යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ. මම ඉන්නේ ලොකු ප්‍රශ්නෙක. මම මේ දේ නිසා හොදටම මානසිකව වැඩ විදිනවා. මට දැනට වයස අවුරුදු 22යි. මට දැන් මේ දේවල් නිසා මගේ ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නේ. ඕනි දෙයකට ඔට්ටු වෙන්න පුළුවන් වෙන කොල්ලෙක් විදියට හිටිය මට මේ දේ නිසා මාස 10/11 ක ඉදල සියල්ලම එපා වීගෙන එනවා.
දැන් කියන්නම්කො මොකක්ද කියල මේ ප්රශ්නය. මේක මට මානසිකව වදදෙන දෙයක්. මට එක එක දේවල් හිතෙනවා. එකියන්නේ මට මගේ හිතට වැඩ දෙන විවිද දේවල් ඇති වෙනවා. සමහර දේවල් පිලිබදව අප්‍රියතා ඇතිවෙනවා. ඊළගට ඒ දේවල් මගේ හිතට වැඩ දෙන්න ගන්නවා. මට වෙන දේවල් වලින්ම කිහිඔයක් කියන්නම්. සේරම දේවල් කියාගන්න බැහැ පිස්සු වගෙයි.
උදේට ඇදුමක් ඇදගෙන ගිහින් හවසට ගෙදර එනවා. ඒ එන ඇදුම් පැලදුම මාරු කරලා වොෂ් දැම්ම කියන්න. ඔන්න හෙට දවසේ නම් ඊයේ ඇදපු ඇදුම් සොදන්නේ අද මාරු කරපු ඇදුම් සෝදන්න ගෙනියන්න අතින් අල්ලනත් අප්පිරියක් ඇති වෙනවා. මේක මහා පිස්සුවක් වගේ. ඊළගට අප්රියතාවය මාව මරණ කන තරමට මට එපා කරනවා. මගේ ෆෝන් එක, ඒක උනත් දවසක් හරි දවස් භාගයක් හරි කොහේ හරි එලියට ගිහින් ආවට පස්සේ වොෂ් දැම්මට පස්සේ අතින් අල්ලනත් කම්මැලි. එක නිසා එක රෙදි කැබැල්ලකින් හරි මොකකින් හරි පිහදලා පිරිසිදු කරලා ගන්න ඕනි. එහෙම නැතුව බැහැ. මනස අප්‍රිය සහගත සිතුවිලි වැලි පිරිලා හොදටම වදදෙනවා.
ඉස්සර මම ගොඩාක් අය එක්ක හොදට ඇසුරු කරලා විනෝද ගමන් ගිහින් යාළුවොන්ගේ ගෙවල් වල යනවා එනවා. සමාජයේ වැඩවලට යනවා. දැන් ඒ හැමදේකින්ම මාව දුරස් වෙලා මේ අප්‍රියතා නිසා, මට මිනිස්සු පවා අප්පිරියයී. කෙනෙක් එක්ක ලගින් ඉදන් කතා කරන එකට පවා අප්පිරිය හිතෙනවා. ඇයි මෙහෙම වෙන්නේ..? මේක මට හරිම වදයක්. දැන් මම යාලුවෙක් ගෙදරවත් යන්නේ නැහැ. එනවටත් අකමැති වෙලා. මේක මහා පිස්සුවක් වෙලා. මටම හිතෙනවා මේවා මහා විකාර අදහස් මේ දේවල් වලට යටත් වෙලා මහේ ජිවිතේ විකාර කර ගනන් ඕනි නැහැ කියල. එහෙම හිතලා අර කලින් හිතෙන දේවල් නොසලකා හැරලා ජිවත් වෙන්න උත්සාහ ගන්න. එහෙම කරන්න ගියාම හිතෙනවා මට ඒ හිතුනු දේවල් නොකර ඉන්න ට්‍රයි කරපු නිසා මට තව කරදර ගොඩකට මුනුන දෙන්න වේවි, මම ඒ දේවල් නොකලට මට දඩුවම් ලැබේවි වගේ දේවල්. එහෙම හිතලා මාව තවත් ව්‍යාකූල වෙනවා. මාව පිස්සු වට්ටනවා. එහෙම හිතෙන නිසාමද දන්නේ නැහැ මම ඒ දේවල් නොසලකා ඉන්න ට්‍රයි කරපු අවස්ථා වලින් පස්සේ මට තව තව අප්‍රියතා සිදුවීම් වෙලා මව මානසිකව කරදරයට ලක්වෙනවා.
