ඕවා සේරම කැ# බොරුව. මට හිතෙන්නෙ මෙහෙම. 1 ඉඳලා 60 වෙනකම් numbers තියෙනවනෙ. එතකොට පලවෙනි අංකෙ හම්බෙන්න තියෙන සම්භාවිතාව 1/60. එකයි දෙකයි දෙකම හම්බෙන්න තියෙන සම්භාවිතාව 1/59.... 1, 2, 3, 4, 5 අංක ටිකයි ඉංග්‍රීසි අකුරයි හරියටම අනුපිළිවෙට හම්බෙන්න තියෙන සම්භාවිතාව 1/60 * 1/59 * 1/58 * 1/57 * 1/56 * 1/26 = 1/17039917440
ඒ කියන්නෙ එකම අංක අනුපිලිවෙල තියෙන ටිකට් එක දෙපාරක් print නොවෙයි කියලා හිතනවනම් ටිකට් 17039917440 කින් එකකට තමයි මුල් දිනුම එන්නෙ. ඒකත් ටිකට් එකේ කාණ්ඩ අංකෙට අදාලව දිනුම් අංක පිලිවෙල computerized කරලා තියෙන්නෙ. ඒකෙන් නෙ ඇද්ද ගමන් මෙච්චරක් තෑගි ඇදිලා මේ මේ පලාත් වලින් මිලියනපතියො ඉන්නව කියන්නෙ.
බෝල සහ කාන්දම් ජිල්මාට් එකක් දැම්මෑකි, live දිනුම් අදින්නෑ නම් video retake එකක් දාලා ඕනනම් පුළුවන් ඇදෙන jackpot ඒවත් ඇදෙන්නෙ නැති වෙන්නම හදන්න.
ඉතින් එහෙම බලපුවාම ඕක හෙන බොරුවක් කියලා මටනම් හිතෙන්නෙ. ඔය ටික තේරුන දවසෙ ඉඳලා මමනම් ලොතරැයි ගන්නෙ නෑ. මම හරිද නැද්ද දන්නෙ නෑ ඒත් වැරදියි නම් ටිකට් එකක jackpot ඇදෙන සම්භාවිතාව පෙන්නහන් හරියටම දන්න කෙනෙක්.