ලොකු අයියලා 4 දෙනා

C100

Junior member
  • Jul 4, 2008
    220
    10
    18
    ලොකු අයියලා 4 දෙනා


    Big 4 Audit Firms හෙවත් විගණන ක්ෂේත්‍රයේ ලොකු අයියලා 4 දෙනා ගැන තමයි අද මං කියන්නේ යන්නේ..
    :rofl:




    විගණන ක්ෂේත්‍රයේ ලොකු අයියලා 4 දෙනා කියන්නේ ඇත්තම කිව්වොත් වර්තමාන ලෝකයේ විගණනය ඇතුළු ව්‍යාපාර වෘත්තීය සේවා සපයනු ලබන ලොව ප්‍රමුඛ පෙළ ආයතනජාල 4 යි. මෙම ආයතනජාල 2013 වර්ෂයේ ලැබූ ආදායම පහත පරිදිය. :shocked:


    1. Deloitte Touche Tohmatsu - $32.4bn
    2. PriceWaterhouseCoopers - $32.1bn
    3. Ernst & Young - $25.8 bn
    4. KPMG - $23.4 bn

    vyp95h.jpg



    මෙම ආයතනජාලයන් සතර ලොවපුරා විසිරි සිටින තම සාමාජික ආයතන (Member Firms) මගින් බාහිර/අභ්‍යන්තර විගණන කටයුතු, බදු හා ව්‍යාපාර උපදේශන සේවා, ව්‍යාපාර කටයුතු බාහිරකරණ සේවා (Business Process Outsourcing), ව්‍යාපාර අවදානම් කළමනාකරණය ආදී සේවා රැසක් සිදු කරයි. :yes:

    නමුත් බොහෝදුරට මොවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර කටයුත්ත වන්නේ බාහිර විගණනය (External/Financial Audit) සිදුකිරිමයි.බාහිර විගණනය හෙවත් මුල්‍ය වාර්තා විගණනය මගින් අරමුණු කරන්නේ ව්‍යාපාරයක් විසින් මුල්‍ය වර්ෂයක් අවසානයේ පිලියල කරඇති මුල්‍ය වාර්තා ගිණුම්කරණ ප්‍රමිත හා ව්‍යාපාරයට ආදලවන නිතිරිතින්ට අනුව පිලියල කිරීමක් කර ඇත්දැයි සහ එම වාර්තා මගින් සාධාරණ හා සත්‍ය ඉදිරිපත් කිරීමක් සිදුකර ඇත්දැයි සහ යන්න පිළිබඳව ස්වාධින මතයක් ලබාදීමයි. ;)

    ලෝකයේ බොහෝරටවල පවතින නිතියන්ට අනුව විගණන සේවා සපයන ආයතන ස්වාධින හා දේශීය හිමිකාරත්වයක් සහිත ආයතන විය යුතුය. එම නිසා මෙම අන්තර්ජාතික ආයතන ජාලවලට සෘජුව කිසියම් රටක තම විගණන සේවා සැපයිය නොහැකිය.
    උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ කරන්නේ ඔවුන්ගේ සන්නාම නාමය, ව්‍යාපාර මොඩලයට හා ප්‍රමිතීන් වලට අනුව කටුයුතු කරන හවුල් ව්‍යාපාර වශයෙන් ලියාපදිංචි වූ ආයතන විසිනි. ඒවායේ හවුල්කරුවන් (Partners) ලෙස කටයුතු කරනුයේ දේශීය වරලත් ගණකාධිකාරී ආයතනයේ පරියචන සහතිකය ලැබූ සාමාජිකයින්ය. :nerd:

    *Deloitte හැරෙන්නට අනෙකුත් ආයතනජාල 3 (KPMG, PwC, E&Y) සඳහාම ශ්‍රී ලංකාවේ තම සන්නාම නාමයෙන් ව්‍යාපාර කටයුතු කරන තම සාමාජික ආයතන (Member Firms) ඇත. නමුත් Deloitte හි මෙරට කටයුතු සිදුකරනුයේ SJMS Associates ආයතනයයි (SJMS Operates As an Independent Correspondent Firm Of Deloitte).


