අසූ තුනේ කළු ජූලිය දඩමීමා කරගනිමින් එජාප රජය මගින් ජනතා විමුක්ති පෙරමුණ 1983 ජුලි මස අවසානයේ තහනම් කරන ලදී. තහනමින් පසු ජවිපෙ තුළ සංවිධාන ව්‍යූහයේ කඩා වැටීම් යළි නඟා සිටුවීමට යම් කාලයක් ගතවිය. එතෙක් නිරාවරණව සිටි ජවිපෙ සාමාජිකයින් 100කට ආසන්න පිරිසක් 1984 නිමවන විට අත්අඩංගුවට ගෙන මර්ධනයට ලක්වූ බැවින් මැතිවරණ දේශපාලනයෙන් ජවිපෙ ඈත්වීමේ ප්‍රවණතාවයක් විය. ජවිපෙ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය දේශපාලන වටපිටාව පියවරින් පියවර ආණ්ඩුව මගින් ඉදිරියට ගෙන යන ලදී.
දයා පතිරණ 1986 මහරගමදී සහ 1984 ජුනි තංගල්ලේදී(වමේ සිට)
සන්නද්ධ අංශයක් පිහිටුවීමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් වූයේ 1984 අග භාගයේදීය. දෙමළ බෙදුම්වාදීන් වෙනුවෙන් පෙනීසිටි දකුණේ විකල්ප කණ්ඩායම සහ සමාජවාදී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ පුහුණුවීම් වලට එරෙහිවද ජවිපෙ මර්දනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට මුහුණදීම සඳහාද සන්නද්ධ අංශයක් සංවිධානාත්මකව බිහි කිරීමට අවශ්‍ය බවට එහිදී යෝජනා විය. 1985 මැදභාගයේදී පැවති ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීමේදී සන්නද්ධ අංශයේ කටයුතු වේගවත් කිරීම පිළිබදව සාකච්ඡාවක් පැවැත්විණි. ඒ අනුව සාමාජිකයින් සඳහා ප්‍රථම සන්නද්ධ පුහුණු වනගත කඳවුර 1986 ජනවාරි 6වැනිදා මාතලේ ලග්ගලදී පැවැත්විණි. දෙවන සන්නද්ධ පුහුණු කඳවුර 1986 පෙබරවාරි 2වැනිදා පොලොන්නරුවේදීද, අප්‍රේල් 30 වැනිදා රත්නපුරයේදීද සැප්තැම්බර් 4 වැනිදා කඩුවෙලදීද පැවැත්විණි.
පතිරණ සිය පියා සහ සහෝදරයා සමඟින්.
මෙම සන්නද්ධ පුහුණු කඳවුරු සතියකට ආසන්න කාලයක් පැවති අතර එහිදී හමුදාවෙන් පලාආ සෙබළුන් විසින් ටී. 56, ඒ. කේ. 47 වැනි නවීනතම අවි ආයුධ පෙන්වමින් පුහුණුව ලබාදෙන ලදී. එම 1986 වසර තුළ පමණක් ජවිපෙ සන්නද්ධ පුහුණු කඳවුරු 10ක් පමණ රටපුරා විවිධ ස්ථානවල පැවති බවට වාර්තා විය. සන්නද්ධ පුහුණුව වඩා විධිමත්ව ක්‍රියාවට නැගෙනුයේ ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉන්දිය හමුදා 1987 ජුලි මස ලංකාවට පැමිණිමත් සමඟය.
කොළඹ සරසවියේ ජවිපෙ ශිෂ්‍ය අංශය 1986 භාරව සිටි කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න නොහොත් ජයන්ත
දයා පතිරණ ඝාතනය සැලසුම් කල ඊශ්වරගේ ආරියසේන නොහොත් රාළහාමි,
ඝාතන සැලසුම ක්‍රියාවට නැගූ කණ්ඩායමේ නායක සහ කොළඹ දිස්ත්‍රික් සන්නද්ධ නායක යුස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු නොහොත් පති.(වමේ සිට)
ජවිපෙ සන්නද්ධ අංශය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් හැදින්වූ අතර ජවිපෙ කටයුතු වලට එරෙහිවන්නන් 2වන කැරැල්ලේ දෝහීන් ලෙස හැදින්වූ අතර ඔවුන් සමාජයෙන් ඉවත් කිරීමටද 1986 අවසාන භාගයේදී තීරණය කෙරිණි. ඒ අනුව ප්‍රථම ඝාතනය බවට පත්වූයේ හම්බන්තොට වීරකැටියේ ගෝනදෙණියේ විදුහල්පතිවරයෙකි. දෙවැන්නා වූයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයාවූ දයා පතිරණය.
