ලොම්තයෝ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Monsters Eat GIF
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ඉතිරි සියළු තරග දිනා ලෝක කුසලානය ගේනවා..


    ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි සියළු තරග ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සඳහන් කරයි.

    ඊයේ දිනයේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය පරාජය වීමෙන් පසු මාධ්‍ය හමුවේ ඔහු මේ බව කියා සිටියේය.

    වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන ඉදිරි ජයග්‍රහණය කිරීමට උත්සාහ කරන බව ද පැවසූ ඔහු කලින් තරග දෙකේදීම දස්කම් ද දැක්වූ නමුත් ක‍්‍රිකට් වල ස්වභාවය එය බවත් ඔහු සඳහන් කළේය.

    කණ්ඩායමේ මානසිකත්වය ඉහළ තත්වයක ඇති බවත් එනිසා ඉදිරි තරග ජයග්‍රහණය කර ඊළඟ වත් වටයට යාමට බලාපොරොත්තු වන බවත් ඔහු තවදුරටත් පැවසීය.

    ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය සෙනසුරාදා දිනයේ නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකාව මීළඟ වටයට යාම සඳහා නම් ඉදිරි තරග සියල්ලම ජය ගත යුතුව තිබේ.