ලොවෙත් නැති ප්‍රශ්න දෙකක් ඔබෙන් අහන්නම්.
ලොවෙත් නැති ප්‍රශ්න දෙකක් ඔබෙන් අහන්නම්. බැලූ බැල්මට අමාරුයි කියලා හිතෙන්න පුලුවන්. ටිකක් දිග වැඩියි, ඒත් ඉතාම රසවත්.
ප්‍රශ්න අංක 1:
අපි හිතමු ඔබ දන්න ගැහැණියක් ඉන්නවා. ඈ දැන් ගැබ්බරයි. ඈ මීට පෙර දරුවන් අට දෙනෙකු ලොවට බිහිකර තිබෙනවා. ඒ අයගෙන් තිදෙනෙක් බිහිරියි. දෙදෙනෙක් අන්ධයි. තව දරුවෙක් උපතින්ම මානසික රෝගියෙක්. ඒ විතරක් නෙමේ, ඇයට සිෆිලිස් නමැති සමාජ රෝගය වැළඳී තිබෙනවා.
මෙම ප්‍රශ්නයට මා නොවැරදීම පිළිතුරු දෙන්නම්. එහෙත් ඊට පෙර පහත දක්වා ඇති දෙවන ප්‍රශ්නයට සිත යොමුකරන්න.
මේ කරුණු කාරණා සලකා බලන ඔබ කිසිවිටක ඇයට අනුබල දේවිද තවත් දරුවකු මෙලොවට බිහිකරන්නට? සමහරවිට ඇ ගැනත්, නූපන් දරුවා ගැනත් සිතා ඔබ කියාවි නේද ඇය ගබ්සාවක් කළානම් හොඳ බව?
ප්‍රශ්න අංක 2 :
මුලු ලොවටම සරිලන නායකයෙකු තෝරාගැනීමේ හෝරාව දැන් එළැඹ තිබේ. ඒ නායකයා කවුරුන් විය හැකිදැයි තෝරනු ලබන්නේ ඔබ විසිනි. පහත දැක්වෙන්නේ එම තනතුරට නම් කර ඇති පුද්ගලයන් තිදෙනෙකි.
1වැනි අපේක්ෂකයා:
ඉතාම වංක දේශපාලඥයන් ආශ්‍රිතව ගැවසෙන්නාවූ චරිතයකි. ඕනෑම යමක් ඇරඹීමට පෙර දෛවඥයන්ගෙන් ඒ පිළිබඳව අදහස් විමසයි. හෙතෙම අනියම් බිරියන් දෙදෙනෙකු හා සැතපෙයි. නොකඩවා දුම් පානය කරන හෙතෙම දිනකට මාටීනී විස්කි වීදුරු 8ත් 10ත් අතර ප්‍රමානයක් මුවට හලාගනියි.
2වැනි අපේක්ෂකයා:
දෙවතාවක්, ඉතාම නින්දාශීලී අයුරින් මොහුව කාර්යාලයෙන් ඉවතට ඇද දමා ඇත. පශ්චාත් ප්‍රදේශයට හිරු එළිය වැටී පසුවදා මධ්‍යාහ්නය තෙක් නිදාගන්නට හෙතෙම ගජ හපනෙකි. පාසලෙදී අබිං කා හසුවී කිහිප වතාවක්ම දඬුවම් විඳ ඇත. දිනපතා සවසට විස්කි කාලකින් සන්තර්පණය වෙයි.
3වැනි අපේක්ෂකයා:
ඔහු කාගෙනුත් ගරු බුහුමන්, ප්‍රශංසා ලද යුධ විරුවෙකි. මස්මාංශ අනුභවය පිළිකුල් කරයි. ඉඳහිට හෝ පාවිච්චි කරනුයේ බියර් ස්වල්පයක් පමණි. විවාහයෙන් පිට අනියම් ඇසුර තරයේ පිළිකෙව් කරයි.
හොඳයි මින් කවුද ඔබේ මනාපය? කවුද ඔබ තෝරාපත් කරනුයේ? පළමුව තීරණය කරන්න.
අනතුරුව පිළිතුර උදෙසා ලිපිය දිගටම කියවමින් පහළට යන්න.
……………..පහළට යන්න……………………
……………..පහළට යන්න……………………
……………..පහළට යන්න……………………
1වන අපේක්ෂකයා නමින් “ෆ්රෑන්ක්ලීන් ජේ රූස්වෙල්ට්”ය.
2වන අපේක්ෂකයා නමින් “වින්ස්ටන් චර්චිල්”ය.
3වන අපේක්ෂකයා නමින් “ඇඩොල්ෆ් හිට්ලර්”ය.
ආ, එපමණක් නොවේ, අර මුලින් මා ඇසූ ගබ්සා ප්‍රශ්නයට පිළිතුර:
ඔබ ඒ ගබ්සාව කළයුතු යැයි විශ්වාස කළා නොවේද? එය එසේනම්, එම ගබ්සාව අනුමත කරමින් ඔබ මරා දමනු ලැබූවේ ලෝ ප්‍රකටම සංගීතඥයා වූ “බිතෝවන්” බව අමතක නොකරන්න.
(උපුටා ගත්තකි)