ලෝකයම_ඉලෙක්ට්‍රික්_කරන_ටෙස්ලා

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ලෝකයම_ඉලෙක්ට්‍රික්_කරන_ටෙස්ලා

    ලෝකයම ඉලෙක්ට්‍රික් කරන ටෙස්ලා මෙහෙයුමේ අලුත්ම වැඩකාරයා – ටෙස්ලා Semi

    ටෙස්ලා කියන නම ඔබ තාක්ෂණික ක්ෂේත්‍රය ගැන උනන්දුවක් තියෙන කෙනෙක් නම් අහලා නැති වෙන්න බැහැ. මුළු ලෝකයක්ම බෑ කිය කියා හිටපු, ලෝකයේ හැම සුපිරි කාරයක්ම පරදවන තරම් බලයක් ලබා දෙන්න පුළුවන් සම්පූර්ණ ඉලෙක්ට්‍රික් වාහනයක් ලොවට හඳුන්වා දුන්නේ ඔවුන්. මෑත කාලයේ අලුත්ම විදිහට හිතන පුරෝගාමියෙක් වන ඊලෝන් මස්ක්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශාලම සමාගම වන ටෙස්ලා ආයතනය මෑතකදී භාණ්ඩ ප්‍රවාහනයටත් එක් වන බවට ඉඟි පළ කරලා තිබුණු නිසා බොහෝ දෙනෙක් ඒ ගැන විවිධ අදහස් පළ කළා. බොහෝ දෙනෙක් විවිධ උපහැරණ දක්වමින් එය කරන්න බැරි ඇයි කියලා “සාධනය” කළා.

    හැබැයි ඉතින්, දින කිහිපයකට කලින්, ඊලෝන් මස්ක් හැමෝගෙම කටවල් වැහෙන්න මේ ට්‍රක් රථය එළි දැක්වූවා. ඒ ඉලෙක්ට්‍රික් ට්‍රක් එකකට වරක් චාජ් කරලා යන්න පුළුවන් දුර මදියි කියපු හැමෝටම හොඳ උත්තරයක් එක්කයි. මේ ට්‍රක් එක එක පාරක් චාජ් කරලා කිලෝමීටර් 800ක් එක දිගට ධාවනය කරන්න පුළුවන් එකක්! ඉලෙක්ට්‍රික් ට්‍රක් එකකට යන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර් 300-400 ක් වගේ කියලා කියමින් උපහැරණ දක්වපු කාටත් අලුතෙන් හිතන්න සිද්ධ වුණා.



    attachment.php


    ටෙස්ලා semi ට්‍රක් එකට එක චාජ් එකකින් කිලෝමීටර් 800ක් යන්න පුළුවන් වීම කාගේත් පුදුමයට හේතු වුණා. (businessinsider.com)

    මෑත කාලීනව ඉලෙක්ට්‍රික් වාහන පුනරුදයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව ඊලෝන් මස්ක් මහතා සහ ටෙස්ලා ආයතනය බෑ කිය කියා හිටපු දේවල් අභියෝගය අරගෙන කරලා පෙන්වීම බවට කිසිදු විවාදයක් නැහැ. අද හැමෝටම ඇත්ත තත්වය තේරුම් ගිහින්. ශ්‍රී ලංකාව පවා ඉලෙක්ට්‍රික් වාහනවලට වැඩි තැනක් දෙන්න පටන් අරන්. ඉතින් වැඩි වෙලා නොගෙන අනාගතයේ අපේ රටේ පාරවල්වල පවා දකින්න ඉඩක් තියෙන ටෙස්ලා සමාගමේ අලුත්ම ට්‍රක් එක ගැන විස්තර දැන ගනිමු.

    ඉලෙක්ට්‍රික් ට්‍රක් එකක් මොකටද?

    ඉලෙක්ට්‍රික් ට්‍රක් එකක් හදන එක විශේෂයෙන්ම ඇමරිකාව වගේ විශාල, හැම තැනම පැතිරුණු නගර සහිත රටකට ඉතාම වැදගත් බව බොහෝ දෙනෙක් අවබෝධ කරගෙනයි හිටියේ. රට පුරාම භාණ්ඩ බෙදා හැරීම එහෙම පිටින්ම වගේ සිද්ධ වෙන්නේ ට්‍රක්වලින් නිසා හැමෝටම ඒකට උනන්දුවක් තිබුණා. අරාබියෙන් තෙල් ආවේ නැත්නම් මුළු සැපයුම් පද්ධතියම බිඳ වැටෙන එක ගැන කොහොමත් ඇමරිකාවට ප්‍රශ්නයක් තිබුණා.


    රටේ භූමි ප්‍රමාණයත්, ජනගහනයත් නිසා ඇමරිකාවේ භාණ්ඩ ප්‍රවාහනයට වැඩිපුරම ලාභදායී වන්නේ අති විශාල ට්‍රක් රථයි. ඒ ප්‍රමාණයේ ට්‍රක් අපේ රටේ දකින්න ලැබෙන්නෙත් නැති තරම්. අපිට දකින්න ලැබෙන විශාලතම කන්ටේනරයක් තරම් වෙන මේ ට්‍රක් රථ ඒ රටේදී හඳුන්වන්නේ Semi එකක් කියලයි. (මේක Semi-trailer-truck හෙවත් ඉදිරිපස ඇක්සලයක් රහිත ට්‍රේලරයක් ආඳන ලද ට්‍රක් එකක් කියන එකේ කෙටි යෙදුමක්. ඇමරිකානු ක්‍රමයට මෙය උච්චාරණය කරන්නේ “සෙමයි” කියලයි.)

    නමුත් හැමදාම වගේ ඒ වැඩේට අවදානමක් අරන් සම්බන්ධ වුණේ ටෙස්ලා සමාගමයි. ඒ නිසා ඔවුන්ට පුළුවන් වුණා ලෝකයම මවිත කරන අපූරු නිපැයුමක් එළි දක්වන්න. දෙපැත්ත කල්පනා කරමින් ඉන්නවා වෙනුවට උත්සාහ කරලා බැලීමෙන් ගන්න පුළුවන් ප්‍රතිඵලවලටත් මේක හොඳ උදාහරණයක්.

    කාටවත් හිතා ගන්න බැරි වුණු පිරිවිතර (specs) ටික

    ඉලෙක්ට්‍රික් ට්‍රක් එකක් කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ කියන්න බොහෝ පණ්ඩිත පිරිස් ගන්න මුල්ම උදාහරණය තමයි වරක් චාජ් කරලා යන්න පුළුවන් දුර. ඒක කිලෝමීටර් 300-400 අතර තියෙයි කියලා තමයි එයාලා උපකල්පනය කළේ. නමුත් මේ ට්‍රක් එකට ඇමරිකාවේ තියෙන Interstate (ප්‍රාන්ත අතර ප්‍රධාන අධිවේගී මාර්ග) ජාලයේ වේගයෙන් එක දිගට කිලෝමීටර් 800ක් ධාවනයේ යෙදෙන්න පුළුවන්. එහෙම දුරක් යන්න පුළුවන් වෙයි කියලා කිසිම කෙනෙක් හිතුවේ නැහැ. අන්තිමේදී එයාලගේ තර්ක සේරම පුස්සක් වුණා.

    ටෙස්ලා semi ට්‍රක් එකේ බැටරි ධාරිතාව මෙගා වොට් පැය එකක් හෙවත් කිලෝවොට් පැය 1000 ක් වගේ ඇති කියලා ප්‍රධාන තාක්ෂණික වෙබ් අඩවියක් මගින් ගණනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, විනාඩි 30 ක් වගේ කාලයක් ඇතුළත කිලෝමීටර් 400 ක දුරක් ගමන් කරන්න අවශ්‍ය ආරෝපණය ලබා ගන්නත් මේ බැටරිය සමත්. ඒ සඳහා අවශ්‍ය supercharger ජාලය ස්ථාපිත කරන්න ටෙස්ලා සමාගම දැනටමත් කටයුතු කරගෙන යනවා. ඇමරිකාව පුරාම තියෙන ට්‍රක් ධාවකයන්ටම වෙන් වුණු අවන්හල්, නවාතැන්පොළ හැම එකකම වගේ මේ supercharger සවි කරන්න නියමිතයි.



