ලොකු අයියලා 4 දෙනා
Big 4 Audit Firms හෙවත් විගණන ක්ෂේත්රයේ ලොකු අයියලා 4 දෙනා ගැන තමයි අද මං කියන්නේ යන්නේ..
විගණන ක්ෂේත්රයේ ලොකු අයියලා 4 දෙනා කියන්නේ ඇත්තම කිව්වොත් වර්තමාන ලෝකයේ විගණනය ඇතුළු ව්‍යාපාර වෘත්තීය සේවා සපයනු ලබන ලොව ප්රමුඛ පෙළ ආයතනජාල 4 යි. මෙම ආයතනජාල 2013 වර්ෂයේ ලැබූ ආදායම පහත පරිදිය.
මෙම ආයතනජාලයන් සතර ලොවපුරා විසිරි සිටින තම සාමාජික ආයතන (Member Firms) මගින් බාහිර/අභ්‍යන්තර විගණන කටයුතු, බදු හා ව්‍යාපාර උපදේශන සේවා, ව්‍යාපාර කටයුතු බාහිරකරණ සේවා (Business Process Outsourcing), ව්‍යාපාර අවදානම් කළමනාකරණය ආදී සේවා රැසක් සිදු කරයි.
නමුත් බොහෝදුරට මොවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර කටයුත්ත වන්නේ බාහිර විගණනය (External/Financial Audit) සිදුකිරිමයි.බාහිර විගණනය හෙවත් මුල්‍ය වාර්තා විගණනය මගින් අරමුණු කරන්නේ ව්‍යාපාරයක් විසින් මුල්‍ය වර්ෂයක් අවසානයේ පිලියල කරඇති මුල්‍ය වාර්තා ගිණුම්කරණ ප්‍රමිත හා ව්‍යාපාරයට ආදලවන නිතිරිතින්ට අනුව පිලියල කිරීමක් කර ඇත්දැයි සහ එම වාර්තා මගින් සාධාරණ හා සත්‍ය ඉදිරිපත් කිරීමක් සිදුකර ඇත්දැයි සහ යන්න පිළිබඳව ස්වාධින මතයක් ලබාදීමයි.
ලෝකයේ බොහෝරටවල පවතින නිතියන්ට අනුව විගණන සේවා සපයන ආයතන ස්වාධින හා දේශීය හිමිකාරත්වයක් සහිත ආයතන විය යුතුය. එම නිසා මෙම අන්තර්ජාතික ආයතන ජාලවලට සෘජුව කිසියම් රටක තම විගණන සේවා සැපයිය නොහැකිය.
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ කරන්නේ ඔවුන්ගේ සන්නාම නාමය, ව්‍යාපාර මොඩලයට හා ප්රමිතීන් වලට අනුව කටුයුතු කරන හවුල් ව්‍යාපාර වශයෙන් ලියාපදිංචි වූ ආයතන විසිනි. ඒවායේ හවුල්කරුවන් (Partners) ලෙස කටයුතු කරනුයේ දේශීය වරලත් ගණකාධිකාරී ආයතනයේ පරියචන සහතිකය ලැබූ සාමාජිකයින්ය.
*Deloitte හැරෙන්නට අනෙකුත් ආයතනජාල 3 (KPMG, PwC, E&Y) සඳහාම ශ්‍රී ලංකාවේ තම සන්නාම නාමයෙන් ව්‍යාපාර කටයුතු කරන තම සාමාජික ආයතන (Member Firms) ඇත. නමුත් Deloitte හි මෙරට කටයුතු සිදුකරනුයේ SJMS Associates ආයතනයයි (SJMS Operates As an Independent Correspondent Firm Of Deloitte).
අයියලා 4 දෙනා කෙටියෙන් අඳුරගන්න කැමතිද එහෙනම් යටට යන්නකෝ ඔහොම්ම

- Deloitte Touche Tohmatsu - $32.4bn
- PriceWaterhouseCoopers - $32.1bn
- Ernst & Young - $25.8 bn
- KPMG - $23.4 bn

Last edited:
කෙසේ හෝ දැන් ඇත්තේ දැවැන්තයන් 4 දෙනෙකු විසින් පාලනය කරන කතිපයධිකාරි වෙළෙඳපලකි.