, රුපියල් දශලක්ෂ 250 ක් වටිනා විදුලි ට්‍රාන්ස්ෆෝමර්, රුපියල් දශලක්ෂ 40 ක් වටිනා තේ කම්හල්, රුපියල් දශලක්ෂ 200 ක් වටිනා කෘෂිකාර්මික දේපල, රුපියල් දශලක්ෂ 620 ක් වටිනා පතල් කර්මාන්තයට අදාළ දේපල, රුපියල් දශලක්ෂ 160 ක් වටිනා පරිපාලන ආයතන, රුපියල් දශලක්ෂ 50 ක් වටිනා සේවා ආයතනයන් ඒ අතර වේ.

    දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය උතුරේ දිස්ත්‍රික්ක පහේද නැගෙනහිර මඩකළපුවේද ක්‍රියාත්මක වූයේ නැත. එය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූයේ දිස්ත්‍රික්ක 25 න් 19 කය. සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම් සහ සන්නද්ධ නායක වශයෙන් දෙදෙනෙක් වූහ. දිස්ත්‍රික් ලේකම් යටතේ දිස්ත්‍රික්කය තුළ දේශපාලන කලාප ලේකම්වරුන්ද, ඔවුන් යටතේ දේශපාලන කොට්ඨාශ ලේකම්වරුන්ද විය. දිස්ත්‍රික් සන්නද්ධ නායක යටතේ එම දිස්ත්‍රික්කයේ කලාප සහ කොට්ඨාශ සඳහා වෙන් වෙන්ව සන්නද්ධ ලේකම්වරුන් විය. දිස්ත්‍රික් ලේකම් කැඳවන කමිටුවට ඔහු යටතේ සිටින දිස්ත්‍රික්කයේ දේශපාලන, කලාප සහ කොට්ඨාශ ලේකම්වරුන්ද දිස්ත්‍රික්කයේ භික්ෂු, තරුණ, කාන්තා, ශිෂ්‍ය සහ කම්කරු මධ්‍යස්ථානයේ නායකයින්ද සන්නද්ධ ලේකම්වරයාද සහභාගි වේ. දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ කලාප සහ කොට්ඨාස සන්නද්ධ ලේකම්වරුන් වෙන් වෙන්ව කැඳවනු ලබන්නේ දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයා පමණි.



    දිස්ත්‍රික්ක කිහිපයක් එක්කර ගොඩනැගී ඇති කලාප 5 සඳහා දේශපාලන සහ යුද වශයෙන් නායකයින් දෙදෙනෙකු ලෙස ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෝ කටයුතු කරති. එම කලාප 5 අනුව ඌව / නැගෙනහිර කලාපයට බදුල්ල, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කද, දකුණු කලාපයට හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කද, බස්නාහිර / සබරගමු කලාපයට කොළඹ, ගම්පහ, රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්කද, මධ්‍යම කලාපයට මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කද උතුරු මැද කලාපයට පොළොන්නරුව, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ඇතුළත් විය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයා විසින් තමාට අයත් අදාළ කලාපයේ කමිටු රැස්වීම් පවත්වන විට එයට එම කලාපයට අයත් අදාළ දිස්ත්‍රික්කයන්හි දේශපාලන සහ සන්නද්ධ ලේකම්වරු සහභාගි වෙති. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මූලස්ථානය හැඳින්වූයේ දේශප්‍රේමී සන්නද්ධ බළකායේ අණදෙන මධ්‍යස්ථානය නමිනි. පහත බළකායන්ට නියෝග නිකුත් කරන ලද්දේ එමගිනි. එම බළකායන් නම්කර තිබුණේ කොළඹ - රංජිත් පරාක්‍රම, නුවර - කැප්පෙටිපොළ, ගාල්ල - කමල බන්දු, මාතර - සුසිල් වික්‍රම, කුරුණෑගල - නිමල් කරුණාතිලක, කළුතර - කරුණාරත්න, මාතලේ - මුනිදාස, අනුරාධපුර - පද්මසාර, ත්‍රිකුණාමලය - විමලරත්න, හම්බන්තොට - ගුණසේන වර්ණපටබැදි, ශිෂ්‍ය අංශය- නිමල් බාලසූරිය, භික්ෂු අංශය - කුඩහපොළ යන නමිනි. එයට අමතරව මව්බිමේ සියලු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය සහ මව්බිමේ සතුරන්ට දඬුවම් දීමේ ජාතික ව්‍යාපාරය නමින් සංවිධාන දෙකක් විය
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කොහොමද මේ ගොල්ලොන්ගේ දස්කම් ඒ දවස්වල. පෙළපාලියක් විසුරුවන්න ආරක්ෂක අංශවලින් වෙඩි තියල කිහිපදෙනක් මැරුණම තමයි කදුළු පෙර පෙර අඩන්නේ ............
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    api podi ekale , thama mathaki goni billo dagena yanawa jeep athule, news balanne janel , kaulu okkoma redi dala wahala . patta baye inne rata
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    api podi ekale , thama mathaki goni billo dagena yanawa jeep athule, news balanne janel , kaulu okkoma redi dala wahala . patta baye inne rata

    Ape gedara api adurana campus kollek awa dawask nawathinna. Pora JVP. Gedara kattiyama bayen hitiye. e asse premadasa policiyata awa mokadda open karanna.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    රතු පස් වල ආරක්ෂක හමුදා අතින් උද්ගෝෂණය කරපු කිහිප දෙනෙක් මරුනහම මේගොල්ලෝ අඩපු හැටි තවම මතකයි
    අන්න වතුර ඉල්ලපු ජනතාවට වෙඩි තිබ්බ......
    අහිංසක ජනතාවගේ පෙළපාලියට වෙඩි තිබ්බ...........

    ඒ දවස්වල වතුර කෙසේවෙතත් jvp හැරුනම වෙන මොකක් හරි දේශපාලනයක් කරාම ඇති මිනිහෙක් මරන්න (සම සමාජ, නිදහස් පක්ෂය, unp )