ලොතරැයි මාෆියාව

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් ඇදීමට යොමු කරනු ලබන ටිකට් පත් වර්ග දෙකක ජයමල්ල කිසි දිනෙක මෙරට ජනයා අතට පත් වේවිද යන්න මතබේදාත්මක කරැණක් නොවේද...

    ඉතිහාසයේ වැඩිම ජය මල්ල ලෙස තිස් තුන් කෝටියකට අධික මුදලක් දක්වා මෙලෙස ජයග්‍රහණය නොකරවා රැගෙන යනු ලබන්නේ රජයට මුදල් නොමැති කම නිසා නොවේද යන්න සිතිය යුතු නොවේද....

    ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා සහ කෙදිනක හෝ මෙම ජයමල්ල හිමිවන පුද්ගල පාර්ශවය අතර කුමන හෝ සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලිය යුතු බව ටිකට්පත් මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ අදහස බවට කෙමෙක් කෙමෙන් පත්ව තිබේ...

    රැපියල් ලක්ෂ 10 / 15 පමණ ප්‍රමාණයට මෙම ජයමල්ල බෙදා වෙළෙඳපොලට නිකුත් කලහොත් රටේ අහිංසක දුගී ජනතාවගෙන් එක් අයෙකු වෙනුවට කිහිප පොළක් තම එදිනෙදා ජීවිත වල ඇති මහමෙරක් තරමට දරා සිටින නිවසක් ඉදි කිරිම ..නිවසේ ඉතිරි වැඩකටයුතු නිම කරගැනීම ...ණය මුදල් පියවා ගැනීම ....දරැවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කිරිම වැනි ...ප්‍රධාන කරැණු යම් හෝ මට්ටමකින් විසඳා ගන්නේ නොවේද.....

    එය එවැනි අයුරකට හෝ වෙනත් ආකාරයකට මහ ජනතාව අතරට නොයන්නේ නම් දිනෙන් දින ටිකට් පත් මිලදී ගැනීම තුලින් දුගී ජනයා තව තවත් දුගී භාවයට පත වනවා නොවේද.....

    කරැණු එසේ තිබියදී...

    අප විසින් .....මෙම ලොතරැයි පත් මිලදී ගැනීමෙන් වැළකී සිටීම කලයුතුව ඇති බව සිහිපත් කරමි.

    ✍️ Udara Abeywarna

    FB-IMG-1686572235661.jpg
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මුලු රටම කතා වෙලා ඊලග සතියෙ මේ ස්විප් දෙකක් ගත්තා නම් කෝටිපතියෙක් බිහිවෙන්න පුළුවන් 😁
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    මොකක්ද හේතුව?පලවෙනි දිනුම අැදෙන්නෙ නෑ කියපු කථාව හරිනේ.
    කාගෙන්වත් බලකිරීමක් නෑනේ ඕක ගන්න කියල. ඉතින් ඕන කෙනෙකුට නොගෙන ඉන්න පුළුවන් මේ මම වගේ. ගන්න අය ගනියි. ඒ නිසා ඔය වගේ නහයෙන් අඬන රචනා ලියන්න අවශ්‍ය නෑනේ බන්. අරක්කු බාර් වලටත් එහෙමයි. කැසිනෝ වලටත් එහෙමයි.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    oka dinanna thiyena chance eka godak adui. ticket wala print karala thiyenawa 0-99 and A-Z. eth dinum adina bola gode thiyenne bola 50 withara. 10-35, 61-90 saha F-X wage. etakota ithin wenne mokadda kiyala hithanna puluwanne.
    0-60 වෙනකන් විතරයි බෝල තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මම අහලා තියනවා දිනුම් ඇදීම කියලා ටීවී එකේ පෙන්නන්නෙ සතියකට කලින් රෙකෝර්ඩ් කළ එකක් කියලා. කලින් රෙකෝර්ඩ් කරලා ඒ එන අංක නැතුව ටිකට් ප්‍රින්ට් කරලා විකුණුවම වැඩේ සිම්පල්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,611
    113
    මම අහලා තියනවා දිනුම් ඇදීම කියලා ටීවී එකේ පෙන්නන්නෙ සතියකට කලින් රෙකෝර්ඩ් කළ එකක් කියලා. කලින් රෙකෝර්ඩ් කරලා ඒ එන අංක නැතුව ටිකට් ප්‍රින්ට් කරලා විකුණුවම වැඩේ සිම්පල්.

    ඵතනම හොරයක් තියෙනවනේ බං..අපේ උන් වෙන රටවල් වල වගේ LIVE අදිනව පෙන්නන්නේ නෑනේ.රෙකෝර්ඩ් කරපු මඟුල් නේ දාන්නේ.ඕවා ගන්න ඵක නැවැත්තුවනම් උන් ඒක හරි කරනව කොහෙද අපේ මෝඩ රැළ..ලංකාවේ හැමදේටම හොර කරන ඵකේ ඕකට හොරයක් බොරුවක් නොකලොත් ඒක ලෝක පුදුමයක්.

    https://www.youtube.com/live/qscVIseKAYc?feature=share
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඵතනම හොරයක් තියෙනවනේ බං..අපේ උන් වෙන රටවල් වල වගේ LIVE අදිනව පෙන්නන්නේ නෑනේ.රෙකෝර්ඩ් කරපු මඟුල් නේ දාන්නේ.ඕවා ගන්න ඵක නැවැත්තුවනම් උන් ඒක හරි කරනව කොහෙද අපේ මෝඩ රැළ..ලංකාවේ හැමදේටම හොර කරන ඵකේ ඕකට හොරයක් බොරුවක් නොකලොත් ඒක ලෝක පුදුමයක්.

    https://www.youtube.com/live/qscVIseKAYc?feature=share
    මුන් රැවටෙන්නම උපන් ජාතියක්...