    අයියලා 4 දෙනා කෙටියෙන් අඳුරගන්න කැමතිද එහෙනම් යටට යන්නකෝ ඔහොම්ම
    :rofl:

     
    Last edited:

    C100

    Junior member
  • Jul 4, 2008
    220
    10
    18

    1. Deloitte Touche Tohmatsu


    984mko.png


    • ආරම්භය - 1948දී Touche ආයතනය ඇමරිකාවේ ආරම්භ වේ. එය ජපානයේ Tohmatsu Aoki & Co සමග 1968 දී එකාබද්ධවේ. ඉන්පසුව ඔවුන් එංගලන්තයේ 1845 ආරම්භවූ Deloitte සමග 1989 වර්ෂයේදී ඒකාබද්ධ වේ.
    • මුලස්ථානය - නිව්යෝක් නගරය
    • සේවය කරන වෘත්තිකයින් සංඛයාව - 200,000


    2. PriceWaterhouseCoopers


    2w562hz.jpg


    • ආරම්භය - 1854 දී පමණ Cooper ආයතනය ආරම්භවන අතර පසුව විවිධ ආයතන සමග එකාබද්ධවේ.
      අවසාන වශයෙන් Pricewaterhouse සමග 1998 දී ඒකාබද්ධවී ඇත.
    • මුලස්ථානය - ලන්ඩන් නුවර
    • සේවය කරන වෘත්තිකයින් සංඛයාව - 184,000


    3.Ernst and Young

    2j4sgie.png


    • ආරම්භය - මුලාරම්භය 1849 දක්වා දිවයයි. 1989 Ernst & Whinney සමග Arthur Young ඒකාබද්ද වේ.
    • මුලස්ථානය - ලන්ඩන් නුවර
    • සේවය කරන වෘත්තිකයින් සංඛයාව - 175,000


    4.KPMG

    2cf2wq9.png


    • ආරම්භය - මුලාරම්භය 1870 දක්වා දිවයයි.විවිධ ව්‍යාපාර බද්ධ වීමෙන් පසුව 1987 දී සිදුවන Peat Marwick International සහ Klynveld Main Goerdeler අතර ඒකාබද්ද වීමෙන් KPMG යන නාමය ඇතිවේ.
    • මුලස්ථානය - නෙදර්ලන්තය
    • සේවය කරන වෘත්තිකයින් සංඛයාව - 155,000

    අමතර තොරතුරු


    • මෙහි එක් ආයතන ජාලයක් ගතහොත් අවම වශයෙන් රටවල් 140 ක පමණ ක්‍රියාත්මක වේ. කෙසේනුමුදු 1970 දී පමණ මෙවැනි දැවැන්ත වෘත්තිය සේවා සපයන ආයතන ජාල 8 ක් පමණ ලෝකයේ තිබී ඇති නමුත් ඔවුනොවුන් අතර ඇතිවූ ව්‍යාපාර බද්ධවීම් (Mergers) නිසා එය 5 දක්වා අඩුවී ඇත. :nerd:

    • 2002 දී Enron යන ඇමරිකානු බලශක්ති හා සම්බන්ධ සමාගම වංචනික ලෙස ගිණුම්කරණ හිඩැස්තුලින් රිංගාගොස් ඉදිරිපත් කල මුල්‍ය ප්‍රකාශ කිරීම හා ඒවායේ වචන්කික භාවය ඔප්පුවිමත් සමග එකල එහි විගණන කටයුතු සිදුකල දැවැන්ත විගණන ආයතනයක් වූ Arthur Andersen බිඳවැටිණි.:confused:කෙසේ හෝ දැන් ඇත්තේ දැවැන්තයන් 4 දෙනෙකු විසින් පාලනය කරන කතිපයධිකාරි වෙළෙඳපලකි.
    * වර්තමානයේ BDO International (55,000 employees) සහ Grant Thornton 5 සහ 6 ස්ථාන පිලිවෙලින් හිමිකරගෙන සිටි. :rolleyes::rolleyes:
    * දැනට ශ්‍රී ලංකාවේ Audit Trainee (External)කෙනෙකුගේ මාසික වේතනය ආරම්භයේ දී බොහෝවිට රු.4,500 ක් වන අතර එය කනගාටුවට කරුණකි.
    :oo:


    උපුටාගත්තේ මෙන්න මෙතනින් :D
     
    Last edited:
    • Like
    Reactions: sokka