ලොකු වැස්සක් ගැන ජනතාවට දැනුම්දීමක්..⚡⛈️🌧️⚠️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    rain april GIF


    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඉදිරි පැය 36ට අදාළව කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

    එසේම ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.

    දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එහි සඳහන්ව ඇත.

    බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය.

    මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    https://sinhala.adaderana.lk/news/196618
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    පායලා වෙලෙන නිසා ගමනක් ආව දැන් බෝට්ටුවකින් ආයේ යන්න වෙයි වගේ. 🤦

    ලොකුවට හිතන්න දෙයක් නෑ නේ කාලගුණ විද්‍යා එකෙන් නේ කියන්නේ
    ------ Post added on May 14, 2024 at 6:07 PM
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    අපිට වැස්සා හොදටම හවස 4 ඉදලා 5 වෙනකම් ගෙවල් යට වෙන්න ඔන්න මෙන්න තියලා ඉවර උනේ

    තාම වහිනවා
     
    • Wow
    Reactions: NRTG