AI නිසා විනාශවී ගිය ඉරාන යුධ ශක්තිය.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,547
    10,323
    113
    44
    Living in an Atom

    මිසයිල තිබුණට විදින්න ට්‍රක් එකක් නැතිව ඉරානය අනාගත් හැටි.

    649331474_122117162313190306_2611799483215271383_n.jpg

    2026 පෙබරවාරි 28 වෙනිදා ඇමරිකාවයි ඊශ්‍රායලයයි එකතු වෙලා ඉරානෙට "වැඩක්" දෙන්න පටන් ගත්තම මුලින්ම හිතුණේ මේක ලෝක විනාශය කියලා. මොකද පළවෙනි පැය කිහිපයේම මිසයිල 200ක් විතර අහස පුරා රතිඤ්ඤා වගේ පත්තු වුණා. හැබැයි 5 වෙනි දවස වෙනකොට වුණේ හිතාගන්න බැරි දෙයක්. මොකද ඉරානෙන් එන මිසයිල ප්‍රමාණය 86%කින් විතර එකපාරටම බැස්සා. මුලින් 150ක් විතර ආපු "මිසයිල වැස්ස" දැන් වහිනවද නැද්ද කියලා හොයාගන්න බැරි "පොද වැස්සක්" වෙලා තියෙන්නේ.

    ඉරානෙ ගාව මිසයිල දහස් ගණන් තිබුණට ඒවා අහසට යවන්න ඕන කරන අර ලොකු ට්‍රක් ටික ඇමරිකාවයි ඊශ්‍රායලයයි කුඩු කරලා දැම්මා. ඒක හරියට "උණ්ඩ මල්ලක් තිබුණට පත්තු කරන්න තුවක්කුව නැති වුණා" වගේ වැඩක්. දැන් ඉරාන සෙබළු මිසයිල ටික බදාගෙන බංකර ඇතුලේ ඉන්නවා. ඒක එළියට ගන්න ට්‍රක් එකක් නැතුව. ඇමරිකාව ගහපු GBU-57 බෝම්බ නිසා අඩි 200ක් පොළොව යට තිබුණ "මිසයිල නගර" දැන් "මිසයිල සොහොන්" වෙලා තියෙන්නේ.

    ඊශ්‍රායලයේ Hermes 900 කියන AI ඩ්‍රෝන ටික දැන් ඉරාන අහසේ "ෆුඩ්සිටි" එකක වගේ සැරිසරනවා. මේවා කොච්චර දරුණුද කියනවා නම් මිසයිලයක් විදලා ට්‍රක් එක පණ ගන්වනකොටම AI එකෙන් අඳුරගෙන "ඩෝං" ගාලා ඉවරයක් කරනවා. තත්වය කොච්චර දරුණුද කියනවා නම් ඇතැම් ඉරාන සෙබළු ට්‍රක් එක පණ ගන්වන්නත් කලින් "මේකේ හිටියොත් නම් මළා" කියලා ට්‍රක් එක දාලා දුවනවලු.

    ඇමරිකන් හමුදාව මේවයේ වීඩියෝත් දාලා තියෙන්නේ "බලපන් මුන් දුවන දිවිල්ල" කියලා වගේ ඉරානය අවුරුදු 30ක් තිස්සේ පොළොව යට හාර හාර හදපු "මිසයිල බලකොටුව" දින 6ක තාක්ෂණික ගේම් එකකින් අඩපණ වුණා. දැන් ඉතින් ඉරානෙට ඉතුරු වෙලා තියෙන්නේ මිසයිල ටික අතින් විසි කරන්න තමයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඕවානම් දන් නෑ හෝමුස් එක මුදාගන්න ගොඩබිම් ආක්‍රමණයකට ලෑස්ති වෙනවා නේද
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,492
    3,073
    113
    පචයක්! මුල්ලලා මෝඩ නෑ උන් සේරම එලියට අරන් නෑ.

    Yemen වග හුතී උන්ගේ launchers වත් තාම විනාස කර ගන්න බැරිව කොහෙද ඉරානේ

    මේ තියෙන්නේ අද උදේ උණු උණුවේ බාපුවා


    ------ Post added on Mar 13, 2026 at 11:03 PM

    මුලින් දවසට මිසයිල 100ගාණක් යැව්වට දැන් එහෙම උවමනාවක් නෑ.. දැන් තියෙන්න mid term වෙනකන් ඇදන් යන එක 🤭 දවසට 4ක් 5ක් ගැහුවත් ඇති, Hormuz block කරගෙන..
    ------ Post added on Mar 13, 2026 at 11:06 PM
     
    • Like
    Reactions: DiksonAlex

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,940
    113
    එහෙනං දැන් ට්‍රම්ප් ඉරානේ ආධ්‍යාත්මික නායකයා වෙලා ඇති
     
    • Like
    Reactions: Al Baik

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වියදම ගනං හදල බැලුවහම තේරෙයි නාගෙන ඉන්නේ කවුද කියල. මම දැක්කා ඉරාන් අහස්ගුන්ඩුවක් පස්සේ ඉන්ටසෙප්ටර්ස් 4ක් පන්නනවා🤣