කොළඹ සරසවි ශිෂ්‍ය දේශපාලනයට ට්‍රොස්කිවාදය හදුන්වාදුන් ස්පාට්සිස්ට් කණ්ඩායමේ තිලක් ප්‍රනාන්දු,
ජාතික චින්තනය ස්ථාපිතකල පුරෝගාමියෙකුවූ ගණිත අංශයේ ආචාර්ය නලීන්ද සිල්වා,
විකල්ප කණ්ඩායමේ නායකයෙක්වූ ඉතිහාස පීඨයේ බාහිර කථිකාචාර්ය දයාන් ජයතිලක,
ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර බලය සහ දෙමළ බෙදුම්වාදය 1987 මාර්තු 24වැනිදා කොළඹ සරසවියෙන් අතුගා දැමූ විද්‍යා පීඨයේ ශිෂ්‍ය නායක ගෙවිදු කුමාරතුංග.
වසර 1986 වන විට කොළඹ සරසවිය තුළ ශිෂ්‍ය කණ්ඩායම් 3ක් ක්‍රියාත්මක විය. ඒ දයා පතිරණගේ ස්වාධීන ශිෂ්‍ය සංගමය, ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යා පීඨයේ ජාතික චින්තන කණ්ඩායම, ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය වේ. එය එජාප ආණ්ඩුව සමයේ ජවිපෙ සමගින්ම තහනමට ලක්වූ බැවින් එහි සාමාජිකයන් පෙනී සිටියේ වෙනත් කණ්ඩායම් වල නාමයන්ගෙනි. උතුරේ ද්‍රවිඩ තරුණ ප්රචණ්ඩත්වය නාගරික ගරිල්ලා ප්‍රහාර මගින් සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයට ඇතුලත් කිරීමට අත්හදා බැලීම් සිදුකරන ලද්දේ රෝහණ රත්නායක ඝාතන සිද්ධිය මුල් කරගෙනය. පද්මසිරි සහ රෝහණ ඝාතනයන්ට නායකත්වය දීම සදහා වෙනත් හේතු නිසා සංගමය කොළඹ කේන්ද්‍ර කරගත් නාගරික ලුම්පන් සහ පහළ මධ්‍යම පාන්තික සිසුන් ජනප්‍රිය විය. ජවිපෙ 1983 ජුලි තහනමත් සමඟම සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම් පසුබෑම සහ නිල මට්ටමින් ඇණහිටීම නිසා එහි රික්තයද පිරවීමට ඔවුන්ට හැකිවිය.
ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ධර්මසිරි ඇතුළු ප්‍රා ක්‍රියාකාරිකයින් පිරිසක් දෙමළ බෙදුම්වාදී ඊ.පී.ආර්.එල්.එෆ් නායක පද්මනාභ සමඟ සාකච්ඡාවක නිරත වෙමින්.
ස්වාධීන ශිෂ්‍ය සංගමය 1982 කොළඹ සරසවියේ නිලවරණය සඳහා උපරිම ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූවද මහා ශිෂ්‍ය සංගමයේ බලය ලබාගැනීමට අවස්ථාව අහිමිවී ගියේය. ජවිපෙ ඇතුළු දෙමළ බෙදුම්වාදයට එරෙහි ශිෂ්‍ය සංවිධාන එකට එකතු වී ශිෂ්‍ය සභාවේ බලය ලබාගෙන සභාපති තනතුර ජවිපෙටද ලේකම් තනතුර ශිලනිපයටද භාණ්ඩාගාරික තනතුර එජාපයටද බෙදා ගන්නා ලදි. දයා පතිරණ සරසවි දේශපාලනය ආරම්භ කරන්නේ මෙම නිලවරණයට විද්‍යා පීඨයෙන් තරඟ වැදීමෙනි. සංගමයේ න්‍යායාත්මක පසුබිම පසු කාලයේ ඉදිරියට ගෙන යන්නේ දයා පතිරණ මගිනි. යාපනයේ සරසවි ශිෂ්‍ය අප්පුතුරෙයි විමලරාසා වසරකට වැඩි කාලයක් ත්‍රස්තවාදී චෝදනා යටතේ රඳවා ගෙන සිටි අතර ඔහු නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් 1982 මැයි 14වැනිදා සංකේත පන්ති වර්ජනයට යාපනය සහ මඩකලපු සරසවි ශිෂ්‍යයන් හැරුණු විට එයට සහභාගි වූයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් පමණි.
බණ්ඩාරගම හිරණ තොටුපොලේදී 1986 දෙසැම්බර් 15වැනිදා පස්වරු 8.30ට දයා පතිරණ ගෙල කපා ඝාතනයකර තිබූ අයුරු.
පොලිසියේ ඉල්ලීමට ඡායාරූප ගනු ලැබුවේ පානදුර තිමති ස්ටූඩියෝහි ඡායාරූප ශිල්පියෙකි.
