ලොකු උදව්වක් බලාපොරොත්තු වෙමි

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ලොකු උදව්වක් බලාපොරොත්තු වෙමි

    ආයුබෝවන්,



    අපේ තාත්තා accident වුනේ මීට මාස 3 ට විතර කලින් එකෙන් වම් කකුල 3 ට කැඩුනා.Brain එකේ blood clot (stroke) එකක් තිබිලත් අයින් කරා. කකුලට තමා ගොඩක් damage වෙලා තිබුනේ. ඒක නිසා කකුලට plated දාලා තියෙන්නේ.Plated අයින් කරන්න තව අවුරුද්දක් විතර යනවා කියල doctorslaa කිව්වා.ඒත් Doctors ලා කිව්වේ මස 3 ට වැඩි නිසා දැන් අවිදින්න පටන් ගන්න කියලා. එහෙම කිව්වට තාත්තාගේ කකුල නමන්න පුලවන් වෙන්නේ අංශක 10 ක් විතරයි දනිස්ස ලගින්.

    පසුගිය දිනක doctor කෙනෙක් channel කරන්න ගියාම කිව්වා, අය admit වෙලා surgery එකක් කරලා කකුල බලෙන් නමන්න ඕනේ කියලා. එහෙම කරා. ඒත් තාත්තගේ කකුල තිබ්බටත් වඩා දැන් නමන්න බෑ. කකුල ඇතුලෙන් දැඩි වේදනාවක් එනවා කියනවා.

    මගේ ප්‍රශ්නේ තමා තාත්තගේ කකුල කොහොමද තිබු තත්වෙට ගන්නේ කියන එක, දනිස්ස ලගින් ගොඩක් තද වෙලා තියෙන්නේ. සිංහල බෙහෙත් කරන්න බෑ. Plated දාල තියෙන නිසා.Physiotherapy කරා ඒත් හරිගියේ නෑ.ඒ වෙලාවේ අංශක 40 ට විතර නැමිලා ආයෙත් කකුල තිබ්බ විදිහටම තියෙනවා.

    ඔයාලා දන්න හොද specialists doctor කෙනෙක් හෝ මේකට කරන්න පුළුවන් විසදුමක් හරි දන්නවන් කියන්න.
    ගොඩක් පින්. තෙරුවන් සරණයි !!!
     
    Last edited: