ශාන්ගේ..පාපොච්චාරණ විග්රහ...රෝසගේ..විභාග ප්‍රශ්න පත්‍ර විග්‍රහය එහෙම නෙවේ..ඔන්න..
"කට්ටියම මට බැන්නට නම් කමක් නෑ" කමක් තිබුනත් බන් උබ මොනව කරන්නද??
"මම වැරැද්දක් කරා නම් කරේ fire eye යාලුවගේ post දෙක අහන් නැතුව පල කිරීම විතරයි" ආ...ඒකියන්නේ වරදක් කලා කියල පිලිගන්නවා....වරදක් කලානම් කලා කිව්වේ....එහෙනම් මේක විතරක් වෙන්න ඇති..බලමු බලමු ඉස්සරහට...ශාන්ගේ..පාපොච්චාරන විග්ග්‍රහයේ...ඉදිරියේදී...
"ඒ දෙකම මේ වනවිටත් අයින් කරල ඉවරයි." දාල ඉවර වෙලා...අයින් කරපුවහම ඔක්කොම හරිද...එත් ඉතින් කිව්වොත් විතරනේ....
"ඒක පල කරද්දිත් මම ඒක මගේ වගේ නම් පල කරේ නෑ." කොහොමත් එහෙම කරන්න බැහැනෙ..උබගෙ නෙමෙයිනේ......
" මම වැරැද්ද පිලි ගන්න කිසිම වෙලාවක පසුබට වෙන්නේ නෑ" ශුවර්ද???
"fire eye යාලුවා මගෙන් කෙලින්ම page එකේ ඉල්ලීමක් කරා නම් ඒවා අයින් කරන්න කියල මම ඒව අයින් කරනව. " එහෙම හරිද???? ඒ කොල්ලට පෝස්ට් ලියනවට අමතරව පේජ් ගානෙ රිංගල හොරුන්ගෙන් ඉල්ලීම් කරන්නත් ඕනෙ...හනේ...අපොයි...
"මීට කලින් එහෙම අන්තිම පේළිය කියන බ්ලොග් 1න් ගත්තු එකක් මම පළ කිරීම නිසා එයාලා ඒක පළ කිරීමට විරුද්ධ වුනාම මම ඒක අයින් කරා." ආ එහෙනම් මීට කලිනුත් ගේම් දීල තියෙනවා....එහෙනම් කලින් කිව්වෙ.."මම වැරැද්දක් කරා නම් කරේ fire eye යාලුවගේ post දෙක අහන් නැතුව පල කිරීම විතරයි" කියල...ඇයි බන් උබ මෙහෙම කිව්වෙ.." මම වැරැද්ද පිලි ගන්න කිසිම වෙලාවක පසුබට වෙන්නේ නෑ" පේනව..පේනව...
"මොනව වුනත් ඒ දේට සමාවෙන්න." වැරදි වැඩ කරල සමාව ඉල්ලනවට වඩා හොඳයි නේද වැරදි වැඩ නොකර හිටියනම්...අනිත් එක බන් උබ මෙහෙම කීපාරක් සමාව ඉල්ල තියෙනවද...ඒකත් හෙන ජොලි ඇති නේ බන්...
" මොකද මම ඇත්තටම මේ දේ විතරයි අන්තර්ජාලයේදී හිතන්නේ...
I FOLLOW THE WORLDWIDE RULE, ''SHARING IS CARING'' " පේනව පේනව..ඔහොම යං.....
"පලමුවෙනි වතාවට මගේ fb page එකෙන් තමයි ලේ දන් දීමේ ව්‍යාපාරයක් පෙබරවාරි 4 පවත්වන්න සංවිධානය කරේ." ආ..ඒව හොඳ වැඩ..
"වැරැද්දක් වුනාම ඒකට වෙන තැනක බනින් නැතුව අදාල කෙනා ඇවිත් මට කිව්ව නම්, ''මචෝ මේක මගේ. කරුණාකරල අයින් කරන්න කියල'' කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ වෙලාවෙම අයින් කරනව." කිව්වම අයින් කරන්නේ....වැරදි විදියට උස්සන්නෙ නැතිව හිටපන්කෝ..අනේ අම්මප මෙයාට සිංහල තේරෙන්නෙ නැද්ද දන්නෙ නැහ...
"මට බැනපු හැමෝටම ස්තූතියි... බුදු සරණයි !" ඔව් බන් උබල වගේ උන් ඉන්නකන් හොඳ නිර්මාන කරුවන්ටනම් බුදුන්ගෙම සරණයි...
මගෙන් කිසිදෙයක් උබ ඉස්සුවෙ නැතත් මම මේ ගැන කතා කලේ..ඒදේ වරදක් නිසා...වරදක් උනානම් ඒදේ පැහැදිලිව පිළිගෙන...හදාගනින්...උබගෙ ඔය පාපොච්චාරනයෙන් පෙනෙනව..උබ කලිනුත් මේ දේම කරල තියෙනව කියල...එහෙනම් මොන කෙහෙල්මලකටද බන් සමාව ගන්නේ...නිකන් ඩබල්ගෙම් දෙන්නෙපා බන්...![]()
එළකිරියෙනම් අදාල කෙනාට pm එකක් දාන එකනෙ තියෙන්නේ...කියන්නේ නැතිව උස්සල නම දාන එකත් මම හිතන්නේ වැරදියි..මොකද එහි සත්‍ය අයිතිකරුගෙ කැමැත්ත ඔයාට කලින් කියන්න බැහැනේ...අනික credit lable එකක් දැම්මට එම නිර්මාණය රසවිඳින්න අපහසුව්ක් වෙන්නේ නැහැනේ....
හොඳම දේ නිර්මාණවල අයිතිකරුවන්ගෙන්...නිසි අවසරයක් ඇතුව නිර්මාණ පළකරන එක..නිසි යන්නෙහි අරුත දන්නවනේ...ඉස්සුවට පස්සෙ ඇවිත් කිව්වහම අයින් කරන එක නම් නෙමේ ඔන්න...
මේ ලෝකය ස්පෑම් ලෝකයක් තමයි...එහිදී මුල් නිර්මාණයේ..සැබෑ අයිති කරු හොයා ගන්න එක අපහසු තමයි...නමුත් තමුන් උපුටාගත්ත තැන පැහැදිලිව සඳහන් කිරීම තමුන්ගේ යුතුකමක්..
හරියටම හරි සහෝ...
අනික මෙයා කිය විදියට කොතනකවත් Link එක දාලා තිබ්බේ නෑ...
අනික ඉතින් අපි දන්නේ අපි උපුටාගත්ත තැනනේ ඒකට බය වෙන්න ඕනේ නෑ නේ...
අනික මෙයා කිය විදියට කොතනකවත් Link එක දාලා තිබ්බේ නෑ...
අනික ඉතින් අපි දන්නේ අපි උපුටාගත්ත තැනනේ ඒකට බය වෙන්න ඕනේ නෑ නේ...