    ටෙස්ලා සමාගම පසුව එළිදක්වපු Roadster 2 කාර් එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොව වේගයෙන්ම ත්වරණය වන වාහනයයි. එයට තත්පර 1.9 ක දී 0 සිට පැයට හැතැප්ම 60 (කිලෝමීටර් 100) වේගය ලබා ගන්න පුළුවන්. සුපිරිම පෙට්‍රල් කාර් කිසිම එකකට තත්පර 2.5 න් මෙහාට එන්න අමාරුයි. (reuters.com)

    ඉලෙක්ට්‍රික් වාහන එක්ක වෙනත් කිසිම වාහනයකට හැරෙන්න බැරි දේ තමයි ත්වරණය, එහෙමත් නැතිනම් acceleration එක​. මේ ට්‍රක් එකට හිස්ව තියෙද්දී 0 සිට පැයට කිලෝමීටර් 100ක වේගය ලබා ගන්න තත්පර 5ක් වගේ කාලයකදී පුළුවන්. අති බහුතරයක් ස්පෝර්ට්ස් කාර්වලට පවා ඊට වඩා අඩු ත්වරණයක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ වගේ ට්‍රක් රථයක ගෙන යන ටොන් 36 ක බරත් එක්කම වුණත් මේ හපන්කම තත්පර 20 ක් ඇතුළත පුළුවන්. අද අපි මිලට ගන්න බොහෝ කුඩා ඉන්දියන් කාර්වල ත්වරණය තියෙන්නෙත් ඒ සීමාවේ. සාමාන්‍ය ට්‍රක්වල තියෙන ඩීසල් එන්ජින්වලින් මේ වැඩේ විනාඩියක් අරන්වත් කරන්න අමාරුයි.

    ඇමෙරිකාවේ දැනට තියෙන ඩීසල් semi එකකට 5% ආනතියක් (1 ට 20 ආනතියක්) තියෙන පාරක යන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 70 ක් වගේ වුණත් ටෙස්ලා semi එක සතු ඉලෙක්ට්‍රික් මෝටර් නිසා ඉතාම පහසුවෙන් ඒ පාරේම පැයට කිලෝමීටර් 110 ක වේගයක් තබා ගන්න පුළුවන්. කන්දක් දැක්ක ගමන් පළවෙනි ගියර් එකට දාගෙන ශබ්ද පූජා, දුම් පූජා පවත්වන ට්‍රක් ඔබත් සමහර විට දැකලා ඇතිනේ. ටෙස්ලා ට්‍රක් අපේ රටටත් ආවොත් ඔන්න ඒ ප්‍රශ්නය නම් නැති වෙයි.

    අනිත් වැදගත් දේ තමයි වායු ප්‍රතිරෝධය. ට්‍රක් එකක් වුණත්, වෙනත් වාහනයක් වුණත් බොහෝ දුරක් තිස්සේ වේගයෙන් ධාවනය වෙනකොට තෙල් වැඩිම හරියක් නාස්ති වෙන්නේ වාත ප්‍රතිරෝධය මැඩලන එකටයි. නමුත් ඉලෙක්ට්‍රික් වාහනවල මෝටර ඉතා කුඩා නිසාත්, දුම් බට තෙල් ටැංකි ඇතුළු දේවල් තබන්න අවශ්‍ය නැති නිසාත් වායු ප්‍රතිරෝධය ඉතාම අඩු හැඩයකට හදන්න පුළුවන්. ටෙස්ලා semi එකට අලංකාර හැඩයක් ලැබුණෙත් ඒ නිසයි. දැනට ලොව වේගවත්ම සුපිරි කාරයක් වන Bugatti Chiron එකටත් වඩා අඩු ඒකක වායු ප්‍රතිරෝධකතාවයක් (drag coefficient එකක්) ටෙස්ලා semi එක සතුයි.




    attachment.php


    ටෙස්ලා semi එක, සාමාන්‍ය ඩීසල් semi එකක් සහ Bugatti Chiron එකේ drag coefficient. සරලව කිව්වොත් වර්ග මීටරයක් නිසා යෙදෙන බලයට මේ ඉලක්කම් සමානුපාතිකයි. (teslarati.com)




    විනෝදයට හදපු, මිල අධික දෙයක්ද?

    මේ හැම දේමත් එක්ක හැමෝගෙම ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේකේ මිල කොහොම වෙයිද කියන එක ගැනයි. නමුත් දැනට පෙන්නුම් කරන විදිහට නම් ඒ ගැනත් වද වෙන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකාව වගේ රටවල්වල අහස උසට බදු ගහලා තියෙන නිසා මිල අධික වුණත් බොහෝ ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන්න, නඩත්තු කරන්න, අලුත්වැඩියා කරන්න වගේම ධාවනයට අවශ්‍ය බලශක්තිය ලබා දෙන්නත් යන වියදම හැම අතින්ම අඩුයි. විශේෂයෙන්ම ට්‍රක් රථ තියෙන ආයතන මේ බව දැනටමත් තේරුම් අරගෙනයි තියෙන්නේ. ලොව විශාලතම ට්‍රක් සේවාවක් හිමි, ලෝක ප්‍රසිද්ධ walmart ආයතනය පවා තමන්ගේ සේවාවට ටෙස්ලා semi රථ එක් කරගන්න දැනටමත් තීන්දු කරලයි තියෙන්නේ.



    attachment.php


    සුප්‍රසිද්ධ Walmart එකේ ට්‍රක් සේවාවට එක් වෙන්න නියමිත ටෙස්ලා semi සමහර විට මේ වගේ වේවි. (greencarreports.com)


    අනිත් අතට මේ ට්‍රක් එකේ තියෙන විශේෂත්වය තමයි තියෙන සරල බව. මහා තඩි ඩීසල් එන්ජිමක් වෙනුවට පුංචි මෝටර් කිහිපයක්ම ඇක්සල් මතම තියෙන නිසා රියදුරු කුටියේ ඉඩ ඕන තරම්. ආරක්ෂාව සඳහාම රියදුරු අසුන තියෙන්නෙත් හරි මැදින්. ඒ විතරක් නෙවෙයි, ඩීසල් ට්‍රක් එකක එන්ජිමේ බලය පිටිපස්සෙම තියෙන රෝදවලට ගෙන යන්න මහා විශාල යකඩ දඬු අවශ්‍ය වුණත් මේකේ ඒ වැඩේට අවශ්‍ය වයර් කිහිපයක් විතරයි. බැටරියක්, මෝටර්, වයර් සහ පාලන ඒකකයක් හැර වෙනත් දෙයක් ඇත්තෙම නැති තරම්. ගියර් පෙට්ටි, ක්ලච්, සද්ද බද්ද, දුම දැමිලි මොනවත් නෑ. ඒ විතරක් නෙවෙයි, පල්ලමක් බහිනකොට බ්රේක් ගහගෙන යනවා වෙනුවට මෝටර් හරහා බැටරිය චාජ් කරන්නත් ටෙස්ලා semi එක සමත්.

    ඉතින් හැම අතින්ම මේ ට්‍රක් එක වාසිදායක බව කවුරුත් තේරුම් ගන්න පටන් අරන්. ලාභයම බලාගෙන වැඩ කරන්නේ නැති ආයතනයක් වන ටෙස්ලා ආයතනයට මේ ට්‍රක් විශාල ප්‍රමාණයෙන් නිපදවා ගැනීමේ යම් අපහසුතා තියෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට ඒ සඳහා අත දෙන එක අපි කාගේත් සදාචාරාත්මක වගකීමක්. ඒ ඇයි කියලා ඉතිරි කොටසින් කියවලා බලන්න පුළුවන්.

    ලෝකයට වැදගත් තාක්ෂණයක්



    attachment.php


    Oil Sand වලින් තෙල් ගන්නට කියා මේ වනසා තියෙන්නේ ලොවට ඔක්සිජන් සපයන සුවිසල් වනාන්තර ප්‍රදේශයක්! (wilderutopia.com)



    ඉලෙක්ට්‍රික් වාහන තාක්ෂණය ලෝකයට හැම අතින්ම හොඳ දෙයක් බව දැන් හැමෝම තේරුම් අරන් හමාරයි. ඉතින් හැම ක්ෂේත්‍රයකම ඒක සිදු වෙන එක ඇත්තටම හොඳ දෙයක්. මැද පෙරදිගින් නැව් එනකොට විතරක් දුවන ප්‍රවාහන ක්ෂේත්‍රයක භයානකකම සුමාන දෙකකට වගේ කලින් අපි හැමෝම අත්දැක්කා. ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවට අවුරුද්ද පුරාම හිරු එළිය, වැස්ස, සුළඟ නොමිලේම ලැබෙනවා. නිවැරදි ප්‍රතිපත්ති ඇතිව මේවායින් බලශක්තිය උත්පාදනය කරනවා නම් අපිට ඇත්තටම වෙන බලශක්තීන් ඕනම නැති තරම්.

    කාලයක් තිබුණු තර්කය තමයි තෙල් නැත්නම් ගෙන්වන්න වෙනවා කියන එක. නමුත් ඇත්තටම එහෙමද? මේ ලෝකයේ තෙල් නැති රටවල් බොහෝ තිබුණත් විදුලිය නිෂ්පාදනය කරන්න බැරි කිසිම රටක් නැහැ. අනික ලෝකයේ එහා කෙළවරේ ඉඳලා තෙල් නැව්වල දාගෙන ගෙනත්, බවුසරවල බෙදා හරිනවා වෙනුවට අපේම රටේ හදන විදුලිය තඹ කම්බි කිහිපයක් හරහා ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ටිකක් හිතලා බැලුවොත් ඇත්තටම අපි පවු කියලා අපිටම හිතෙන දෙයක් නේද වෙලා තියෙන්නේ?

    ඒ සේරම නැහැ කිව්වත් අද තෙල් ලෝකයෙන් තුරන් වේගෙනයි යන්නේ. අනික ගෝලීය උණුසුම වැඩි වෙලා තියෙන්නේ තෙල්/ගල් අඟුරු දහනයෙන් හැදෙන කාබන්ඩයොක්සයිඩ් නිසා. අපිම අපේ වල කපා ගන්නවා වගේ වැඩක් මේක. එහෙම එකේ ඇත්තටම මේ දූෂිත බලශක්ති ප්‍රභවයෙන් මිදෙන එක මොන තරම් හොඳද?

    බොහෝ දෙනෙක් අහන දෙයක් තමයි විදුලිය නිපදවන්න ඉන්ධන ඕන කියන කතාව. නමුත් ඇත්තටම එහෙමද? අද ප්‍රංශය තමන්ගේ විදුලි අවශ්‍යතාවෙන් 70% ටත් වඩා ලබා ගන්නේ න්‍යෂ්ටික බලශක්තියෙන්. ශ්‍රී ලංකාව සතුව තවමත් 50% කට වඩා විදුලි ඉල්ලුමක් සලසන්න පුළුවන් ජල බලාගාර තියෙනවා. චීනයේ Three Gorges ජල විදුලි බලාගාරය තනිව ගත්තත් ලංකාව වගේ රටවල් 9-10කට විතර විදුලිය හදනවා. චීනයේ, ජපානයේ, ජර්මනියේ සහ ඇමරිකාවේ තියෙන සූර්ය බලාගාරත් එක් එක් රට තුළදී ශ්‍රී ලංකාවේ මුළු අවශ්‍යතාව තරමේ 20 ගුණයක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයක විදුලිය හදනවා. ලොව පුරාම ගොඩබිම විතරක් නෙවෙයි, මහ මුහුද මැදත් සුළං විදුලි බලාගාර මහා පරිමාණයෙන් හැදෙනවා. මේ හැම දේම ඇත්තටම ලැබෙන්නේ නොමිලේම වගේ නේද?




    attachment.php


    චීනයේ තියෙන Three Gorges ජලවිදුලි බලාගාරයෙන් මෙගා වොට් 22500ක් හැදෙනවා. ඒ කියන්නේ අපේ වික්ටෝරියා බලාගාරය වගේ 100 ගුණයක් සහ ලංකාවේ මුළු විදුලි ඉල්ලුම වන 2200-2400 MW වගේ 9-10 ගුණයක්! (Wikipedia.org)


    කාලයක් තිස්සේ තිබුණු ගල් අඟුරු, තෙල් සහ ස්වභාවික වායු බලාගාර නිසා අදටත් ප්‍රතිශතයක් වශයෙන් පුනර්ජනනීය බලශක්තිය තියෙන්නේ අඩු තැනක. මොකද මේ බලාගාර වහලා අලුතෙන් පුනර්ජනනීය බලාගාර හදන එක ප්‍රයෝජනයක් නැති නිසා. නමුත් කවදා හෝ එහෙම කරන්න අවශ්‍ය වුණු දවසක කරන්න බැරි කමක් නෑ කියන එක දැනටමත් බොහෝ රටවල් තේරුම් අරගෙනයි ඉන්නේ.

    ලෝකය එතැනට යන ගමන ඉක්මන් කරවමු

    ඊලෝන් මස්ක් මහතාගේත්, ටෙස්ලා ආයතනයේත් ඒකායන අරමුණ වෙන්නේ ඒ තත්වයට ලෝකය යන ගමන ඉක්මන් කරන එකයි. කවදා හරි තෙල් නැති වුණාම ප්‍රශ්නෙට විසඳුම් හොයනවාට වඩා ඒක බොහොම නුවණැති වැඩක්. බොහෝ දෙනා සල්ලි නැහැ, ඕක කරන්න බැහැ කියලා කියපු දේවල් අවදානමක් අරගෙන කරලා පෙන්වලා ඔවුන් ඇත්තටම තැබුවේ ඉතා වටිනා පියවරක්.



    ටෙස්ලා සමාගමේ patent පාවිච්චි කළාට කාටවත් නඩු පවරන්නේ නැති බව ඊලෝන් මස්ක් කියා තිබෙන්නේ සල්ලිවලට වඩා හැමෝම ඒ පැත්තට නැඹුරු වෙන එක ඔහුට වඩාත් වැදගත් නිසයි. (forbes.com)

    කවදා හරි ටෙස්ලා ආයතනයට වඩා හොඳට ඉලෙක්ට්‍රික් වාහන හදන්න හැමෝම පටන් ගනියි. අද මේ අපි කියපු semi ට්‍රක් එකටත් වඩා හොඳ ට්‍රක් වෙන ආයතනවලින් හදයි. නමුත් ඒ විදිහට හිතන්න ලෝකය හුරු කරවපු ටෙස්ලා ආයතනයේ නාමය හැමදාටම ඉතිහාසයේ රන් අකුරින් ලියැවිලා තියේවි. ඒ නිසාම බොහෝ විට මෙය ලියන මගෙත්, කියවන ඔබෙත් ජීවිත කාලය තුළදීම මිනිසා ලෝකයට බරක් නොවන තත්වයක් උදා වෙලා තියේවි.

