ලොකයේ විශාලත්වය කොපමණද?

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ලොකයේ විශාලත්වය කොපමණද?

    ලොකයේ විශාලත්වය කොපමණද?:yes::yes:
    ලොකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්‍රයේ දක්වලා තියෙනවා. එහි සදහන් වන ආකාරයට, එක ඉරකින් හා හදකින් ආලොකමත් වන ඉහතින් විස්තර කරපු භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලොක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලොක හා දිව්‍ය ලොක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි. එබදු ලොක ධාතු 1000 ක් සහශ්‍රී ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි. චුලනි ලොක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලොක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්‍රි ලොක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්‍යම ලොක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්‍යම ලොක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලොක ධාතු (කොටි ලක්ෂය) ත්‍රිසහශ්‍රී ලොකධාතුව නමි වෙ. මහා සහශ්‍රී ලොකධාතුව යනුද මෙයයි.

    අපගේ මෙම සක්වල (ලොකධාතුව)හා ඒ වටා පිහිටි 999ක් වු සක්වලයන් එනමි සහශ්‍රී ලොක ධාතුව නැත්නමි චුලනි ලොකධාතුව,යන්න සෘධිමත් ස්‍රාවකයන්වහන්සේලාටදවිශයවන බව දක්වා ඇත. උන්වහන්සේලාට, ඒ සක්වල 1000 ට ඇසෙන සේ කථාකිරිමට ඒ සක්වල 1000ට ආලොකය අන්ධකාරය පැතිරවිමට හැක.

    මධ්‍යම ලොකධාතුව හෙවත් ද්වි සහශ්‍රි ලොකධාතුව මෙය බුදුවරැන්ගේ ජාතික්ෂේත්‍රය වශයෙන් දක්වා ඇත. මහාබෝධිසත්ත්වයින් මවිකුස පිළිසිදගැනිමෙදි, බිහිවිමෙදී, මහාභිනිෂ්ක්‍රමණයකිරිමෙදී, බුදුවිමෙදී, දමිසක්පැවැත්විමෙදී, ආයු සංස්කාරයහැරිමෙදි හා, මහාපරිණිර්වාණයේ දී මෙ මධ්‍යම ලොක ධාතුව කමිපාවන බව දක්වා තිබෙ.



    ත්‍රිසහස්ශ්‍රි හෙවත් මහා සහශ්‍රී ලොක ධාතුව මෙය තථාගතවන් වහන්සේගේ ආඥාක්ෂේත්‍රය වශයෙන් දක්වලා තියෙනවා. ඒ ලොකධාතුවට අයත් සියලු ලොකයන්හි ආටානාටි පිරිත,ඉසිගිලිය පිරිත, ධජග්ග පිරිත, බොජ්ජංගපිරිත, ඛන්ධපිරිත, මොරපරිත්තය, රතනපරිත්තය, මෙත්තපරිත්තය යන පිරිත්හි බලය පිහිටන බව දක්වා තියෙනවා. මෙ පිරිත් තේරැමි සමග ඔබ දන්නවා නමි, එයින් බොහෝ පිරිත්හි සදහන් වන්නේ තුරැනුවන්ගේ ගුණ බව ඔබ දන්නවා ඇති. එසේ නමි එයින් අපිට තේරැමි යන්නේ අපේ තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරැමිපුරා මෙලොව පහල වුයේ අපට පමණක් ධර්මය දේශණාකිරිමට නොවන බව නෙවෙයිද? උන්වහන්සේ අපේ මෙන්ම ඒ මහා සහශ්‍රි ලොක ධාතුවෙ වසනා සත්ත්වයින්ගේද සාස්තෘන්වහන්සේ බව අපට මෙයින් පැහැදිලියි. බුදුපියානන් වහන්සේ පරිනිර්වාණය ගැන දැක්වෙන මහාපරිනිර්වාන සුත්‍රයේ දක්වා ඇති පරිදි තථාගතයන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ශේෂ වු රෝම ධාතු 10,000 ක් සක්වල බ්‍රහ්මයන් විසින් දසදහසක් චක්‍රාවාට වෙත පිලිවලින් ගෙනගිය බව දක්වා තිබෙනවා. එසේනමි ඒ ඇයි? උන්වහන්සේ පහලවුයේ මෙ සියලු සක්වලයන්ටමය. සැබවින්ම උන්වහන්සේ කෙතරමි ආස්චර්‍යජනකද යන්න අප වැන්නකුට සිතාගැනිම පවා කල නොහැක්කක් යැයි මම සිතමි.


    මෙ මහා සහශ්‍රි ලොකධාතුවෙන් පිටත් තවත් අනන්ත අප්‍රමාණ ලොකයන් ඇත. මෙහි ප්‍රමාණය උපමාවකින් දක්වා ඇත. කෝටි ලක්ෂයක් සක්වල බ්‍රහ්මලොව තෙක් පිරවිමට තරමි අඹ ඇට ගෙන යමිකිසි අයෙක් හමුවෙන හමුවෙන සක්වලට එක් අඹ ඇටය බැගින් දමමින් එක් දිශාවකට ගමන් ගතහොත් අඹ ඇට ඉවරවනවා මිස, ඒ දිශාවෙ සක්වල ඉවරවිමක් සිදුනොවෙ. ලෙස එය දක්වා ඇත. මෙ සියලුම සක්වලයන්ද, තථාගතයන්වහන්සේගේවිශයක්ෂේත්‍රයයි. එහි ප්‍රමාණයක් නැත. ඒ සියලු සක්වලයන්ට අප බුදුපියානන්ට ආලෝකය අන්ධකාරය පැතිරවිය හැක. සැමතැන වෙසෙන සත්ත්වයිනට ඇසෙන පරිදිකථාකල හැක. බදුවරයෙකු ආශ්චර්‍යමත් වන්නේ ඇයිද යන්න යමෙක්ට දැන් තේරැමිගත හැකි වනු ඇත. සමහරැන් නොදැනුවත්කම නිසා සිතා සිටිනුයේ බුදුපියානන්වහන්සේ යනු තවත් එක් මනුෂ්‍යයෙක් වශයෙනි. උන්වහන්සේ මනුෂ්‍යයෙක් වශයෙන් උපත ලද බව සත්‍යයකි. නමුත් මඩෙ පිපි නෙලුමක් මඩනොතැවරි ජලයේ නොගැටි පිපි සිටින්නාක් මෙන් උන්වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවු උත්තමයකි. උන්වහන්සේ විසින්ම ඒ බව දක්වා ඇත. වරක් බමුණෙකු උන්වහන්සේ වෙත පැමින " ස්වාමිනි ඔබවහන්සේ දෙවියෙක්ද?, ගාන්ධර්වයෙක්ද?, මනුෂ්‍යයෙක්ද?, යක්ෂයෙක්ද? යනාදි වශයෙන් අසන ලද ප්‍රශ්ණ වලදි උන්වහන්සේ ඒ සියල්ලටම දෙන ලද පිළිතුර වුයේ නැත යන්නය. ඒසේ නමි උන්වහන්සේ කවරෙක්ද? උන්වහන්සේ දුන් පිළිතුර වුයේ "බ්‍රාහ්මණය මම බුද්ධ වෙමි" යන්නයි. මෙ සියලු සක්වලයන්ට එක් වරකට පහල වනුයේ එක් බුදුවරයෙක් පමණි. නමුත් මහාසහශ්‍රි ලොකධාතුවෙන් මත්තෙහි වෙනත් බුදුවරැන් පහලව සිටිනවා විය හැක.
     
    • Like
    Reactions: mcwolfe and heshi32