ලොව ඉපැරණි ලෝක පුදුම 7

Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
ලොව ඉපැරණි ලෝක පුදුම 7

හෙරඩෝටස් (Herodotus) යන ඉතිහාසඥයා සහ සියරන්හි කැලිමෙකස් (Callimachus) යන ශිෂයත්වලාභියා විසින් මුල්ම පුදුම හතෙහි ලැයිස්තුව ඇලෙක්සැන්ඩියා කෞතුකාගාරයේදී ලියා එලිදක්වන ලදී.

නමුත් එම ලේඛන පිලිබඳ සටහන් හැරෙන්නට වෙනත් කිසිදු සටහනක් වර්තමානයේ දක්නට නොලැබේ. ඵම මුලික සංස්කරණ ලැයිස්තුව සීඩ්න් හි ඇන්ටිපේටර් විසින් ක්‍රි.පූ. 140 දී පමණ කවියට නගා ඇත. පලමු සහ දෙවන සියවස, නැගෙනහිර මධ්‍යධරණී මුහුදු තීරයේ තිබු විශිෂ්ට නිරමාන 7ක් මීට අයත්ව ඇත. ඒවා නම්,

1. ගීසා හි පිරමිඩ (The Pyramids of Giza)
කාලය : ක්‍රි.පූ. 2650-2500 (Giza Necropolis, Egypt)
ඊජිප්තු පාරාවන්ගේ සොහොන් කෝත ලෙස ඉදි කරන ලදී.



2. බැබිලෝනියාවේ එල්ලෙන උයන (Hanging Gardens of Babylon)
ඉදිකල කාලය : ක්‍රි.පූ.600 (Nineveh, Iraq)
මෙය ශ්‍රේෂඨ බැබිලෝනියා රජෙකු වූ දෙවන Nebuchadnezzar (Nebuchadnezzar II) විසින් තම රැජින වෙනුවෙන් ඉදිකෙරුණ නිර්මාණයකි.


3. ඔලිම්පියාහි සීයුස් ප‍්‍රතිමාව (Statue of Zeus at Olympia )
ඉදිකල කාලය : ක්‍රි.පූ.435 (Olympia, Greece)
සියුස් දෙවියන් වෙනුවෙන් ග්‍රීසියේ ඔලිම්පියා කන්දේ ඉදි කරන ලද අඩි 42 (මීටර 13) ක් පමණ උසකින් යුතු වූවයි සැලකෙන හිඳි පිලිමයකි.


4. එපිසස් හි ආටිමස් දේවස්ථානය (Temple of Artemis at Ephesus)
ඉදිකල කාලය : ක්‍රි.පූ.800 (Izmir Province, Turkey)
පුරාණ ග්‍රීක දෙවඟනක වූ ආටිමස් දෙවඟන වෙනුවන් ක්‍රි.පූ 800 දී පමණ ඉදිකරණ ලද්දකි.


5. මොසලෝනස් ගේ සොහොන් කොත (Mausoleum at Halicarnassus)
ඉදිකල කාලය : ක්‍රි.පූ.350 (Bodrum, Turkey)
මොසලෝනස් රජතුමා වෙනුවෙන් බිරිද වූ ආටිමිසියා රැජින ඉදිකරන ලදි.


6. රෝඩ්ස් හි සුවිසල් ප‍්‍රතිමාව (Colossus of Rhodes)
ඉදිකල කාලය : ක්‍රි.පූ.292–280 (Rhodes, Greece)
හිරුට අධිපති ලෙස සැලකූ ,හීලියස් නම් ග්‍රීක ටයිටන් දෙවියන් ගේ යෝධ ප‍්‍රතිමාවයි


7. ඇලෙක්සැන්ඩ්‍රියාහි ප‍්‍රදීපාගාරය ( Lighthouse of Alexandria)
ඉදිකල කාලය : ක්‍රි.පූ.280–247 (Alexandria, Egypt)
ටොලමි රාජ සමයේ ඉදිකල උසින් අඩි 450 පමණ වූ ප්‍රදිපාගාරයකි.


මෙවායින් අද වනවිට ඉතිරිව ඇත්තේ ගීසා හි පිරමීඩ පමණි. Rhodes හි ප්‍රතිමාව, Alexandria හි ප්‍රදීපාගාරය ,Halicarnassus හි සොහොන් ගැබ භූමිකම්පා නිසා විනාශ වූ අතර ඔල්ම්පියාහි Zeus පිලිරුව, Ephesus හි Artemis ගේ දෙවොල ආක්‍රමණ හේතුවෙන් විනාශ විය. බැබිලෝනියාවේ එල්ලෙන උයන පිහිටා තිබූ ස්ථානය මෙන්ම එය විනාශ වූ ආකාරය පිලිබඳ නිෂ්චිත තොරතුරක් සඳහන් වී නොමැත.

උපුටා ගැනීම : http://www.nawalowadenuma.com/2014/09/7.html



 
Last edited: