මොනවද ඌයි මුං මේ මිනිස්සුන්ට කියන්නෙ
මේ යකා මේ දවස් 5 ට කියාපු ඒවා දවසින් දවස වෙනස් කරනවා
ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන්නේ මේ වගේම ජනාධිපති කෙනෙක් තමා ...
මිනිස්සු හැටියට කියනවා නෙ නායකයෝ
අයි බන් මුන්ව මෙහෙම කුජිත කරන්නේ
සයිටම් පිළිබඳ නිවේදනය සංශෝධනය කරන බව මා වෛද්‍ය සංගමයට කීවේ නෑ
ඊයේ "දිවයින" මුල් පුවත ගැන ජනාධිපති ලේකම් කරුණු පහදයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හෝ හිටපු ලේකම්වරයා තමන් සමඟ කිසිදු හමුවීමක් සිදු නොවූ බවද සයිටම් ආයතනය පිළිබඳව තමන් නිකුත් කළ නිවේදනය සංශෝධනය කරන බවට කිසිදු ප්‍රකාශයක් කළේ නැතැයිද ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා පවසයි.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කළ ප්‍රකාශයක් අනුව ඊයේ (27 දා) "දිවයින" ප්‍රධාන ශීර්ෂය යටතේ පළවු මුල් පුවත පිළිබඳ කරුණු පැහැදිලි කරන ජනාධිපති ලේකම්වරයා මෙසේද කියා සිටී.
සයිටම්
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ලෙස මවිසින් නිකුත් කරන ලද ප්රවෘත්ති නිවේදනය සංශෝධනය කරන බව මා විසින් ප්‍රකාශ කරන ලදැයි සඳහන් කරමින් ඊයේ දින (27 දා) "දිවයින" පුවත්පතේ පළකර ඇති පුවත කිසිදු පදනමකින් තොර අසත්‍ය කරුණක් සමාජගත කිරීම සඳහා දරණ ලද උත්සාහයක් ලෙස සැලකිය හැකිය.
"සංශෝධිත නිවේදනයක් එයි - සයිටම් අලුත්ම විසඳුම අද" සිරස්තලය යටතේ එම පුවතට පාදක කරගෙන ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක් වුවත් එහි සඳහන් කර ඇති ආකාරයට පසුගිය 26 වැනි දින හෝ මෑත භාගයේ කිසිදු දිනක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හෝ හිටපු ලේකම්වරයා සමඟ මාගේ කිසිදු හමුවීමක් සිදුවී නැත. අවම වශයෙන් එම දෙදෙනාගෙන් කිසිවෙකු සමඟ දුරකථනයෙන් හෝ අදහස් හුවමාරු කරගැනීමක් සිදුකර නොමැත. ඒ අනුව අද "දිවයින" පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට පාදක කරගෙන ඇති මා විසින් ප්‍රකාශ කර ඇතැයි කියන සියලුම කරුණු තරයේම ප්‍රතික්ෂේප කරමි.
රටේ ප්රමුඛ අවධානයකට යොමුව ඇති සංවේදී කරුණකට අදාළව වගකිවයුතු මාධ්‍යයක් හරහා මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම තුළ රටේ සාමාන්‍ය ජනතාව තුළ වැරදි අදහස් රෝපණය වියහැකි අතර රටේ පොදු යහපත උදෙසා විසඳුමක් ලබා ගැනීමට උත්සාහ කරන ගැටලුකාරී තත්ත්වයක් තවත් සංකීර්ණ කිරීමට ද එය හේතු විය හැකිය. ඒ අනුව පොදු යහපත කෙරෙහි බැඳීමක් සහිත කිසිදු ජනමාධ්‍යයක් වෙතින් මෙවැනි තත්ත්වයක් අපේක්ෂා නොකරමි. ඒ අනුව රටේ සාමාන්‍ය ජනතාව අතර මෙන්ම සයිටම් ආයතනය මුල්කරගනිමින් සාධාරණ විසඳුමක් අපේක්ෂා කරන දෙපාර්ශවයේ ද සැකසංකා දුරුකරනු උදෙසා මෙම පැහැදිලි කිරීම සිදුකරන බව වැඩිදුරටත් සඳහන් කරමි.
කර්තෘ සටහන
ඉහත ප්‍රවෘත්තියට පාදක කරගෙන තිබෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් "දිවයින"ට දුරකථනය ඔස්සේ කළ ප්‍රකාශයකි. වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කළ එම ප්‍රකාශය ඒ ආකාරයටම පළ කළෙමු.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම පුවත නිවැරැදි නොවන බවට කළ නිවේදනයෙන් පසු "දිවයින" අදාළ වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳ විමසීමක් කළෙමු. එහිදී තමන් අදහස් කළේ ජනාධිපති ලේකම්වරයා ලෙස නොව ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු විසින් අදාළ සංශෝධන නිවේදනය ඉදිරිපත් කරන බව යෑයි වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. වෛද්‍ය නිලධාරි සංගමයට ඒ බව ප්‍රකාශ කළේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ශිරාල් ලක්තිලක මහතා බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ඉහත ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යම් අපහසුතාවක් හෝ සිත්රිදීමක් ඇතිවූයේ නම් ඒ පිළිබඳ අප ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාට කනගාටුව ප්‍රකාශ කරමු.http://www.divaina.com/2017/06/28/news02.html
ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පසුගියදා පැවැත්වුණේ කිසිදු නිල තත්වයක් නොමැති "හොර සාකච්ඡාවක්" බව ජනාධිපතිවරයාම කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බව රජයේ ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබඳව රජයට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි කැබිනට් මණ්ඩලයේ දී අදහස් පළවූ බවද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.
"මේක හොර සාකච්ඡාවක් කියලයි ජනාධිපතිතුමා පටන් ගෙන තියෙන්නේ. ඡායාරූප නැහැ. සටහන් නැහැ. වීඩියෝ නැහැ, මොකුත් නැහැ."
ජනාධිපතිවරයා කළේ හොර සාකච්ඡාවක් නම් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසූ පරිදි එයින් අනතුරුව නිවේදනයක් නිකුත් කළේ මන්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි සාකච්ඡාවක් පැවති බවක් නිවේදනයේ සඳහන් නොවන බවය.
අවසානයේ දි රජයේ කැබිනට් ප්‍රකාශක කමට කෙළ වුණා නේද
![]()
![]()
