ලේක් හවුස් නව සභාපති ගාමිණී වරුෂමාන

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    IMG_1187.jpeg


    සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ (Lakehouse) නව සභාපතිවරයා ලෙස ගාමිණී වරුෂමාන මහතා ඊයේ වැඩ භාර ගත්තේය.

    කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ඒ මහතා ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ මාණ්ඩලික මාධ්‍යවේදියෙක් ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කරමින් විශ්ලේෂකයෙකු, පර්යේෂකයෙකු ලෙස ආයතන ගණනාවක සේවය කර තිබේ.

    කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය සදහා ශාස්ත්‍රපති උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සදහා ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති ඒ මහතා ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගැමිදිරිය වැඩ සටහන ආදි ආයතන ගණනාවක පරිපාලන සහ පර්යේෂණ අත්දැකීම් සහිත නිලධාරියෙකි.
     

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    හඩු උන් ටිකක් කොහෙන් හරි හොයා ගන්නවා ....