    ඔබටත් එහෙම හිතෙනවා නම් මේ ලිපිය හැමෝමත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. හැමෝම මේ දේ තේරුම් ගන්නා තරමට මස්ක් මහතා තනියෙන්ම ඇදගෙන යන්න හදන වැඩේට කාට කාටත් පුංචි උදව්වක් හරි දෙන්න පුළුවන් වේවි. අපිව දරාගෙන ඉන්න මිහිකත අපෙන් ඉල්ලන්නෙත් එයයි.

    කවරයේ රූපය : businessinsider.com

    මූලාශ්‍ර:
    roar.media
    Tesla.com
    Engadget.com
    Extremetech.com
    Theverge.com
    Techcrunch.com


     

    Attachments

    • 521-701x244.jpg
      521-701x244.jpg
      18 KB · Views: 639
    • 617-701x468.jpg
      617-701x468.jpg
      58.4 KB · Views: 624
    • 7-14-701x467.jpg
      7-14-701x467.jpg
      39.9 KB · Views: 622
    • 910-701x435.jpg
      910-701x435.jpg
      95.1 KB · Views: 619

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලන්කාවට හරි යනව ස්පේන් වල වගේ ලෙන්ස් ෆොකස් කරලා සන්ලයිට් අරගෙන හදන එක. ලෙන්ස් ෆොකස් කරලා ගොඩක් සූර්යබලයෙන් ඉලෙක්ට්‍රිසිටි ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: hiranlahiru2015

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha

    elon musk is a smart person :)

    ලන්කාවට හරි යනව ස්පේන් වල වගේ ලෙන්ස් ෆොකස් කරලා සන්ලයිට් අරගෙන හදන එක. ලෙන්ස් ෆොකස් කරලා ගොඩක් සූර්යබලයෙන් ඉලෙක්ට්‍රිසිටි ගන්න පුලුවන්.

    rep++
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ලන්කාවට හරි යනව ස්පේන් වල වගේ ලෙන්ස් ෆොකස් කරලා සන්ලයිට් අරගෙන හදන එක. ලෙන්ස් ෆොකස් කරලා ගොඩක් සූර්යබලයෙන් ඉලෙක්ට්‍රිසිටි ගන්න පුලුවන්.

    eka ethhta bn. eth lankawa yana vidiha awlak thiyenawa.. kawadahari mulu lokema nathara wenne othana bn :yes:
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ටෙස්ලා දැන් ඉන්නේ පොඩ්ඩක් අවදානම් තත්වයක මොඩල් ත්‍රී එකේ ඕඩර්ස් ලක්ෂ ගානක් තිබ්බට තුන්දාහක් විතර තමා දීලා තියෙන්නෙ technology,innovation අතින් ඉහල උනාට ප්‍රඩක්ෂන් අතින් ගොඩක් පස්සෙන් අනෙක් මෝටර් රථ දෑවන්ත්යෝ එක්ක ගත්තම තාම ලාබාල කොම්පැනියක්...තාම පාඩු ලැබුවත් investors ලාගෙන් නන් අඩුවක් නෑ එක හින්ද තමා කොම්පැයේ කොටස් වටිනාකම ඉහල...මේ ට්‍රක් එකත් එහෙම දැන් පොඩ්ඩක් අවුල් ගහල ඉන්න investors ල පොඩ්ඩක් සතුටු කරන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන් එහම කතාවක් යනවා ..විචාරකයෝ කියන්නේ සෙමි වලට කලින් විශාල වශයෙන් භාණ්ඩ ප්‍රවාහනයට දායක වන මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ ට්‍රක් වලට ගියානං හොදයි කියල...ටෙස්ලා මෙ අභියෝග ඔක්කොම ජයගනිය් කියල හිතමු.
     
    • Like
    Reactions: b.tharindar

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    තාම Semi එකයි roadster එකයි තාම හදල නෑ. හදල ඉවර වුනාට පස්සෙ ඔය ලිපිය ඔය විදිහට ලිව්ව නම් තමයි වඩාත් හොඳ.මෙහෙ හදන වේගා එක වගේම තමයි​.

    Rep+ for the post
     
    Last edited: