ලොව දැවැන්තයන් සොයයි

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලොව දැවැන්තයන් සොයයි

    පෘථිවි කක්ෂයේ සිට සැතපුම් 480 ක් ඉහළින් ස්ථානගතකැර ඇති අධි තාක්ෂණික චන්ද්‍රිකාවක් භාවිතා කරමින් මුහුදේ වෙසෙන තල්මසුන්ගේ චර්යාවන් අධ්‍යයනය කිරීමට බ්‍රිතාන්‍යයේ පර්යේෂකයන් කටයුතු කරමින් සිටියි.
    බ්‍රිතාන්‍ය ඇන්ටාර්ටිකා සමික්ෂණ ආයතනය මේ කාර්යයට අතගසා ඇත. ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ අභ්‍යාවකාශ තාක්ෂණය උපයෝගි කර ගනිමින් වර්තමානයේ මුහුදේ කොපමණ ක්ෂිරපායීන් සිටිනවා දැයි සොයාබැලීමයි.
    මෙම චන්ද්‍රිකාව මගින් සාගරයේ ඡායාරූප ගෙන අධිතාක්ෂණික මෘදුකාංගයක් භාවිතා කරමින් සාගරයේ සිටින තල්මසුන් හඳුනා ගනී. පර්යේෂකයන් පවසන්නේ මෙම ක්‍රමය මගින් මුහුදු ක්ෂීරපායීන් ගණනය කරන අතර ම තර්ජනයට ලක්ව ඇති මේ සත්ත්වයන් ආරක්ෂා කිරීමේ කාර්යය ද සිදුකළ හැකිබවයි.
    දැනටමත් මේ ක්‍රමයෙන් ආර්ජන්ටිනාවේ ගොල්ෆෝ නියුවෝ සාගර ප්‍රදේශයේ සිටින තල්මසුන් ප්‍රමාණය සාර්ථකව ගණනය කැර තිබේ. පර්යේෂකයන් පවසන්නේ ඉදිරියේ දි මෙම ක%මය ලෝකය පුරාම ව්‍යාප්ත කිරීමෙන් පෘථිවි සාගරයේ සිටින තල්මසුන් සංගණනයක් කළ හැකි බවයි.
    මෙම පර්යේෂන කණ්ඩායමේ ප්‍රධානි පිටර් ෆ්‍රිට්වෙල් පවසන්නේ තල්මසුන් ගහනය කොපමණ සිටිදැයි සාම්ප්‍රදායික ක්‍රමයෙන්ද තක්සේරු කිරීම ඉතාමත් අසීරු බවයි. එමෙන්ම එසේ ගණනය කිරීම වියදම් අධික සහ නිවැරදි නොවන බවද ෆ්‍රිට්වෙල්ගේ මතයයි. ලොව සිටින තල්මසුන් ප්‍රමාණය මෙතෙක් නිවැරදිව නොදීන. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ තල්මසුන් පැටවුන් මියයාම ඉහළ ගොස් තිබෙන බවයි. බ්‍රිතාන්‍යයේ ග්‍රීන්පීස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ විලී මැකෙන්සි මෙම නව තාක්ෂණික ක්‍රමයට සුබ පතමින් පවසන්නේ තල්මසුන් ගණනය කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාප්තිය ගැන සොයාබැලීමෙන් මුහුදු ක්ෂිරපායීන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත මෙන්ම ඔවුන්ට දැනට ඇති තර්ජන වලටද මෙ මගින් පිළිතුරු සොයා ගත හැකි බවයි. දේශගුණික විපර්යාස, සාගරයේ ආම්ලිකබව වැඩිවීම සහ සාගර දූෂණය මෙන්ම විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රම හේතුවෙන් මෙම ක්ෂිරපායින් ගේ පැවැත්මට තර්ජන එල්ල වී තිබේ."


    හොදයි වටී කියල හිතෙනවනම් බම්ප් එකකවත් දීලා යන්න අනිත් අයටත් බලන්න....:):):):):)

    500-11.jpg


    උපුටා ගැනීමකි
    http://www.lankadeepa.lk/index.php/articles/213082
     
    • Like
    Reactions: Ereshaz77