තවත් දෙයක් අපි පාරක යනවා කියල හහිතන්න. ඔහොම යද්දී පාරේ මොකක් හරි ජරා ගොඩක් හෝ යම් ස්වභාවිකවම කෙනෙක්ට අප්‍රිය දෙයක් තැනක තියෙනවා. මම ඒ තැන පහු කරන් යනවා. ඒ දේවල් මගේ අගේ තරවෙන්නේවත් නැහැ. නමුත් එතැන පහු කරන් ටිකක් දුරක ගියාම මගේ හිතට එනවා අර ජරාව මගේ අගේ ගෑවුනාද දන්නේ. අරකයි මේකයි. ඔන්න ඉතින් ජරා ගොඩක් පාගපු මිනිහෙක් වගේ සිතුවිල්ලක් ඇවිත් මාව පිඩනයට පත් කරනවා. කෙනෙක් යුස් කරපු ෆෝන් එකක් හෝ එවන් උපකරන්යක්වත් මට අතට ගන්න හිතට ඉඩ දෙන්නේ නැහැ. අප්‍රිය සිතුවිලි ඇතිවෙනවා හරියට වැසිකිළියක වැටුන 4න් එකක් එවලේම අතට ගන්නවා වගේ. තවත් දෙයක් ඇත සෝදන්න ගියා කියමු එක නිකන් සෝදලා බැහැ. ගෙදරදී නම් හෑන්ඩ් වොෂ් වගේ විෂබීජ නාශකයක් දමලම හෝදන්න ඕනි. එකත් එක වරක් සේදුවම ඒක ඇති කියල භාරගන්න මගේ හිත මට ඉඩ දෙන්නේ නැහැ. තුන් පරාක් විතර එහෙම සෝදන්න වෙනවා.
මගේ ජීවිතෙත් එක්කම මට එපා වෙනවා මෙහෙම වෙද්දී. බොහෝ දේවල් ඔහොම එක පාරක් කරලා ඉවර කරන්න ප්‍රමාණවත් දේවල් මට බොහෝ විට අඩුම තුන් පාරක්වත් කරන්න හිතෙනවා. එහෙම නොකර ඉන්න බැරි විදියට මට මානසිකව පිඩා එනවා. ඇයි මට
මෙහෙම වෙන්නේ. මොකක්ද මේ දේ? නාන්න කරන්න ගියත් පැයක් වත් නාන්න වෙනවා. ඒ වෙලාව වුනත් කොහොම යනවද කියල මටවත් තේරෙන්නේ නැහැ. ගෙදරින් පිට ගිය වෙලාවල් වලට වොෂ් රූම් එකකට යන්නත් එපා වෙනවා. මහා අප්‍රිය සිතිවිලි තමා හිතට එන්නේ. ඒ දේවල් මාව මරනවා වගේ. ගෙදරින් පිට ගිහින් ආවොත් අනිවාම නාන්න ඕනි. නෝනා නිදා ගන්න හිත වැඩ දෙනවා. එහෙම නිදන්න අප්‍රියයි.
රෙදි සෝදලා දමල තියෙන රෙදි වැල ආසන්නයෙන් කෙනක් ගියත් මට ඒ රෙදි නැවත සොදන්නේ නැතිව පරිහරණය කරන්න බැරි සිතුවිලි එනවා. සෝදලා කරන හිදට වේලලා තියෙන ඇදුමක් උනත් බිමක වැටුනොත් මොන විදියට කුණු බිදක්වත් නොගෑවුනා කියලා දැනගත්ත්තත් මට ඒවා අදින්න බැහැ. එහෙම කරන්න එපා කියලා හිත වදදෙනවා. 
දෙයක් කරන්න ගියාම එකත් හරියට කලාද එහෙම කියල අඩුම 3න් පාරක්වත් කන්ෆර්ම් වෙනකම් ආයේ ආයේ කරන්න පෙලබෙනවා. ඇදුමක් සෝදන්න ගියත් එහෙමයි එක පිට 3න් පාරක්වත් සේදුවේ නැතොත් ඒක හරියට වුනේ නෑ කියල අප්‍රිය ගති හිතට එනවා. මම දැන් ගෙදර කාමරයටම කොටු වුන චරිතයක් වගේ වෙලා. මට මේ දේවල් හරිම හිරි හැරයක්. මානසික වදයක්. ඇයි මෙහෙම වෙන්නේ. මොකක්ද මේ මට වෙන ප්‍රශ්නේ..? මොකක්ද මම මේ දේවල් වලින් නිදහස් වෙන්න කරන්න ඕනි දේ..? OCD කියල රෝගී තත්වයක් තියෙනවා කියල අහල කියවල තියෙනවා මේ වගේ ලක්ෂණ තියෙන. මට එහෙම දෙයක්ද? අනේ මේ දේ මාව හොදටම මානසික පිඩනයට ලක් කරලා තියෙන්නේ. මට වෙලාවකට මැරෙන්න තරම් හිතෙනවා. එත් අම්මා, තාත්ත, සහෝදරයෝ... පෙම්වතිය.... මෙයාලාට දුකක් දෙන්න එහෙමත් බැහැ. මේ තත්වය එක පරාරටම කියල කියන්නත් බැහැ මාස 10/11ක ඉදල ක්‍රමයෙන් වර්ධනය වෙලා
ආවද කියලත් තේරෙන්නේ නැහැ. දැන් මාස 4/5ක ඉදලම මේ නිසා මම හොද එකෙන් මානසිකව පිඩා විදිනවා. මේ නිසා මට ජොබ් එකකටවත් යන්න හිත ඉඩ දෙන්නේ නැහැ. අර කලින් කිව්වා දේවල්ම නිසා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට මේ ගැන පහදලා දෙන්න.
glgl
මේකට උත්තර දෙන්න පරක්කුද මන්ද, එහෙත් දැක්කහම උත්තරයක් නොදී යන්නත් බැහැ. මං දැක්ක කව්දෝ කියල තිබ්බ මේක OCD රෝගි තත්වයක් කියල... ඒක හරියටම හරි. කියන්න දෙයක් නැහැ ඕක ඉතාම කරදරකාරී ජීවිතය එපා කරවන මානසික තත්වයක්... ඔයා හැබැයි වාසනාවන්තයි තවම මොකද ඉතාම ළගදියි ඔයාට මේක හැදිල තියෙන්නේ... අනික ඔය ලෙඩේ කොච්චර කරදරකාරී වුණත් ඉතාම පහසුවෙන් සුව කරගන්නත් පුලුවන්... එක්කො ඔයා මනෝවිකිත්සකයෙක් (psychiatrist) ලගට යන්න... රජයේ මහ රෝහල් හැම එකකම ඒ අය ඉන්නවා... ඒ වගේමයි ඕක ඒක සැරෙන් දෙකෙන් හොඳ කරගන්න පුලුවන් මෝහන ප්‍රතිකාරයකින්... ඔය ලෙඩේට මෝහන ප්‍රතිකාරය (hypnosis) මැජික් වගේ වැඩ කරනවා... හැබැයි බොහෝ මනෝචිකිත්සකයන් (psychiatrist) මෝහන ප්‍රතිකාරවලට වඩා බෙහෙත් හා වෙනත් චිකිත්සක ක්‍රමයි කරන්නේ. එහෙත් මෝහන ප්‍රතිකාර කරන මනෝචිකිත්සකයනුත් ඉන්නවා... මනෝ වෛද්‍යවරුන් (psychologist) සාමාන්‍යයෙන් මෝහනය කරනවා... ඒක නිසා මනෝවෛද්‍යවරයෙක් හමු වුණත් ඔයාට ඕකට ප්‍රතිකාර කරයි... හැබැයි උපදේශන (counsellors) ලගට යන්න එපා මොකද ඕකට උපදේශන ප්‍රතිකාරය හරි යන්නෙ නැහැ එච්චර. කවුරු ලගට ගියත් හොද පුද්ගලයෙක් ලගට යන්න මොකද හොරු ඉන්නවා ඔයාගේ සල්ලි වලට විදින ප්‍රතිකාර කරන මුවාවෙන්. සමහර රෝහල්වලම ඉන්න වෛද්‍යවරුන්ම රෝහලට එන රෝගින් තමන්ගේ මනෝප්රතිකාර ක්ලිනික්වලට යොමු කරගන්නවා... ඒක නිසා අවශ්‍ය වුණෝත් වෛද්‍යවරයා වෙනස් කිරීමට වුණත් පැකිලෙන්න එපා. ළගම මහ රෝහලකට යොමු වෙන්න. බලන් ඉද්දිම ඔයාගේ ලෙඩය සුව වෙනවා. ඕක සුව වුණාට පසු ඔයාට සිතෙයි මේ ලෝකය කොච්චර ලස්සනද කියලා... දැනටත් ප්‍රතිකාර ගන්නේ නැතිනම්, හෙටම යන්න. බෝධි පූජා, දේව පූජා වගේ ඒව පස්සෙ යන්න එපා.