ඇහැ පිනවන්න යනවනම් දකුණෙ ප්‍රාන්ත වලට තමා යන්න ඕනෙ. කර්නාටක, තෙලන්ගනා වලත් ලංකාවෙ මිනිස්සු වැඩිය නොයන ලස්සන තැන් තියෙනව. කේරලෙ ලංකාවට සමානයි කියල දැනන් හිටියට ඕක ගියාටම පස්සෙ තේරුනේ. මගෙ යාලුවෙක් එහෙ කන්ට්‍රිසයිඩ් ඉන්නව, ඒ නිසා ටිකක් ඇතුලට ගියා. ඒ ගම් පලාතක පාරක ගිහින් අපිව අත ඇරියොත් මේ ඉන්නෙ ලංකාවෙද කේරලෙද කියල කියන්න බැරි තරම් ආසන්නව සර්ව සමයි.
උඩ ප්‍රාන්ත වල සංස්කෘතිකව සෑහෙන වැදගත් තැන් තියෙනව ඒත් ඒවයෙ යනව නම් අපිලිවෙල අපිරිසිදු බව ගැන ටොලරන්ස් එකක් තියෙන්න ඕන. මටනම් අවුලක් නෑ ඒ නිසා ඕවයෙ ගියා. අපි රටක සංචාරෙ කරන්නෙ හොඳ නරක සමස්ත එක්ස්පීරියන්ස් එක ගන්නනෙ. ජජ්මන්ටල් වුනොත් ආතල් කැඩෙනව.