වෙනස පැහැදිලි කරපං
------ Post added on Mar 28, 2026 at 12:50 PM
සරලවම කිව්වොත් ලිංගික හැඟීම් කියන්නේ ඕනෑම නීරෝගී මනුස්සයෙකුට ඇතිවන ඉතාම ස්වභාවික, ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක්. ඒක හරියට අපිට බඩගිනි වෙනවා වගේ, තිබහ හැදෙනවා වගේ දෙයක්. තරුණ වියට පත්වෙද්දී ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස්කම් එක්ක විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් ඇතිවීම, ආදරය සහ සෙනෙහස එක්ක ශාරීරිකව ලං වෙන්න හිතෙන එක සාමාන්‍ය දෙයක්. ඒකේ කිසිම වැරැද්දක්වත්, ලැජ්ජ වෙන්න දෙයක්වත් නැහැ. ඒක ජීවයේ පැවැත්මට අවශ්‍ය කරන, මනුෂ්‍ය ස්වභාවයේම කොටසක්.
හැබැයි ලිංගික අසහනය කියන්නේ මීට වඩා වෙනස්, පීඩාකාරී මානසික මට්ටමක්. ලිංගික හැඟීම් ඇති වුණාම ඒවා හරියට manage කරගන්න බැරි වුණාම හෝ ඒ ගැන පමණට වඩා හිතන්න ගියාම තමයි මේ අසහනය කියන තත්ත්වය ඇති වෙන්නේ.
තමන්ට ඇතිවන හැඟීම් පාලනය කරගන්න බැරුව, ඒ දේවල්
බඩ ඉරිගු කරලකින් හරි ඉටු කරගන්නම ඕන කියන දැඩි පීඩනයක ඉන්න එක මෙතනදී සිද්ධ වෙනවා. මේකෙදි වෙන්නේ තමන්ගේ මනස හැමවෙලේම ඒ පැත්තටම යොමු වෙලා තියෙන එක සහ ඒ නිසා එදිනෙදා වැඩකටයුතු පවා අතපසු වෙන මට්ටමට මානසිකව ඇද වැටෙන එකයි.
අසහනයෙන් ඉන්න කෙනෙක් ගොඩක් වෙලාවට අනෙක් අය දිහා බලන්නේ ගෞරවනීය විදිහකට නෙවෙයි, තමන්ගේ අවශ්‍යතාවයක් ඉටු කරගන්න පුළුවන් භාණ්ඩයක් විදිහටයි.
එතකොට බඩ ඉරිගු ගෙඩියක් එක්ක ගෑනු කෙනෙක් ඉන්නව දක්කත් එයාට ඉන්න බැරි වෙනව.
තවත් පැහැදිලිව කිව්වොත්, ලිංගික හැඟීම් තියෙන කෙනෙක් තමන්ගේ සහකරු හෝ සහකාරිය එක්ක ලස්සන සම්බන්ධතාවයක් ගොඩනගාගන්න උත්සාහ කරනවා. එතනදී ආදරය, ගෞරවය සහ කැමැත්ත කියන දේවල් තියෙනවා.
හැබැයි අසහනයෙන් ඉන්න කෙනෙකුට ඕන වෙන්නේ කොහොම හරි තමන්ගේ පීඩනය
බඩ ඉරුගු කරලකින් හරි පිට කරගන්න විතරයි. එතනදී අනිත් කෙනාගේ කැමැත්ත අකමැත්ත හෝ ගෞරවය ගැන එයාට හැඟීමක් නැති වෙන්න පුළුවන්.
කොටින්ම කිව්වොත් ලිංගික හැඟීමක් කියන්නේ ගලාගෙන යන ගඟක් වගේ ස්වභාවික දෙයක් නම්, අසහනය කියන්නේ ඒ ගඟ හරස් කරලා හිර කරලා තියනවා වගේ පීඩනයක්. ඒ පීඩනය වැඩි වුණාම තමයි සමාජ විරෝධී වැඩ පවා සිද්ධ වෙන්නේ.
ඒ නිසා අපිට හැඟීම් ඇතිවීම පාලනය කරන්න බැරි වුණත්, ඒ හැඟීම් අසහනයක් දක්වා වර්ධනය නොවී පාලනය කරගන්න අපිට පුළුවන්. තමන්ගේ මනස වෙනත් ප්‍රයෝජනවත් වැඩකට යොමු කරන එක, ක්‍රීඩා කරන එක හෝ තමන්ගේ විනෝදාංශ වල නියැලෙන එක,
වැඩිය elakiri වගේ forum වල හැම එකටම කුණුහරුප කතා දාන්නෙ නතුව ඉන්න එක වගේ දේවල් වලින් මේ පීඩනය අඩු කරගන්න පුළුවන්.
වැදගත්ම දේ තමයි ලිංගික හැඟීමක් කියන්නේ නරක දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්න එක. හැබැයි ඒක
බඩ ඉරිගු කරලක් දැක්කත් ඉන්න බැරි මානසික වදයක් කරගන්නේ නැතුව, තමන්ගේ සහ අනුන්ගේ ගෞරවය රැකෙන විදිහට ජීවත් වෙන එක තමයි වැදගත් වෙන්නේ.