දයා පතිරණ ඝාතනය කලේ 1986 දෙසැම්බර් 15 වැනිදා පස්වරු 8.30ට බණ්ඩාරගම හිරණ තොටුපොල අසළදීය. ප්‍රථමයෙන් පිහියෙන් බෙල්ලට ඇන කෙටේරියෙන් බෙල්ල කපා තිබිණි. තිබූ ඔරුවක හිමිකරු වූ ලබුගම රාලලාගේ ගිල්බට් පීරිස් විසින් ඒ පිළිබදව බණ්ඩාරගම පොලිසියට දැනුම්දුන් අතර පොලිසිය පැමිණිමෙන් පසු මරණීය තුවාල සහිතව වැටී සිටි පුංචිරාලගේ සෝමසිරි පානදුර රෝහලටද අනතුරුව කොළඹ මහ රෝහලේ වාට්ටු අංක 52, ඇද 21ටද ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලදී.
දයා පතිරණ ඝාතන සැලසුම ක්‍රියාවට නැගූ කණ්ඩායමේ නායකයා වූයේ ගම්පහ දිස්ත්‍රික් සන්නද්ධ නායකයෙකුවූ යුස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දුය. වැලිසර පදිංචි ඔහු කතෝලිකයෙකි. පියා විදුහල්පතිවරයෙකුවූ අතර පවුලේ සිව් දෙනෙකි. ජවිපෙ සමඟ 1984 සිට පූර්ණ කාලීනව කටයුතු කළේය. කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් අවි පැහැර ගැනීමේදී අත්අඩංගුවට පත් අතර පසුව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී 1988 දෙසැම්බර් 13 ජවිපෙ සැකකරුවන් 221ක් සමඟ පලා ගියේය. පලා යෑමෙන් පසු කොළඹ දිස්ත්‍රික් සන්නද්ධ නායකයා විය. දීප්ති, පතී, සුගත්, සොයිසා යන නම් වලින්ද හැඳින්විණි.
පියා, මව, සහෝදර සහෝදරියන් දයා පතිරණගේ දේහයට අවසන් ගෞරව දක්වමින්.
වසර 1986 දෙසැම්බර් 15වැනිදා ඝාතනය වූ දයා පතිරණ නඩුව විභාග වූයේ පානදුර මහාධිකරණයේදී විනිසුරු ටී. බී. විරසූරිය ඉදිරියේය. විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබිණි. එහිදී පලවෙනි විත්තිකරු වූයේ හේවා හෙට්ටිගේ ජයතිස්ස හෙවත් ගාමිණීය. දෙවැන්නා කොඩිප්පිලි තන්ත්‍රිගේ මහිපාලය. තෙවැන්නා වැලිසර යුස්ටස් දිලීප් චන්ද්‍ර ප්‍රනාන්දුය. සිව්වැන්නා හේවාහෙට්ටිගේ නිමල් ජයරත්නය. ඒ වන විට ජයතිස්ස හෙවත් ගාමිණී, මහීපාල සහ දිලිප් ප්‍රනාන්දු ඝාතනයට ලක්වී තිබිණි. එහිදී දෙවන සහ තෙවන විත්තිකරුවන්ට පළමුවන චෝදනාවට වසර 05 බැගින්ද දෙවන චෝදනාවට වසර 07 බැගින්ද තෙවන චෝදනාවට වසර 08 බැගින්ද දඬුවම් නියම කරන ලදී. ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටි සිව්වන විත්තිකරුවූ ජයවර්ධනපුර සරසවියේ සිසුවෙකුවූ හේවාහෙට්ටිගේ නිමල් ජයරත්න සියළු අධිචෝදනාවන්ට නිවැරදිකරු බවට තීරණය කර නිදොස්කර නිදහස් කරන ලදී. පැමිණිලි පක්ෂයෙන් බර්නාඩි සුනිල් කාරියවසම් සහ කුරුප්පු මුදියන්සේලාගේ මහින්ද කිංස්ලි ඇතුළු සාක්ෂි 15ක් විය.
පතිරණගේ මරණය පිළිබදව මහේස්ත්‍රාත් පරික්ෂණය කළ හොරණ දිසා විනිසුරු ධම්මික කිතුල්ගොඩ,
බරපතල තුවාල ලබා ජීවිතය බේරාගත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සෝමසිරි සහ
ප්‍රා සමඟ එක්ව සරසවි සිසු ඝාතන රැසකට නායකත්වය දුන් පතිරණගෙන් පසු ස්වාධින ශිෂ්‍ය සංගමයේ සභාපති බොරැල්ලේ කේ.එල් ධර්මසිරි.
අසූව දශකයේ මුල් භාගයේ සිට අවසානය දක්වා ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ක්‍රියාත්මකවූ ස්වාධීන ශිෂ්‍ය සංගමය අසූව දශකය අවසානයේදී(1987/90) මෙම සියවසේ ආසියාවේ සරසවියක ක්‍රියාත්මක වූ ම්ලේච්ඡතම සහ කෘරතම ශිෂ්‍ය සංවිධානය බවට අවසානයේදී පත්විය. ඉන්පසු එහි ඉතිරිවූ ක්‍රියාකාරිකයින් ගෙන් බහුතරයම වාගේ එජාපයට පසුකාලයේ එක්විය
original source
https://maruwaxx.wordpress.com/2015/12/21/ජවිපේ-දයා-පතිරණගේ-බෙල්ල-ක/

Last edited: