මචන් ගොඩක් ඉවසීමෙන් වැඩ කරන්න. ඌ නංගිගේ ෆොටෝස් එහෙමත් අරගනද දන්නෙ නෑනේ. මෙතනදි නංගිව බලාගන්න පුලුවන් උඹටම විතරයි. නංගිට කෑගහලා බනින්නේ නැතුව ආදරෙන් දෙන උපදෙසක් දෙන්න. නිතරම නංගිට අගවපං එයා වෙනුවෙන් උඹ ඕනිම දේකට ඉන්නවා කියලා. එතකොට ආයි ඌ වැරැද්දක් කරන්න ආවත් උඹට අනිවාර්යෙන් කියනවනේ. මේක මචං කෙල්ලගේ අනාගතයට බලපාන ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒ නිසා ගොඩක් ප්‍රවේසමෙන් වැඩ කරපං. තරහා ගිහින් ප්‍රශ්න විසදන්න බෑ. ගහන ගේමක් මොලෙන් ගහපං. මට කියන්න බෑ ඌට ගහන්න එපා කියලා. මොකද තුවාලේ තියන මිනිහනේ වේදනාව දන්නේ. නමුත් උඹට ඌට නෙලන්න ඕනි නම් ඒකට හදිස්සි වෙන්න එපා. ඌ කෙල්ලගෙන් වෙන විදිහකට පලි ගන්න උත්සාහ කරයි.
මුලින්ම කෝකටත් නංගිව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න. ආයි ඔය වගේ වැරදි නොවෙන්න කෙල්ලට උපදෙස් දෙන්න. උඹ සහෝදරයා වශයෙන් හොදට නංගි ගැන හොයලා බලන්න. හැමදේම උඹත් එක්ක කියන ගානට උඹ නංගිට විස්වාස වන්ත වෙන්න. එතකොට ආයි වැරැද්දක් වෙන එකක් නෑ. මෙතනදි උඹ ගන්න තීරණය සහෝදරියගේ සම්පූර්ණ අනාගතයට බලපානවා කියන එක හොදට මතක තියාගන්න.