ලේසර්_තොරණ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොළඹ අහසේ සිත්තම් වන ලොව ප්‍ර‍ථම ලේසර් තොරණ

    සිව්වැනි වරට පැවැත්වෙන කොළොම්තොට වෙසක් කලාපය කොළඹ ගාලු මුවදොරපිටිය සහ වරාය පරිශ්‍ර‍ය කේන්ද්‍ර කරගනිමින් මෙවරද පැවැත්වෙනවා.

    එහි ප්‍ර‍ධානතම අංගය වන්නේ ගාලු මුවදොර පිටියේ ඉදිවෙන ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණය. එහි උස අඩි 60 කි. පළල අඩි 40ක් වේ.දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ,ලබා ගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතය මෙම ලේසර් කිරණ තොරණේ කථා වස්තුව වනවා.

    ජර්මන් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන එම තොරණේ නිර්මාතෘ ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතාය.

    පසුබිම් සංගීතය විමලජීව දොඹවත්ත මහතාද, කතා වස්තුව දිමුතු චින්තක මහතාද ඉදිරිපත් කරනවා. රාත්‍රී කාලයේ අහසේ සිතුවම් වන මෙම තොරණ දෙස් විදෙස් බැතිමතුන්ගේ සුවිශේෂී අවධානයට යොමු වනු ඇතැයි ආචාර්ය ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතා පවසනවා.

    “ලේසර්වල තියෙනවා විවිධ තාක්ෂණ ක්‍ර‍ම. වෛද්‍ය විද්‍යාවේ ලේසර් භාවිත කරනවා. ඒ වගේම යුද කටයුතු සඳහාත්, මැනීම් කටයුතු හා ඉංජිනේරු විද්‍යාවටත් ලේසර් තාක්ෂණය පාවිච්චි කරනවා. ඒවගේම විශාල වශයෙන් විනෝදාස්වාදය සඳහාත් යොදාගන්නවා. එහිදී අපි භාවිත කරන්නේ විනෝදාත්මකව යොදාගන්නා ලේසර් කිරණ වර්ගයක්. එහි කිසිම ශරීර හානියක් නැහැ. මේ නිර්මාණය කරන්න අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි විනෝදාස්වාදය සඳහා යොදාගන්න ලේසර් කිරණ නැතහොත් ලේසර් කලාව බුද්ධ චරිතය සම්බන්ධ කරමින් ශ්‍ර‍ද්ධාව ඇතිකිරීම සඳහා යොදාගැනීම. නමුත් අපි ඒ අභියෝගය ජයගත්තා කියලා මම හිතනවා…..” යැයිද ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතා පවසනවා.

    කොළොම්තොට වෙසක් කලාපය වරාය සහ නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය බෞද්ධ සංගමය එක්ව සංවිධාන කරනවා.


    nethfm
     
    • Like
    Reactions: Rockstar Athelete

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මේ වීඩියෝ එකේත් ස්ටේජ් එකේ බැක්ග්‍රවුන්ඩ් ලයිටින් සිස්ටම් එකෙත් ලේසර් යොදා ගෙන තියනවා මම හිතන්නෙ. මාර ලස්සනයි..හැබැයි මියුසිකුත් ඕනෙ. මේකට..


    අඩුගානෙ මේ වගේ වත් තිබ්බොත්:sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    testing කල්ල නෑ කලිං ? එහෙම එකක ෆොටෝ එකක්වත් කවුරුත් දාල තිබ්බෙ නෑනෙ :confused: :confused:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    testing කල්ල නෑ කලිං ? එහෙම එකක ෆොටෝ එකක්වත් කවුරුත් දාල තිබ්බෙ නෑනෙ :confused: :confused:

    ටෙස්ටින්ං නොකර ඕව එකපරට කරනවද බන් පුරුදුවෙන්න වගේ...වඩේ ටෙස්ට් කරල සාර්ථක වෙලා ඇති...ජර්මන් තාක්ෂනයෙන්ලුනෙ කරන්නෙ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටෙස්ටින්ං නොකර ඕව එකපරට කරනවද බන් පුරුදුවෙන්න වගේ...වඩේ ටෙස්ට් කරල සාර්ථක වෙලා ඇති...ජර්මන් තාක්ෂනයෙන්ලුනෙ කරන්නෙ...

    ඉතිං කවුරුවත් testing කරපුවගෙ photo එකක්වත් දාල තිබ්බෙ නෑනෙ :confused: :confused: