මගේ ඒ කාලේ තිබ්බා ඩිස්ප්ලේ කැක් වෙච්ච ipod එකක් මන් එකට ebay එකෙන් oem ඩිස්ප්ලේ එකක් ගෙනත් පොඩි කඩේකට දුන්නා දාලා දෙන්න කියලා. මු එක කෑවා.
අයේ තිබ්බා ඒ කාලේ htc වින්ඩෝස් ෆෝන් එකක්. ඒකේ චාජර් කේබල් එකක් නෑ වෙනස්ම පෝට් එකක් තිබ්බේ එකට කේබල් එකක් හොයාගන්න තිබුණෙත් නෑ. ගෙම්බා චාජරෙකින් වැඩ කරේ. පැය 5ක් විතර ගෙම්බා චාජරෙට ගහලා තිබ්බාම විනාඩි 15ක් විතර වැඩ කරා. මං අඩුරණ එකෙක් කිව්වා වෙන ෆෝන් එකක බැටරිය මේ ෆෝන් එකේ විදියට හදන්න දන්නා කෙනෙක් ඉන්නවා ගිහින් දෙන්න කියලා. පොරට ගිහින් දුන්නාට පස්සේ හදපු දෙයකුත් නෑ ෆෝන් එක ඔන් වෙන්නෙත් නැතුව ගියා.
තව තිබ්බ ඒ කාලේ නොකියා 5800 ෆෝන් එකක් ඒකේ මයික් එක වැඩ නැතුව දුන්නා පොඩි කඩේකට හදන්න. මු ටච් පැඩ් එක ගැලෙව්වා විතරයි රිබන් එකත් කඩලා ගියා. සතියක් විතර ගියා අලුතෙන් එකක් ගෙනල්ල දාලා දෙන්න.
මට ඒ කළේ තිබ්බා සුපිරිම ෆෝන් පිස්සුවක්. ෆෝන් ගන්නවා මාරු කරනවා විකුණනවා හැමදේම කරා. ගද්දී මරංචි සෙට් වෙලා හදන්න දුන්නම,දීපු ගොඩක් ඒව දුන්නටත් වැඩිය ලෙඩ වැඩි කරලා දුන්නේ. කොහොමහරි ඔය experince එක්ක දැන් ගත්තත් ගන්නේ ෆෝන් නම් අලුතෙන් ම විතරයි. කැඩුණත් අයින් කරලා දානවා මිසක් හදන්න දෙන්නේ නෑ.
ලැප් උනත් එහෙමයි. මගේ brandnew ගත්ත
acer i7 එකක් තියෙනවා එකේ කීබෝඩ් එකට දෙපාරක් වොරන්ටි ක්ලෙම් කරා. ඒත් හරි ගියේ නෑ. දැන් external කීබෝඩ් එකක් ගහගෙන යුස් කරන්නේ.