ලොව දිගම ගුහාව - World’s Longest Cave Road Trip

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    අපේ-Road-Trip-එක ලොව දිගම ගුහාව - World’s Longest Cave Road Trip

    [FONT=&quot]හොඳනම් Bump එකක් දාල යන්න අනික් යාළුවන්ටත් බලන්න. සිංහලෙන් එකපාර Type කරන්න අමාරු නිසා Update වෙමින් පවතියි....

    න්න අපි කිව්වත් වගේම ගියා ලෝකේ දිගම ගුහාව බලන්න. ඒ කියන්නේ Mammoth Cave එකට ගියා පොඩි Road Trip එකක්. Mammoth Cave තියෙන්නේ USA - Kentucky වල ටිකක් පහල පැත්තට ලංවෙන්න. [/FONT]



    Address එක වෙන්නේ 1 Mammoth Cave Pkwy, Mammoth Cave, KY 42259. Mammoth Cave දිගින් 651.8 km (405.0 mi) විතර වෙනවා තව විශේෂයක් වෙන්නේ මේක තව දුරටත් හාරාගෙන යනවා. ඒ කියන්නේ තව දිග වැඩිවෙන්න පුළුවන්. මේක හොයාගෙන තියෙන්නේ 1791 වසරේ. Park Ranger නම් රසවත් කතා ගොඩක් කිව්වා. ඔක්කොම නම් ලියන්න මතක නැහැ. ඒක හින්ද වැදගත්ම ටික කියන්නම්.


    මේක National park එකක් කරලා තියෙන්නේ July 1, 1941සිට තමයි. මෙහි වටිනාකම නිසා October 27, 1981 දී World Heritage Site එකක් කියල නම් කරලා තියනවා මෙය September 26, 1990 දී international Biosphere Reserve එකක් ලෙස නම් කර තියනවා. Mammoth Cave එක හැදිලා තියෙන්නේ Sink Hole එකකින් Limestone හා sandstone එකතු වෙලා.


    කොහොම හරි අපි ගමන පටන් ගත්තේ Ohio ඉඳලා ඒ කියන්නෙ Kentucky වල අල්ලපු State එක. අපේ ගමනේ මුළු දුර 800KM වගේ තමයි. Camera වෙනුයි Phone එකෙනුයි ගත්ත Photo mix වට තියන හින්දා Photo quality පොඩ්ඩක් වෙනස්.


    මේක තමයි අපිව කරදරයක් නැතිව අපිව ගමන ගෙනිච්ච Car පොඩ්ඩ..

    1798532_733371186680650_817854921_n.jpg


    අපි යන්න පටන් ගන්න ලෑස්ති උනේ 5am වලට විතර. හැබැයි සුපුරුදු පරිදි 7am විතර වුනා යන්න පටන් ගන්න කොට.

    1798493_733371180013984_2118647815_n.jpg


    මේක තමයි Ohio - Kentucky Bridge එක. Ohio River එක උඩින් තමි මේ යන්නේ.

    1557691_733371193347316_979097526_n.jpg


    Highway Speed එක තිබ්බේ 70Mph ඒ කියන්නේ 112-113 Kmph

    1798141_733371206680648_1837753833_n.jpg


    හොඳ වෙලාවට පාරේ Traffic නැහැ.

    1901900_733371216680647_745379410_n.jpg


    ඔන්න ඔහොම ටික දුරක් යනකොට මෙන්න එනවා මීදුමක්. ඉස්සරහ යන වාහනත් පෙන්නේ නැති ගානට.

    1555368_733371230013979_340437915_n.jpg


    කොහොමහරි මීදුම අස්සෙන් යනකොට එනවා වංගුවක්.


    1795775_733371350013967_1884269318_n.jpg


    දැන් ටිකක් ගම්බද පැත්තක් වගේ පැත්තකට ඇවිල්ල තියෙන්නේ. Farms එහෙමත් තියනවා.


    1507811_733372203347215_57321219_n.jpg


    200 KM වගේ අවට පස්සේ ඔන්න ඇති යන්තම් Welcome Center එකක් ලඟට ආව. එතන Toilet තියනවා Free උනාට හොඳට Clean එකට තියනවා, Vending machines තියනවා බඩගිනි අයට සල්ලි දාල කෑම බීම ගන්න, තව Travel Guides & Maps එහෙමත් තියනවා. ඔතන ඉඳන් තමයි අපි Breakfast ගත්තේ. අපිනම් ගෙදරින් හදාගෙන ගියා. ටිකක් වෙලා ඉඳල ආපහු ගමන යන්න පිටත් උනා.

    1656388_733372223347213_40225598_n.jpg


    දැන්නම් ටිකක් විතර ලඟයි. හැබැයි බලන්න මේ පැත්ත තවම ගැමි විදියටයි තියෙන්නේ

    1907979_733372346680534_1075545824_n.jpg


    ඒ අස්සේ නුවර පාර අයිනේ වගේ පොඩි පොඩි sale කඩත් තියනවා.


    1653338_733372350013867_1483195964_n.jpg


    ඔන්න අපි Park එකට යන පාරට ඇතුල් වෙලා තියෙන්නේ. Miles 9 යක් වගේ තියනවා ඇතුලට Highway Exit එකේ ඉඳන්

    1902014_733372400013862_1137286841_n.jpg


    ඔන්න අව Entrance එකට.

    1779251_733372473347188_1986829799_n.jpg


    මේ තියෙන්නේ Cottages. රෑ park එකේ නවතින අයට.

    1555292_733372486680520_1554938161_n.jpg


    ඔන්න අපිත් බැහැල යනවා Ticket ගන්න. කොහොම හරි ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් මෙතෙන්ට එන්නම ගිය පැය 4 කට වඩා.


    1656124_733372483347187_860345057_n.jpg


    Entrance එක ළඟ තියන පොඩි විස්තර කුටිය.

    1901255_733372506680518_12194206_n.jpg


    අපිට එන්න හිතන් හිටපු වෙලාවට වැඩ පොඩ්ඩක් වැඩියෙන් වෙලා ගිය නිසා අපේ Tour එක පටන් ගන්න ළඟ වෙලා තිබ්බේ. ඒක හින්ද කලබලේට Office එක ඇතුලේ pics ගන්න බැරි උනා.

    ඔය නිල පාටට Highlight කරලා තියෙන්නේ අපි ගිය Toursටික. New Entrance Tour එකෙන්ම Frozen Niagara cover වෙනවා. ඔන්න වැඩි විස්තර ඕනේ අයට
    http://www.nps.gov/maca/planyourvisit/winter-schedule.htm

    Cave Activity Tour Times
    Mammoth Passage Tour 10:00, 2:30
    Frozen Niagara Tour 9:00, 12:00, 3:00
    Historic Tour (9:15 Nov. 29 & 30), 10:30, (12:00 Nov. 29 & 30), 12:30, 2:00, (2:30 Nov. 29 & 30)
    New Entrance Tour
    9:30, (10:30 Nov. 29 & 30), 11:30, 1:30 , (2:30 Nov. 29 & 30) Wild Cave Tour 9:00 (Nov. 29, 30 & Dec. 1) & (Dec. 21, 22, 28, 29)

    Ticket වලට ගිය price

    Cave Tour Fees Cave Tour Adults Youth* Senior**

    Historic Tour $12.00 $8.00 $6.00
    New Entrance Tour $12.00 $8.00 $6.00

    http://www.nps.gov/maca/planyourvisit/feesandreservations.htm

    ටිකට් අරගෙන අපි දුවගෙන අවේ මෙන්න මේ BUS එක ගාවට. මේකේ තමයි Cave Entrance එකට අපිව ගෙනියන්නේ. මුලින්ම අපි යන්නේ New Entrance Tour එක

    1654089_733372520013850_1354993487_n.jpg

    හොඳනම් Bump එකක් දාල යන්න අනික් යාළුවන්ටත් බලන්න. සිංහලෙන් එකපාර Type කරන්න අමාරු නිසා Update වෙමින් පවතියි....

    :)Part 2 : Page 1 post 6:)

    :)Part 3 : Page 2 post 2:)
    :)Part 4 : Page 4 Post 5:)
    :)Part 5 : Page 6 Post 10 :)
     
    Last edited:

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Part II

    [FONT=&quot]හොඳනම් Bump එකක් දාල යන්න අනික් යාළුවන්ටත් බලන්න.
    Update වෙමින් පවතියි....

    [/FONT]
    New Entrance tour එක පැය 2 කක් තරම් දිගයි.

    ඔන්න Bus එකට නගින්න කලින් අපේ Park Ranger උපදෙස් මාලාවක් ම දෙනවා.

    1897868_733408160010286_849738383_n.jpg


    එක Tour එකකට Rangers ල දෙන්නෙක් ඉන්නවා. Tour ග්‍රොඋප් එක ඉස්සරහින් එක්කෙනයි පස්සෙන් එක්කෙනයි. මොකද Cave එක ඇතුලේ light දාන්නයි නිමන්නයි. පිටිපස්සෙන් මුළු Group එකම දක්කන් එන්නයි.

    ඔන්න අපේ bus එක ඇතුලේ. මේ tour එකට Bus 2 කක ගියා.


    1896866_733408420010260_2087036785_n.jpg

    මෙයා නම් යනකම් එනකම් ම රස කතා කිව්වා Cave එක ගැන. Record කරගන්න බැරි වෙච්ච එක දුකයි.

    1043938_733408430010259_1238358204_n.jpg


    ඔන්න අපි Bus එකෙන් බැහැල ඇවිදගෙන යනවා Entrance එක ගාවට.

    1800412_733408443343591_1001364975_n.jpg


    මෙයා උපදෙස් දෙනවා Cave එක ඇතුලේ හැසිරෙන විදිය ගැන. Cave Formations ඒ කිව්වේ බිත්ති වල හැදිලා තියන අර හුණුගල් උල් වගේ ඒවා අල්ලන්න එපා කියල. මොකද ඒවා ඇල්ලුවම අපේ අතේ තියන කුණු ගෑවිලා ඒවගේ වර්ධනය නැති වෙනවලු.

    1622011_733408470010255_348531195_n.jpg


    ඔය පේන පඩි පෙලින් බැහැල තමයි යන්න තියෙන්නේ.

    1604691_733408586676910_890744444_n.jpg


    ඔය තියෙන්නේ පොඩි Toilet එකක් වගේ දොරක් ඔතන තමයි Entrance එක. ඉතින් ඕක ඔහොම සිමෙන්තියෙන් හදන්න එල තියෙන්නේ ඕකේ ලී වලින් තිබ්බ මුල් දොරටුව දිරල ගිහින් තියන නිසාලු.

    1901124_733408600010242_1983422982_n.jpg


    ඔය අපි ඉන්න තැන තමි Sink Hole එක. කියපු විදියට නම් වැහි වතුර ඔතනින් leak වෙලා පොලව ඇතුලට ගිහින් තමයි ඔය cave එක හැදිලා තියෙන්නේ.

    1904187_733408643343571_295777758_n.jpg


    ඔන්න ඇතුල් වෙන්න කලින්මයි කියන්නේ අපි පොලව යටට 250 feet විතර යනවා පඩි 500 ක් විතර තියනවා. ඔන්න ඇතුලට යන්න කලින් ගත්ත පින්තුරේ Sink Hole එකේ ඉඳන්.

    1002215_733408653343570_572643752_n.jpg


    [FONT=&quot]හොඳනම් Bump එකක් දාල යන්න අනික් යාළුවන්ටත් බලන්න.

    Update වෙමින් පවතියි...
    .

    [/FONT]

    :)Part 3 : Page 2 post 2:)
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Part III

    [FONT=&quot]හොඳනම් Bump එකක් දාල යන්න අනික් යාළුවන්ටත් බලන්න. Update වෙමින් පවතියි....[/FONT]


    දැන් බලමු ඇයිමේකට New Entrance කියන්නේ කියල?



    1920 දී George Morrison කියල පුද්ගලයෙක් cave එක ගැන වැඩි විස්තර හොයන්න හිතල මේකට ඇතුල් වෙන්න අලුත් දොරටුවක් හොයල තියනවා. ඔහොම හොයද්දි තමයි sink hole එකේ තැන හම්බවෙලා තියෙන්නේ. එතන dynamite දල පුපුරෝල තමයි “the New Entrance to the Cave” කියල ඔය දොරටුව හදාගෙන තියෙන්නේ. ඔය දොරටුව කෙලින්ම Mammoth Cave එකට සම්බන්දයි. එදා ඉඳන් ඕක New Entrance කියල තමි හඳුන්වල තියෙන්නේ. Mammoth Cave එකට entrances 25 ක් තියනවා දනට 15 ක් natural සහ ඉතිරි 10 man made.
    Entrance එකේ පළල අගල් 15යි.


    1794542_733438363340599_212874021_n.jpg



    අමාරුවෙන් රිංගල තමයි ඇතුලට යන්න තියෙන්නේ. ගොඩක් මහතා අයට නම් යන්න බැහැ.



    ඔන්න ඇතුලට අවට පස්සේ නම් පර ටිකක් හොන්දවුනා ඉතිරි පඩි පේලිය එනකන්.

    [FONT=&quot]මේක නම් Google පින්තුරයක්
    [/FONT]
    1604944_733438366673932_1371391005_n.jpg




    ඇතුලට යනකොට බිත්ති එහෙම මෙන්න මේ වගේ. (Pics කලුයි එලිය නැති නිසා)




    149343_733438370007265_1318018819_n.jpg



    විනාඩි 20 ක් විතර අමාරුවෙන් පඩි බැහැගෙන ගිහින් තමයි නවතින්න තැනක් අවේ. බහින්න අමාරු පඩි ගොඩක් Steap.




    1558389_733438406673928_851652699_n.jpg



    ඉස්සරම පඩි හදන්න කලින් මිනිස්සු බඩගාගෙන කොහොම ගියද කියල හිතාගන්නවත බැහැ. කොහොම හරි අපේ Ranger කිව්වා ඔය එක පඩියක් හදන්න $3000 ක් ගිහින් තියනවා කියලා. එකියන්නේ කලින් තිබ්බ ලී පඩි දිරුවට පස්සේ දැන් තියන stainless steel with mesh treads පඩි පෙළ හදන්න.



    ඔන්න දැන් අපි හදන්නේ Total blackness and total silence experience එක ඇත විදින්න. ඔක්කොටම නිශ්ශබ්දව ඉන්න , ළඟ ඉන්න එක්කෙනාව අල්ලන් ඉන්න කියල Ranger තිබිච්ච light ඔක්කොම off කරා තප්පර 30 කට වගේ. විස්තර කරන්න බැහැ අමුතුම අත්දැකීමක්.



    1517468_733438400007262_769474315_n.jpg



    මෙන්න තව Cave එක ඇතුලේ පින්තුර ටිකක්.



    1723330_733438536673915_1688305977_n.jpg



    1800258_733438533340582_75289882_n.jpg



    ඔන්න මේ තියෙන්නේ Cave Graffiti ඒ කියන්නේ මුල් කලේ කට්ටිය cave එකට අවේ බඩ ගා ගෙන පස් හාරාගෙන නේ ඉතින් ඒගොල්ලෝ තමන්ට යන්න හැකි වුන Max දුර ගිහිල්ල තමන්ගේ නම ලියනවා සිවිලිමේ.


    3558_733438523340583_479420616_n.jpg



    මේවගේ විශේෂත්වය තමයි මේවා ලියල තියෙන්නේ ඉටිපන්දම් දැල්ලෙන් තිතෙන් තිත තියල.


    1546323_733438576673911_583036002_n.jpg



    හැබැයිඔය සුදු පාටට පෙනෙන කුරුටු වගේ එව්වා Vandalism කියල කියන්නේ. ඒ කියන්නේ පහු කාල වල cave එකට අපු කොල්ලෝ කුරුට්ටෝ අත පය තියන් ඉන්න බැරිව ලියපු එව්වා.


    995803_733438563340579_2010527299_n.jpg



    ඔන්න ඇති යන්තම් අපි ඉවර වෙන හරියට යන්නේ. දැන් ඔය යන්නේ Frozen Niagara බලන්න.
    1896905_733438676673901_837704514_n.jpg


    [FONT=&quot]දැන්නම් මහන්සියි ඉතිරිය පස්සේ බලමු. Rep දුන් අයට ස්තුතියි
    [/FONT]


    [FONT=&quot]හොඳනම් Bump එකක් දාල යන්න අනික් යාළුවන්ටත් බලන්න.
    [/FONT]

    [FONT=&quot]Update වෙමින් පවතියි....

    [/FONT]
    :)Part 4 : Page 4 Post 5:)
     
    Last edited: