ලේනා_බලු_ලොම්_අතර_කෑම_සඟවයි

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලේනා_බලු_ලොම්_අතර_කෑම_සඟවයි

ගස් කොළ අඩු වටපිටාවක් ඇති නිවසක සුරතලයට ඇති කරන වැලි නම් ලේනකු තම ආහාර සැඟවීමට අපූරු ස්ථානයක් සොයා ගෙන තිබේ. ඒ ජැක්ස් නම් තම බලූ යහළුවාගේ ලොම් අස්සෙයි.


ඕක් ගෙඩියක් ලැබුණු වැලී, එය රැගෙන විත් ජැක්ස්ගේ ලොම් අතර සැඟැවීය. එය නැවත බිමට වැටුණි. ඒ දෙස පුදුමයෙන් බැලූ වැලි තවත් ඕක් ගෙඩියක් ලැබුණා යයි සිතා එය වෙනත් තැනක සැඟවීය.

වැලී කරන සෑම දෙයක්ම බලා සිටිනු විනා ජැක්ස්ගෙන් නම් වැලීට කරදරයක් නොමැත. මේ දෙදෙනාගේ හිමිකරු ඔවුන්ගේ කාර්ය වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර තිබේ. මෙලෙස තම කෑම සැඟවීම වැලිගේ පුරුද්දක් බව සඳහන්ය. මීට පෙර චීස් කෑල්ලක් ජැක්ස්ගේ ඇගේ සැඟවීමට ගොස් ජැක්ස් වහා එය උදුරාගෙන ගිල දැමීය.